ශාන්තිනී අපි දෙවියන් ඇති තැනකට යං!!!!
මීට ටික කාලෙකට ඉස්සෙල්ලා දකුණෙ තරුණයෙක් උතුරට යනවා එක්තරා පුහුණුවකට. මතකයේ හැටියට ගුරු පුහුණු වැඩසටහනක්. මොහු නව යොවුන් වියේ තරුණයෙක්. ඔහු ඇතුලු පිරිසට නවාතැන් දීලා සංග්‍රහ කරන්නෙ ප්‍රදේශයෙ ඉන්න දෙමල පවුලක්. මේ පවුලෙ ඉන්න යොවුන් දියණිය තමයි ශාන්තිනී. කොහොමින් කොහොමින් හරි මේ දමිල තරැණියත් සිංහල තරුණයත් අතරෙ දෙදෙනාටම හොරා ප්‍රේමයක් මෝදු වෙනවා. ඒත් යන එන මගතොටදි හමුවෙලා දෑසින් කතා බහ කරනවා මිසක් දෙන්නටම අනිකාගෙ බාසාව බැහැ. කොහොම වුනත් ආදරයට කිසිදෙයක් බධාවක් නෙමෙයි.
අවසානයෙදි හැම පෙම්කතාවකම වගේ මේ තරුණයටත් ආපසු ගම්රටවල් බලා එන්න සිදුවෙනවා. ශාන්තිනීගෙන් සමුගන්න මොහොත හරිම හැඟුම්බරයි. හැකි ඉක්මනින් දෙමාපිය ආශිර්වාදයෙන් ඇයව තමන් සතු කරගන්න බලාපොරොත්තුවෙන් තරුණයා ඇයව හැරදමා එනවා.

ඒත් අවාසනාවකට වගේ තරුණයගේ ආපසු ගමන ප්‍රමාද වෙන අතරේ උතුරේ වාර්ගික අර්බුධය ක්‍රමයෙන් ඇවිලෙනවා. අවසානයේ කෙසේ හෝ තරුණිය සොයා යන තරුණයාට දැනගන්න ලැබෙන්නෙ ශාන්තිනි සිටි නිවස පවා නොමැති බව. තමන්ගෙ හැඟිම අවසානයෙදී ගීතයක් බවට පෙරලපු ඒ තරුණයා වෙන කිසිවෙකු නොව දයාබර රත්න ශ්‍රී විජේසිංහයන්.
මේ ඔවුනගේ කතාවයි....
ශාන්තිනී තෙමා වැටී නලල කුංකුමම්
කුංකුමම් තෙමා අහසේ හඬන චන්දිරම්
පාන් පැලට ගිනි ඇවිලී අන්න නගින දුම්
ශාන්තිනි අපි දෙවියන් නැති තැනකට යං....
කඳුලු උඩට තිරුවංගල් එලිය වැටීමෙන්
නුඹේ මුහුණ කියාගන්න බැරි කවියකි දැන්
නිවී සැලෙන ඔය දෑසේ වලලු ඔය තරම්
බරද කියාපන් කෙල්ලේ බරද කියාපන්......
සියල් සිරිත් දෑ කුලගොත් ඔබ ආපසු ගන්න
මහත්වරුනි ශාන්තිනි විතරක් මට දෙන්න
තිරුක්කුරල් පොත අරින්න දෑස පියාගන්න
මහත්වරුනි මා නෙලු මල මට සිඹින්න දෙන්න
ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
ගේයපද - රත්න ශ්‍රී විජේසිංහ
සංගීතය - ගුණදාස කපුගේ
ගීතය මෙතනින් අහන්න.
http://www.maduragee.com/listenmp3.php?id=1066
මේ ලින්ක් එකෙන් බාගන්න පුලුවන්
http://www.mediafire.com/?j1cqqcmprk6aw5a
No comments:
Post a Comment