Sri Lanka

Friday, November 4, 2022

Route No 375 - අවසන් බස් රථය


 

මේ භයානක මෙන්ම අද්භූත සිදුවීම සිදු වූයේ 1995 නොවැම්බර් 14 වන දින චීනයේ බීජිං හි අන්ධකාරයෙන් පිරුණු රාත්රියකය. එක්තරා මහලු කාන්තාවක් මධ්යම රාත්රියේ බස් නැවතුම්පොළක රැඳී සිටි අතර, නැවතුමේ රැදී සිටි එකම සහෝදර මගියා වූ නිහඩව පාර දෙස බලා සිටි තරුණ මහත්මයෙකු සමඟ සංවාදයක් ආරම්භ කළාය. මධ්යම රාත්රිෙයේ 375 බස් රථය නොහොත් යුවාන්-මිං-හුආන් බස් පර්යන්තයේ සිට මාර්ග අංක 375 ඔස්සේ ෂියැං-ෂාන් සඳහා වූ අවසාන බස් රථය පැමිණි විට, ඔවුන් දෙදෙනාම එයට ගොඩ වූහ. මහලු කාන්තාව බසයේ ඉදිරිපස අසුනක වාඩි වූ අතර තරුණයා ඇයට පේළි කිහිපයක් පිටුපසින් වාඩි විය. රියදුරු සහ කොන්දොස්තර වරිය හැර ඔවුන් සමඟ වෙනත් මගියෙක් සිටියේ නැත.

අන්ධකාරයේ පාලු හුදකලා මාර්ගය ඔස්සේ බස්රථය කදුකරය වෙත කෙමෙන් ඇදෙන්නට විය. මෙසේ ටික දුරක් ගමන් කරන විට අන්ධකාරයේම හිදිමින් බස් රථය දෙසට අත වනමින් පාර අයිනේ සිටින ඡායාවන් දෙකක් රියදුරා දුටුවේය. මේ පුද්ගලයන් දෙදෙනා පිළිබදව රියදුරාගේ සිතේ තදින්ම සැක පහළ වූ නිසා ඔහු බස් රථය නොනවත්වාම ධාවනය කළේය. නමුත් රියදුරා අසළට පැමිණි කොන්දොස්තර වරිය රියදුරාට තදින්ම කියා සිටියේ මෙය මේ මාර්ගය ඔස්සේ දිව යන අන්තිම බස් රථය නිසා වහාම ආපසු ගොස් එම පිරිස නංවා ගත යුතු බවය. පසුව ආපසු ගොස් රියදුරා බස් රථය නතර කර දොර විවෘත කරන විට තිදෙනෙකු ගොඩවිය. ඔවුන් අතර සිටි තුන්වන මිනිසෙකුට සහය වෙමින් සිටි මිනිසුන් දෙදෙනෙක් ඔහුව උරහිස්වලින් අල්ලාගෙන බස් රථයට ගොඩ විය. මැදිවියේ සිටි තුන්වැනි පුද්ගලයා අවුල් වී ගිය හිස නමා බලා සිටි නිසා කිසිවකුට ඔහුගේ මුහුණ නොපෙනී ගිය අතර අනෙක් දෙදෙනාගේද හිසෙන් පහළට දමා තිබූ රෙදි කෑලි නිසා මුහුණු පැහැදිලිව නොපෙනුනි. මේ මොහොතේ බසය තුළ තිබුණේ නොසන්සුන්කාරී මුත් නිහඩ මෙන්ම මූසල ගතියකින් පිරුණු වාතාවරණයකි.

මහලු කාන්තාව මේ තිදෙනා දෙස නිහඩව බලා සිටි අතර ඇයගේ සිතෙහි මොවුන් පිළිබදව හටගත්තේ මහත් සැකයකි. ඔවුන්ගේ මේ අමුතු හැසිරීම ඇයව නොසන්සුන්තාවයට පත් කළේය. ඉන් ටික වේලාවකට පසු, මහලු කාන්තාව ඇයගේ මුදල් පසුම්බිය සොරකම් කලා යැයි චෝදනා කරමින් තරුණයා සමඟ රණ්ඩුවක් ආරම්භ කළාය. ඇය රියැදුරාට පැවසුවේ වහාම බස් රථය ළගම ඇති පොළිසියට රැගෙන යායුතු බවය. නමුත් රියැදුරා පැවසුවේ අතරමග පොළීසියක් නොමැති බවත් පොළීසියකට යාමට ගමනාන්තයටම යායුතු බවය. බහින්බස්‌වීම දුරදිග ගොස් මේ කාන්තාව පැවසුවේ තමන් දන්නා පොළිසියක් ඇති බවත් එහි යෑමට තරුණයා හා තමාව වහාම බස් රථයෙන් බැස්සවිය යුතු බවත්ය. බස්‌ රථයේ රියැදුරු ඔවුන් දෙදෙනාව අතර මග බස්සවා යන්නට ගියේය.

බසයෙන් බැසගත් විගසම මහලු කාන්තාව තරුණයාගේ අතින් අල්ලා ගිනිමින් පැවසුවේ දෙවියන්ගේ නාමයෙන් මම ඔබව බේරාගත්තා යනුවෙනි. ඇය එසේ පැවසුවේ මන්දැයි තරුණයා ඇසූ විට ඇය පැවසුවේ අලුතෙන් බස් රථයට ගොඩවූ මගීන් තිදෙනාට පාද නොතිබූ බවත් ඔවුන් බස් රථයට ගොඩවූයේ පාවෙමින් බව තමන් දුටු නිසා ඔවුන් ජීවමාන මිනිසුන් නොවන බව තමන්ට වැටහුනු බවය.

ඉන් පසු ඔවුන් මෙම සිදුවීම වාර්තා කිරීමට ළඟම ඇති පොලිස් ස්ථානයට ගිය නමුත් කිසිවෙක් ඔවුන් විශ්වාස කළේ නැත. ඔවුන් මානසික රෝගීන් යැයි පවසා පොලීසියෙන් එළියට දැමීය. නමුත් පසුදිනම බස් සමාගම ප්ර කාශයක් නිකුත් කළේය, "ඊයේ රාත්රි යේ, මාර්ග අංක 375 සඳහා වූ අවසන් බස් රථය රියදුරු සහ කොන්දොස්තර වරිය සමඟ අතුරුදහන් වී ඇත."
පොලිසිය එසැණින් තමන් මානසික රෝගින් යැයි පවසා එලවා ගත් එම මහළු කාන්තාව සහ තරුණයා සොයා ගිය අතර ඔවුන් දෙදෙනාම ප්රාවෘත්තිවල සම්මුඛ සාකච්ඡා කළහ.

තුන්වන දින, එහි ගමනාන්තය වන ෂියැං-ෂාන් සහ කඳුකරය අතර මග ප්රදේශයේ සිට කිලෝමීටර් 100 ක් පමණ දුරින් පිහිටි ජලාශයක අතුරුදහන් වූ බව කියන බස් රථය පොලිසිය විසින් සොයාගන්නා ලදී. බසය තුළ ඉතා නරක ලෙස නරක් වූ මළ සිරුරු තුනක් තිබී ඇති අතර, රියදුරා සහ කොන්දොස්තර වරියගේ මළ සිරුරු හමුවී නොමැත.

මෙම සොයා ගැනීම වටා ඇති අභිරහස් අතර:

- මුළු දවසම සිදුකල ගමන්වාර වලින් පසු එතරම් දුරක් යාමට බසයේ ප්රමමාණවත් ඉන්ධන තිබුණේ නැත.

- ඉන්ධන ටැංකියේ ඉන්ධන වෙනුවට වෙනුවට නැවුම් ලේ පුරවා ඇති බව පොලිසිය සොයා ගනී!

- සොයාගත් මළ සිරුරු පැය 48 කට වඩා දිරාපත් වී ඇත; එය ගිම්හානය වුවද දිරාපත්වීමේ ක්රියාවලිය මෙතරම් ඉක්මන් නොවනු ඇත. මළ සිරුරුවල අභ්යපන්තර කිසිදු සලකුණක් නොමැති බව මරණ පරීක්ෂණයෙන් තහවුරු විය.

- ජලාශයට ප්ර වේශ වීම සඳහා ඇති විවිධ පිවිසුම් මාර්ග වල සවිකර ඇති සියලුම ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර බැලූ පොලිසිය බස්රථය පිළිබද කිසිදු සාක්ෂයක් සොයාගෙන නොමැත.

- රියදුරා සහ කොන්දොස්තර වරියට සිදු වූයේ කුමක්ද?

අදටත් එය නොවිසඳුණු අභිරහසක්ව පවතී.

සටහන - චතුරංග ජයසුන්දර

Saturday, October 8, 2022

රහතුන් වහන්සේලා සැට නමක් වැඩ සිටියේ යැයි සැලකෙන ඔක්කම්පිටිය දේමටමල් විහාරය

 

රහතුන් වහන්සේලා සැට නමක් වැඩ සිටියේ යැයි සැලකෙන ඔක්කම්පිටිය දේමටමල් විහාරය පංචාවාස විහාර ගණයට අයත් බව පුරාවිද්යාන දෙපාර්තමේන්තුවේ ප්රයකාශනයක් වන ඔක්කම්පිටියේ ඓතිහාසික දෙමටමල් විහාරය යන කෘතියේ සදහන් වේ. දෙමටමල් විහාර බිම් සැකැස්ම සහ එහි නටබුන් ගවේෂණය කළ පුරාවිද්යාාඥයන් එය පඤ්චාවාස විහාරයක් ලෙස හඳුනාගත් බව එහි සටහන් කර ඇත. එය පඤ්චායතන පිරිවෙන ලෙස ද ව්යමවහාරයේ පවතී. මෙය භූමියේ සැලසීමට අනුව සහ පූජනීය ගොඩනැඟිලි ගොඩනැංවීමේදී ද අනුගමනය කළ ශිල්පීය ක්රහමයකි. මෙකී ආරාම ආයතචතුරස්රාැකාර හෝ සමචතුරස්රාගකාර භූමි හැඩයකින් යුතුය.
 
පඤ්චාවාස විහාරයක සැලැසුමට අනුව එහි මධ්ය යේ උපෝසථඝරය හෝ පටිමාඝරය ඉදිකරනු ලැබේ. අනෙකුත් ගොඩනැඟිලි ඉදිකරනුයේ අනතුරුවය. මේ පූජනීය ගොඩනැංවීම් වටා භික්ෂුන් වහන්සේලාගේ ආවාස කුටි ඉදිකරනු ලැබේ
 
දෙමටමල් විහාරයේ ආරම්භය මහානාග යුව රජුන්ට සම්බන්ධව දක්වන ජනප්රහවාදයකි. මුටසීව රජුගේ දරුවන් දස දෙනා අතර මහානාග යනු දෙවැනියාය. ඔහු දේවානම්පියතිස්ස රජතුමාගේ ජ්යෙුෂ්ඨ සහෝදරයාවේ. එබැවින් ඔහු ඉදිකළ නිසාම දෙටුමල් යන්න දෙමටමල්වූ බව සඳහන්ය.
 
නමුත් ජනප්රෙවාදයන්ට අනූව දෙමටමල් විහාරය අපට සමීප වන්නේ වෙනත් කතාවක් නිසාය. එනම් ගරමුණු තිස්ස යුද්ධයයි. මෙකී විහාරස්ථානයට නුදුරින් පිහිටි යුදගනා වෙහෙර පිහිටි ස්ථානයේ ගැමුණු කුමාරයා සහ තිස්ස කුමාරයා යන සොහොයුරන් දෙදෙනා එකිනෙකාට එරෙහිව සටන් කළ ස්ථානයක් ලෙස ප්ර කටය.
ගැමුණු කුමරු වෙළඹ සිට යුද්ධයට සූදානම් වූ අතර, තිස්ස කුමරු කඬොල් ඇතු පිට සිට සටනට සූදානම් වූ බව සඳහනි. මෙම අවස්ථාවේ දී තිස්ස කුමරු පැරද පළා යන අතර, ගැමුණු කුමරු ඇතු පිට නැඟී සිට තිස්ස කුමරු ලූහු බඳින්නට විය. තිස්ස විහාරස්ථානයට පළා ගිය අතර, ඇඳ යටට ගොස් සැඟවුණ අතර, භික්ෂූන් වහන්සේලා සිවුරෙන් ආවරණය කරන ලදී. තිස්ස කොහි දැයි විමසමින් ගැමුණු කුමරු පැමිණි අතර, (ම.ව.24:41) සංඝයා වහන්සේලා පවසන ලද්දේ ‘‘මහ රජාණෙනි, ඇඳෙහි නැත’’ (ම.ව.24:42) යනුවෙනි. තිස්ස ඇඳ යට සිටින බව දැනගත් ගැමුණු කුමරු විහාරය අසළ මුරකාවල් යොදවන ලදී. සංඝයා වහන්සේලා සිව් නමක් එක්ව තිස්ස කුමරු ඇඳක තබා ගෙන අපවත් වූ භික්ෂූන් වහන්සේ නමක් පරිද්දෙන් සංඝයා වහන්සේලාගේ කර මතින් ගෙන යන ලදී. ගැමුණු කුමරු මෙය දැනගත් අතර, පහත දැක්වෙන ආකාරයට ප්රකාශ කළ බව වංසකතාවෙහි විස්තර කොට තිබේ. 
 
‘‘තිස්සය, තෝ කුල දේවතාවන් ඉස හිඳගෙන යනු නොලබ, කුල දෙවියන් අතින් මාගේ පැහැර ගැන්මක් නැත්තේ ය.තෝ කොයි දවසත් කු දෙවියන් සිහි කරව’’ (ම.ව.24:45)
මේ නිසා, එකී විහාරය ‘දුටු මල්‘ යන්න ‘දෙටුමල්‘ වී, ‘දෙමටමල්‘ වූ බව ජනප්රෙවාදවල ඇත. වෙනත් ජනප්රසවාදයකට අනුව, දුටුගැමුණු කුමාරයා ඉහත ආත්මයක පැවිදි බව ලබා රෝගී සාමණේර නමක් විදිහට මේ විහාරයේ වැඩ සිටි බව ප්රකටය.
 
දෙමටමල් විහාරයට යාබද ස්ථානයක පවතින සෙල්ලිපියකින්, විහාරයට පරිත්යා ග කළ ඉඩම් භුක්තියක් ගැන හෙළිවේ. ක්රි .ව. 04 වැනි සියවසට අයත් අපර බ්රාැහ්මී අක්ෂරයෙන් ලියැවී ඇති මෙහි, ‘ගෝඨක අබ‘ යන්න ‘ගෝඨාභය‘ ලෙස පරණවිතාන මහතා හඳුනා ගනී. කාවන්තිස්ස රජුගේ පියා ද ගෝඨාභය නමැත්තෙක් බව කියැවේ.
 
ඉහත ඓතිහාසික තොරතුරු සහ ජනප්රපවාද පරීක්ෂා කරනවිට, දෙමටමල් විහාරය ක්රිේ. පූ. යුගයේ ආරම්භව ඇත. එය වරින්වර ප්රවතිසංස්කරණවලට හා ඉදිකිරීම්වලට හසුව ඇති අතර, පොළොන්නරු යුගය වන විට මේ විහාරය ඉතා ජනප්රිරය හා දියුණු ආරාමයක්ව පැවැති බව සඳහන්ය.
 
දෙමටමල් විහාරය ඌව පළාතේ, මොනරාගල දිස්ත්රිුක්කයේ, වැල්ලවාය මැතිවරණ බල ප්රොදේශයේ, බුත්තල ප්රාාදේශීය ලේකම් කොට්ඨාසයේ, ඔක්කම්පිටිය ග්රාිම නිලධාරි වසමේ පිහිටා ඇත. මේ විහාරය, තැනිතලාවක හරිත පැහැ කෙත් යායක් මධ්යායේ පිහිටියේය. එකල රුහුණු රට ඉදිවූ ප්රේථම පංචාවාස විහාරය මෙය බැව්, පුරාවිද්යාේඥයෝ හඳුන්වති. එය අක්කර හයක පමණ භූමියකින් යුක්තය. දෙමටමල් විහාර පූජා භූමිය සංරක්ෂක නටබුන් ස්ථානයකි. එසේම ක්රිකයාකාරී විහාරස්ථානයකි.
 
මෙහිදී පඤ්චාවාස විහාර, නටබුන් හා ගොඩනැඟිලි, චෛත්ය රාජයාණන් වහන්සේ, උපෝසථාඝරය, ප්රිතිමාඝරය, බෝධිමාලකය, ආවාස කුටි, අවශේෂ පුරාවස්තු ද සියැසින් දැකබලා ගැනීමේ අවස්ථාව උදා වේ. එසේම, ඓතිහාසික තොරතුරුවල සඳහන් දෑ සහ ජනප්රචවාදවල පවතින දෑ අනුව, ක්රි . පූ. ශතවර්ෂයට පැමිණි බවක් ඔබට හැඟෙනු නොඅනුමානය. භික්ෂූන්, සද්ධාතිස්ස කුමරු, ගැමුණු කුමරු, මහානාග කුමරු, විහාරමහා දේවියගේ පාද ස්පර්ශයෙන් පහස ලත් මේ විහාරස්ථ පින්බිම පුරා, අද ද ඒ දසුන් මැවි මැවී ඔබට පෙනෙනු ඇත.
 
 














 
දෙමටමල් විහාරය මෑත කාලයේ අපට සමීප වන්නේ රත්නශ්රීම විජේසිංහන්ගේ සුදු නෙළුම කෝ සොරබොර වැවේ කියන ගීතයත් එක්ක. මේ සිදුවීම වෙන්නේ 1981. එවකට තිබුන පාලනය විසින් රත්න ශ්රීව ට දේශපාලන මාරුවක් ලෙස මොණරාගලට මාරු කර යවනවා. මොරණරාගල රාජකීය විද්යාලයේ පාසල් ගීතයත් එතුමාගේ රචනයකි. මුලින්ම එතුමන් යැවෙන්නේ ඔක්කම්පිටිය ජනපද විද්යාලයට. දරවන්ට වැසිකිළයක් වත් නොතිබුණ අති දුෂ්කර පාසලක් එය.
 
මේ පාසලේ හතේ පන්තිය සිටියා ඉතා දක්ෂ දැරියක්. රත්න ශ්රීකගේ මතකයේ රැදුන දැරියක්. එක් දිනක් ඇය පාසලට පැමිණියේ නැහැ. මේ ගැන සොයන රත්න ශ්රීදට දැනගන්න ලැබෙන්නේ ඇය මියගොස් ඇති බවයි. වරුවක නිවාඩුවක් ලබාගන්නා රත්න ශ්රීී තවත් ගුරුවරයෙකු සමග මේ ගෙදරට ගියා. එ නිවස බොහොම පුන්චි නිවසක් මිනිය තියාගන්නවත් ඉඩක් තිබුනේ නෑ. පැත්තකින් යාල්ලත්තක් බාලා තමයි මිණිය තියලා තිබුනේ. මඩුව සදා දී තිබුනෙත් මිණී පෙට්ටිය ලබා දී තිබුනෙත් ගමේ අය. ඇයගේ මිණියට අන්දලා තිබුනෙත් අර පඩු පාට ගැසුන් ඇයගේ පාසල් ගවුමමයි. දහදෙනෙකුට නොවැඩි ගණනක් සහභාගී වුන මළගෙදරක් ලෙසයි රත්න ශ්රීඩ මෙය හැදින්වූයේ.
 
කෙසේ හෝ දැරියගේ පියාගෙන් දැරියට සිදුවී දෙය රත්න ශ්රීැ විමසුවා. පියා පැවසුවේ දැරිය පොහොය දිනවල මල් කඩා ඔක්කමපිටිය විහාරයේ විකුණන බවත් තමන්ගේ වැඩ වලට ලෙන ඉතිරි වන මුදලක් ගෙදරට දෙන බවත්ය. ඒ මොණරාගලට ඉතා හොදින් වැස්ස ලැබෙන කාලයක්. නොවැම්බර් මාසයක්. වැව පිරිලා ගොසිනුයි තිබුනේ. එදිනට දින දෙකකට පසුව එන පෝයට මල් කැඩීම සදහා ඇය වැවට ගොස් ඇත. මෙදින ඇය නැවත නිවසට නොපැමිණීම නිසා ගමේ අය හුලු අතු බැදගෙන වැව වටේ බැලුවත් සොයාගැනීමට නොහැකි වුනා. පසුවදා උදේ ඇයගේ මිණිය ගොඩට පාවෙලා තිබුණා. ඇයගේ එක අතක පිති ගිලිහී ගිය මල් දෙකක් තිබුණා.
මේ සිදුවීම රත්න ශ්රීත විසින් අමරදේවයන්ගේ මධුවන්තී ප්ර සංගයට සුදු නෙළුම කෝ සොර බොර වැවේ යන්වෙනු ලියනු ලබන්නේ. මෙහි මුලින්ම මහියංගනය සහ සොරබොර වැව යොදාගෙන ඇත්තේ දැරියගේ සත්යු තොරතුරු හෙළිවන නිසා බව වරක් රත්න ශ්රී පවසා ඇත.
 

 
 
සුදු නෙළුම කෝ සොර බොර වැවේ
මල් සුවඳ කෝ මහියංගනේ
පුන් පෝයදා පාළොස්වකේ
මල් නෙළා විකිණූ පන්සලේ

වැවට කලුවර යා වුනා
සංසාර දුක බෝ වුනා
නෙළු මල් මිට ඉහිරුනා
එහා ඉවුරට පාවුනා

සිහින් සිරිපොද වෑහුනා
ඉවුරු දෙකොපුල සේදුනා
සුදු නෙළුම් මල දෑස පියවී
මෙහා ඉවුරට පාවුනා

ගී පද - රත්න ශ්‍රී විජේසිංහ
ගායනය - පණ්ඩිත් අමරදේව
 

සටහන - චතුරංග ජයසුන්දර
 

පෙම්වතුන් යුවලක් වෙනුවෙන් තැනූ ලංකාවේ එකම මුර ගල....

 

ඔක්කම්පිටිය දෙමටමල් විහාරය අපගේ මතකයේ රැඳෙන විහාරයකි... එහි ඉතිහාසය පිළිබඳව වෙනමම කතා කල යුතුය. දුටුගැමුණු රජු දෙමටමල් විහාරයේ වැඩකටයුතු කරවන සමයේ රජු විහාරයට පැමිණෙන විට ඒ අසළ පෙම්වතුන් යුවලක් කතාබස් කරමින් සිට ඇත. මේ පෙම්වතුන් යුවල දුටු රජතුමා ඔවුන්ට තමන් හමුවන ලෙසට පණිවුඩයක් යවා ඇත.
නමුත් තමන්ව රජතුමා හමුවට කඳවන්නේ තමන්ව රාජ උදහසට ලක්වීමෙන් යැයි පණිවිඩය වැරදියට තේරුම්ගත් මේ පෙම්වතුන් යුවල සියදිවි හානිකරගෙන ඇත... මේ සිදුවීම පිළිබඳව දැනගත් රජු බොහෝ සේ කම්පාවට පත්වී ඇති අතර මේ පෙම්වතුන් යුවල සිහි වනු පිණිස පෙම්වතුන් යුවලක් සිටිනා මේ මුරගල නිර්මාණය කර ඇත.. යුවලක් කැටයම් කර ඇති ලංකාවේ එකම මුර ගල මෙයයි...
ස්තූතිය
තොරතුරු ලබා දුන් බිබිලේ තිලකා මිස්ට...
 



 

හර් කියුලිස්ගේ කාර්යය 12

 

            මෙය බොහෝ කලකට පෙර, මිථ්‍යාව සහ ජනප්‍රවාද ඇති කාලයක කතාවයි. පුරාණ දෙවිවරුන් සුන්දර හා කුරිරු වූ අතර ඔවුන් මිනිසුන්ගේ දුක් වේදනා සමඟ සෙල්ලම් කිරීමට පටන්ගත් විට ඔවුන්ගේ බලයට අභියෝග කිරීමට එඩිතර වූයේ එක් මිනිසෙකු පමණි. ඒ හර්කියුලිස්. හර්කියුලිස් සතු වූයේ ලොව කිසිදා නොදුටු ශක්තියක්, ඔහුගේ හදවතේ බලයෙන් පමණක් ඉක්මවූ ශක්තියකි. ඔහු තම දුෂ්ට කුඩම්මා වූ හේරා, දෙවිවරුන්ගේ සර්වබලධාරී රැජින වන හේරාගේ ගෝලබාලයන් සමඟ සටන් කරමින් පෘථිවියේ ගමන් කළේය. නමුත් නපුර කොතැනක තිබුණත්, අහිංසකයෙකු දුක් විඳින සෑම තැනකම හර්කියුලිස් සිටියේය.




මහා දෙවිවරු පෘථිවියට පැමිණෙන්නට පටන්ගත් කාලෙය් දෙවිවරුන්ගේ මහා දෙවියා වූ සියුස් ග්‍රීසි‍යේ ඇල්ක්මිනි නම් මනුෂ්‍ය කාන්තාව හා සහවාසයෙන් ඉපදෙන කර්කියුලීස් අර්ධ දෙවියෙකි. සිය පුරුෂයාගේ කාමමිත්‍යාචාරයේ ප්‍රථීඵලය වූ හර්කියුලීස් කෙරෙහි දෙවියන්ගේ ‍රැජිණ වූ සහ සියුස්ගේ භාර්යාව වූ හේරා දෙවඟනට තිබුණේ තදබල වෛරයක්. ඈ විසින් වරක්හර්කියුලීස් තාවකාලික උමතු තත්ත්වයකට පත්කරවන අතර, හර්කියුලීස් අවසිහියෙන් සිය බිරිඳවත්, දරුවන් දෙදෙනාවත් මරා දමනවා. තමන්ට හොද සිහිය ලැබුන පසු තමන් කළ අපරාධය වැටහීමෙන් පසු ධරුණු සිත්වේදනාවට පත්වෙන හර්කියුලීස් ඩෙල්‍ෆිහි අනාගත වක්තෘවරිය හමුවන්නට යන්නේ සිය වරද සමාකරගන්නේ කෙසේද යන්න දැනගැනීමේ අරමුණෙන්.

                                    'ක්ෂීරපථයේ ඇ‍රැඹුම' - ජැකොපෝ ටින්තොරෙ‍තෝගේ සිතුවමකි (1575). පුරාණ ග්‍රීක පුරාවෘතයන්ට අනුව සියුස් දේවියන් ඇල්ක්මිනි වෙතින් රැගෙන එන ළදරු හෙ‍රකියුලිස් හේරාට දේවගනට දෙන්නේ ඔහු අනාථ දරුවකු බව ඇයට පවසමිනි. දරුවා කෙරෙහි තම හිතෙහි ආදරයක් හටගත් නිසාම ඔහුට තම පියයුරෙන් කිරි බොන්නට හරිනවා. නමුත් හරකියුලිස් තදින් කිරි උරාබීම නිසා එක වරම කිරි ස්වල්පයක් පියයුරෙන් ඉවතට විදින අතර, එම කිරි බිඳු වලින් ක්ෂීරපථය නිර්මාණය වනවා.



හර්කියුලීස් විසින් ඇය හමුවූ පසු ඇයගේ අදහස වූයේ තම පව් සමාකරගැනීමට නම් මයිසීනියාවේ හා ටිරින්ස්හි රජ යුරිස්තියස්ගේ හට සේවය කල යුතු බවයි. ඇගේ උපදෙස් පරිදි මයිසීනියාවේ හා ටිරින්ස්හි රජ සහ ඔහුගේ ඥාතී සහෝදරයා වූ යුරිස්තියස්ගේ සේවය සඳහා හර්කියුලීස් පිටත්ව යනවා. හර්කියුලීස් යුරිස්තියස්ට වසර 12ක කාලයක් සේවය කළ යුතු බවත්, ඔහු විසින් පවරන ඕනෑම කටයුත්තක් සිදුකළ යුතු බවත්, එම කාලය අවසානයේ හර්කියුලීස්ට අමරණීයභාවය ලැබෙනු ඇති බවත් ඩෙල්‍ෆිහි වක්තෘවරිය ප්‍රකාශ කරනවා. හර්කියුලීස් මෙයට අකමැති වුණත්, ඩෙල්‍ෆිහි වක්තෘගේ වචනය සිය පියා වූ සියුස්ගේ වචනය නිසා ඊට පිටින් යාමට නිර්භීත නොවන නිසා යුරිස්තියස්ගේ සේවයට යනවා.

ඩෙල්‍ෆිහි වක්තෘවරිය



එම සේවා කාලය තුළ යුරිස්තියස් විසින් හර්කියුලීස්ට කිසිවෙකුටත් කල නොහැකි යැයි ඒවකට පැවසුන ඉතාමත්ම අපහසු කාර්යයන් දහයක් කරන ලෙස අණ කරනවා. එයින් වැඩ දෙකක්ම කළ බවට පිළිගැනීම යුරිස්තියස් ප්‍රතික්ෂේප කළ නිසා තවත් වැඩ දෙකක් පැවෙරනවා. මෙසේ හරිකියුලීස්ට පැවරුන වැඩ දහය, දොළහක් බවට පත්වෙනවා. "හර්කියුලීස්ගේ වැඩ දොළහ" ලෙස පසුව ප්‍රසිද්ධ වූයේ මේ කාර්යයන් දොළස යි.

 
01. නීමියානු සිංහයා මරාදැමීම (Nemean Lion)



පළමු කාර්යය වූයේ Nemea වෙත ගමන් කිරීම සහ ගම්බද ප්රදේශ භීතියට පත් කරන දරුණු මෘගයෙකු වන Nemean සිංහයා ඝාතනය කිරීමයි. මේ සිංහ රකුසාට කිසිම ඊතලයකින් විදින්න බැරි බවට මතයක් තිබුණා. හර්කියුලීස් ඔහුගේ ඔලිව් ලී මුගුරෙන් මෘගයාව මවිතයට පත් කළ අතර පසුව ඔහුගේ දෑතින් ගෙල සිර කළේය. මෙතැනට පැමිණෙන ඇතීනා දෙවගන සිංහයාගේම තියුණු නියපොතු භාවිතා කරමින් සිංහයාගේ සම ඉවත් කරන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියාය. ඔහුගේ ඉතිරි කාලය තුළ ඔහු සිංහ හම් පැළඳ සිටියේය.

කතාවේ බොහෝ අනුවාද වලදී, ඔහු යුරිස්තයස් රජු බිය ගැන්වීම සඳහා යුරිස්තියස්ගේ උසාවියට මේ සිංහ සමින් කල පෙල්ට් එක පැළඳ පැමිණියේය. මෙයින් පසුව හර්කියුලීස්ට නගරයට ඇතුල්වීම තහනම් කරන යුරිස්තියස් ඔහු සමග ගනුදෙනු කලේ පණිවිඩකරුවෙකු මගිනි. මෙයින් පසුව යුරිස්තියස් වඩ වඩාත් භයානක අභියෝග නිකුත් කරමින් තම ඥාති සොහොයුරාගෙන් පළිගැනීමට උත්සාහ කිරීමට පෙලඹුණි.

මේ සියල්ල අවසානයේ ෙහ්රා දෙවඟන නීමියානු සිංහයා අමරණීය කිරීමේ අරමුණින් උගේ රුව සිංහ රාශිය (LEO) ලෙස අහසේ සටහන් කළ බව ජනප්‍රවාදෙය් කියෙව්.


02. ලර්නියානු දිය රකුසා මරාදැමීම (Lernaean Hydra)


 


දෙවන කාර්යය වූයේ නපුරු දියරකුෙසකු වූ හයිඩ්‍රා මරා දැමීමයි. මේ මෘගයාට මාරාන්තික විෂ සහිත හිස් නවයක් තිබුණි. තවද, ඒක හිසකට තුවාල වුවහොත්, ඒ වෙනුවට තවත් හිස් දෙකක් මැවෙනු ඇත. හෙරක්ලිස් හයිඩ්‍රාගේ මෙම ස්වාභාවික සුවය ජය ගැනීමට සමත් වූයේ හිස ගසා දැමීමෙන්, පසුව ඔහුගේ මිත්‍ර ඉයෝලස් විසින්  ඒම තුවාල පන්දමකින් මුද්‍රා තැබීමෙනි. නැවතත් දේවානුභාවයෙන්, හරිකියුලීස් හයිඩ්‍රාගේ රුධිරයෙන් ඊතල විෂෙපවීමක් සිදු කළේ පසු ප්‍රයෝජනය සදහායි.මෙම මුර්ගයා හේරා විසින් මවන ලද්දක් වන අතර ඇය ඌ සිහිවීමට Hydra නැමති දියරකුසාගේ රාශිය අහෙස් සටහන් කර ඇති බව කියවේ.


03. සේරිනයානු මුවදෙන අල්ලාගැනීම (Ceryneian Hind)


හර්කියුලීස්ෙග් සාර්ථකත්වය නිසා කෝපයට පත් යුරිස්ටියස් තම ඥාති සහෝදරයා දෙවිවරුන්ට එරෙහිව තැබීමට උත්සාහ කළේය. ආටෙමිස් දේවතාවිය සෙරීනියන් හින්ද් ලෙස හඳුන්වන රන් අං සහිත කුඩා මුවෙකුට ආදරය කර ආරක්ෂා කළාය. යුරිස්තියස් ඔහ වෙත සත්වයා ගෙන ඒම හර්කියුලීස්ට පැවරීය. වීරයා මුවාට විද මරා දැමූ විට, ඔහුව ආටෙමිස්ගේ කෝපයට ලක් වනු ඇතැයි සිතුවේය.

 එහෙත්, හෙරක්ලිස් සියුමැලි හිඩැසට හානියක් නොකර අල්ලා ගැනීමේ අභියෝගය භාර ගත්තේය. මේ සදහා ඔහු අවුරුද්දක් මුළුල්ලේ මුවදෙන පසුපස හඹා ගියේය. අවසානයේ මුවදෙන ආටිමිස්ගේ දෙවොලට වැදුණාය. එහිදී ආටිමිස් හර්කියුලීස්ට දර්ශනය වී, සිය මුවදෙනට පීඩා කිරීම සම්බන්ධව ඔහුට දඬුවම් කිරීමට සැරසුනාය. ඇයට බැගෑපත්ව සත්‍යය හෙළිකරන ඔහු, ආපසු ගෙනඑන පොරොන්දුව පිට මුවදෙන ඉල්ලාගෙන යුරිස්තියස් වෙත ගියේය.
ආටිමිස් විසින් හර්කියුලීස්ට දඩුවම් නොකිරීම ගැන යුරිස්තියස් කෝපයටත් භීතියටත් පත්වෙනවා. අවසන් උත්සහයක් ලෙස, එම මුවදෙන තමාට ලබාදිය යුතු බව ඔහු හර්කියුලීස්ට පවසනවා. නමුත් හර්කියුලීස් ආටිමිස්ට පොරොන්දු වුණේ මුවදෙන නැවත ඇයට ලබාදෙන බව යි. එනිසා මුවදෙන අවැසි නම් රජුම පැමිණ තමාගෙන් ඌව ලබාගත යුතු බව හර්කියුලීස් පවසනවා. එයට එකඟ වූ රජු පැමිණෙද්දීම මුවදෙන අත්හැර, ඇයට ආටිමිස් වෙත යන්නට සලස්වන හර්කියුලීස් රජුට පවසන්නේ ඔහු වේගවත් මඳ වූ නිසා මුවදෙන පලාගිය බව යි.

04. එරිමැන්තියානු වල් ඌරා අල්ලාගැනීම (Erymanthian Boar)


 


Erymanthus කඳුකරයේ මිනිසුන් මෙම මාරාන්තික සත්වයාට බියෙන් ජීවත් විය. යුරිස්තියස් ඌව මරා දමනවාට වඩා එය අල්ලා ගන්නා ලෙස තම ඥාති සහෝදරයාට අභියෝග කළේය. එය ධරුණු වුවත්, මෙය විශාල අභියෝගයක් විය යුතු යැයි රජු සිතුවේය. හර්කියුලීස් වල් ඌරා කන්ද උඩට ගොස් හිම පතනයකට ලුහුබැඳ ගියේය. ඉන්පසු ඔහු ඌව දැලක දමා ටිරින්ස්හි රජු වෙත ගෙන ආ අතර, ඔහු මෘගයාට බෙහෙවින් බිය වී විශාල ලෝකඩ භාජනයක සැඟවී ගත් අතර මෙය යුරිස්තියස් සහ හර්කියුලීස් අතර සතුරුකම ගැඹුරු කළේය.

05. ඕගියානු ඉස්තාල පිරිසිදු කිරීම (Augean Stables)


 



මෙතෙක් මාරාන්තික අභියෝග හර්කියුලිස් වෙත පැවරීමම නවත්වා නොතිබූ අතර, ඒ වෙනුවට යුරිස්තියස් ඔහුට  වෙනත් දුෂ්කර අභියෝගයක් එල්ල කළේය. Augeas රජුට අයත් ගව ගාල තුළ සතුන් දහස් ගණනක් ජීවත් වූහ. ඒවා වසර 30 කින් පිරිසිදු කර නොතිබුණත්, එක් දිනකින් ඒවා සම්පූර්ණයෙන්ම පිරිසිදු කරන ලෙස හර්කිලීස්ට දන්වා ඇත.

 යුරිස්තියස්ගේ අණ පිළිගෙන ඕගියස් රජු වෙත යන හර්කියුලීස්, තමා ඉස්තාලයන් දිනක් තුළ පිරිසිදු කරන්නේ නම් රජුගේ පට්ටියෙන් දහයෙන් පංගුවක් ගොනුන්ව තමාට තෑගි කරන ලෙස ඉල්ලා සිටිනවා. රජු මෙයට එකඟ වූ පසු පීනියස් සහ ඇල්‍ෆියස් නම් ගංගාවන් දෙකේ ජල පහර ඉස්තාලය වෙත හරවන හර්කියුලීස්, වසර 30ක් තිස්සේ එකතු වී තිබූ සියලු අපද්‍රව්‍ය සෝදා හරිනවා.

කෙසේ නමුත් කටයුත්ත සම්පූර්ණ වීමෙන් අනතුරුව ඕගියස් රජු තම පොරොන්දුව ඉ‍ටු කරන්නේ නැහැ. ගංගාවන් විසින් අපද්‍රව්‍ය සෝදා හැරුණු නිසාත්, හර්කියුලීස් ඕගියස්ගෙන් ගෙවීමක් බලාපොරොත්තු වූ නිසාත්, මේ කාර්යය ඔහු විසින් කළ බවට පිළිගැනීම යුරිස්තියස් විසින් ප්‍රතික්ෂේප කරනවා. එනිසා හර්කියුලීස් විසින් කළ යුතු තවත් වැඩ 6ක් ඉතිරි බව යුරිස්තියස් ඔහුට පවසනවා. හර්කියුලීස් එයට පළිය ගන්නේ තම වැඩ 12 අවසන් වූ පසු එම රාජ්‍යය ආක්‍රමණය කර, රජු මරා, තමාට සහාය වූ ඕගියස්ගේ පුත්‍රයාට එහි රජකම පවරා දීමෙන්.

06. ස්ටැම්ෆීලියානු කුරුළු රෑන පරාජය කිරීම (Stymphalian Birds)


 



මෙම මිනීමරු පක්ෂීන් ජීවත් වූයේ Stymphalos විල අවට ය. යුද්ධයට අධිපති ඒරිස් දෙවිඳුන්ගේ සුරතලුන් වූ ස්ටැම්ෆීලියානු කුරුල්ලන් ලෝකඩ හොටයන්, ලෝහමය පිහා‍ටු, සහ විෂ සහිත වූ වසුරු ද හෙලන මිනීකන කුරුළු රෑනක්. ස්ටැම්ෆීලියානු විල් ප්‍රදේශයෙන් ආකේඩියාවට සංක්‍රමණය වූ මොවුන් එහි වාසීන්ගේ වගා පාළු කරමින්, මිනිසුන් මරමින් මහත් භීෂණයක් ඇති කළා.
හර්කියුලීස්ට බාර වුණේ මොවුන් එලවා දැමීමයි.

මේ ප්‍රදේශයට හර්කියුලීස් ලගා වුවත් කූඩු වල රැදී සිටි කුරුල්ලන් එළියට ගැනීම කළ හැකි අයුරක් ඔහු දැන සිටියේ නැහැ. මෙය දු‍ටු ඇතීනා දෙවඟන ඔහුගේ පිහිටට එමින් දිව්‍යමය ලෝකුරුවා වූ හෙෆීස්ටස් විසින් එම කාර්යය සඳහාම තනන ලද, මහත් ශබ්ද නඟන කටකටායනයක් ඔහුට ලබාදෙනවා. එය සෙලවීමෙන් ඔවුන්ව ඔවුන්ගේ කැදැල්ලෙන් බිය ගන්වා රැලි ගසා එළියට දැමූ අතර පසුව ඔහු හයිඩ්‍රාගේ රුධිරයෙන් සාදන ලද විෂ ඊතල වලින් ඔවුන්ව මරා දැමීය.

07. ක්‍රීට ගවයා අල්ලාගැනීම (Cretan Bull)


 



ක්‍රීට්හි මිනෝස් රජු විසින් තබා ඇති මෙම ම්ලේච්ඡ ගවයා උමතු වූ අතර ගින්නෙන් හුස්ම ගන්නා බව කියනු ලැබේ. හර්කියුලීස් පිස්සු මෘගයා සමග පොරබදමින් බිමට ගෙන එය යුරිස්තියස් රජු වෙත ආපසු ගෙන ආවේය. නැවතත් මේ මෘර්ගයාට බිය වන යුරිස්තියස් පි‍තෝස් බුජමේ සැඟ වී, ගවයා හේරාට බිලිදීමට යෝජනා කරනවා. හර්කියුලීස් කෙරෙහි ඊර්ෂ්‍යාවෙන් සිටිනා හේරා බිල්ල පිළිගන්නේ නැහැ. එනිසා එම ගවයා මැරතොන් වෙත මුදාහැරෙනවා.


08. ඩයමිඩීස්ගේ වෙළඹුන් අල්ලාගැනීම (Horses of Diomedes)


 



යුරිස්ටියස්ගේ අටවන කාර්යය වූයේ බිස්ටෝන්වරුන්ගේ නායකයා වූ ඩයෝමෙඩීස් රජුගේ නොහික්මුණු අශ්වයන් ආපසු ලබා ගැනීමට උත්සාහ කිරීමයි. ඩයමිඩීස් වනචාරී රජෙකු වූ අතර ඔහු ඔහුගේ වෙළඹුන්ට මිනීමස් කෑමට හුරුකර තිබුණා. හර්කියුලීස්ව මෙවර භාරවූයේ මේ වෙළඹුන් හීලෑකර ගෙන ඒමයි.

ත්‍රේස් වෙත ගොස් වියරු වෙළඹුන් අල්ලා සිය සගයෙකු වෙත පවරන හර්කියුලීස් ඩයමිඩීස් රජු හා සටනට යනවා. නමුත් ආපසු එද්දී වෙළඹුන් විසින් ගැටවරයාව අනුභව කර තිබුණා. ශෝකයෙන් උමතු වන හෙ‍රැක්ලීස්, ඩයමිඩීස් මරා ඔහුගේ සිරුර වෙළඹුන්ට කෑමට දී, ඔවුන්ව සන්සුන් කළේය. වෙළඹුන්ගේ මුඛයන් බැඳ, ඔවුන් යුරිස්තියස් වෙත ගෙනයෑමෙන් අනතුරුව ආර්ගොස්හි නිදහසේ සැරීමට අත්හරින ලද බව කියැවෙනවා.

09. හිපොලිතේ ‍රැජිණගේ බඳපටිය ගෙන ඒම (Take the Girdle of Hippolyta, Queen of the Amazons)


 



හර්කියුලීස් ඇමසන්ස් දේශයට ගිය අතර එහිදී හිපොලිටා රැජින (හෝ හිපොලයිට්) ඔහුව පිළිගත් අතර යුරිස්තියස්ගේ දියණිය වෙනුවෙන් ඇගේ ඉඟපටිය ඔහුට ලබා දීමට එකඟ විය. නමුත් හේරා විසින් හර්කියුලීස් පැමිණියේ සතුරෙකු ලෙස බවට කටකතාවක් පැතුරවා හැරියාය. අවසානයේදී ඔහුට සිදු වූයේ ඇමසන් කුමරියන් හා සටන් කර රන් පටිය සොරකම් කිරීමටයි.

10. ගෙරියොන්ගේ ගව පට්ටිය (Cattle of Geryon)


 



මිනිස් සිරුරු තුනක් ඇති පියාපත් සහිත රකුසෙක් වන Geryon ට ලස්සන රතු ගව රංචුවක් සිටියා. ඔහු යෝධයෙකුගේ සහ දරුණු ඔළු දෙකේ බල්ලෙකුගේ උපකාරයෙන් තම වටිනා රංචුව ආරක්ෂා කළේය. හෙරක්ලිස් Geryon, යෝධයා සහ බල්ලා මරා දමා ගවයන් යුරිස්තියස් රජු වෙත ගෙන ආවේය.

හර්කියුලීස් විසින් මෙසේ කාර්යයන් දහයක් නිම කලද ලර්නියානු දිය රකුසා මැරීමත්, ඕගියානු ඉස්තාල පිරිසිදු කිරීමත් හර්කියුලීස් විසින් තනිවම සිදු නොකළ බව කියූ යුරිස්තියස්, වැඩ 10 සම්පූර්ණ වීමට නම් තවත් වැඩ දෙකක් සිදු කළ යුතු බව පවසනවා.


11. හෙස්පිරිඩීස් උද්‍යානයේ රන් ඇපල් (Take the Golden Apples of the Hesperides)


 



Hesperides නිම්ෆස් විය. මහා සාගරයේ  කිසිවෙකුත් නොදන්නා තැනක පිහිටි කුඩා දූපතක  පිහිටි ඔවුන්ගේ ගෙවත්තේ හිස් සියයක් ඇති මකරෙකු වන ලැඩන් විසින් සහ අප්සරාවන් පිරිසක්  විසින් ආරක්ෂා කරන ලද රන් ඇපල් වගා කරන ලදී. ඒවා කෑමට ගන්නා අයෙක් අමරණීයත්වයට පත්කරන මේ ඇපල් කීපයක් සොරාගෙන ඒම හෙ‍රැක්ලීස්ට පැවරුණා.

හර්කියුලීස් සාගර දේවතාවෙකු අල්වාගෙන, දිවයින තිබෙන තැන ඔහුගෙන් අසාගත්තේය. දිවයිනට ගිය ඔහුට, දෙව්ලොව තම කරපිටින් ඔසවා සිටින ඇට්ලස් යෝධයා හමුවුණා. හෙස්පිරිඩීස් අප්සරාවුන්ගේ පියා ඔහු යි. තමා වෙනුවෙන් ඇපල් කීපයක් සොරකම් කළ හැකි නම්, තමා ඔහු උසුලා සිටින බර ස්වල්ප වේලාවකට දරාසිටින්නට සූදානම් වග හෙ‍රැක්ලීස් ඇට්ලස්ට කියනවා. කෙසේ නමුත්, ඇපල් සොරා ගෙන එන ඇට්ලස් පවසන්නේ තමාට නැවතත් දෙව්ලොව ඔසවාගෙන සිටීමට අවශ්‍ය නැති බව යි. කෙසේ නුත් ඇට්ලස් රවටා නැවතත් දෙව්ලොව ඔහු පිටට දීමට හෙ‍රැක්ලීස් සමත් විය.

ඒ සියල්ලෙන් පසු රන් ඇපල් ද ‍රැගෙන ආපසු පැමිණි හර්කියුලීස් දකින යුරිස්තියස් වියරුවට පත්වූයේ ඔහු නැවත නොපැමිණෙතැයි බලාපොරොත්තු වූ නිසාය.


12. සර්බරස් අල්ලාගැනීම (Capture Cerberus)




හර්කියුලීස් මරාදැමීමේ අවසාන අත්සාහය ලෙස යුරිස්තියස් කෙසේවත් කිරීමට නොහැකි යැයි පැවසූ කාර්යයක් පවරනවා. පාතාලයේ ඔළු තුනේ මුර බල්ලා වන සර්බරස් ආයුධ භාවිතා නොකර අල්ලා ගන්නා ලෙස හෙරක්ලීස්ට නියෝග කරන ලදී.

හර්මීස් සහ ඇතීනා දෙවිවරුන්ගේ සහාය ද ඇතිව පරලොවට යන හර්කියුලීස්, එහි අධිපති දෙවියා වූ හේඩීස් හමුවෙනවා. සර්බරස්ට හානියක් නොකර අල්ලාගත හැකි නම් සුනඛයාව මිනිස් ලොවට ගෙන යා හැකි බවට හේඩීස් හර්කියුලීස්ට අවසර ලබාදෙනවා. ඒ අවසරයත් සමග සර්බරස් හා පොර වදින හර්කියුලීස් ඌ මෙල්ලකොට, කරපිට තබාගෙන යුරිස්තියස් හමුවට ගෙන යනවා. සර්බරස් දැකීමෙන් බියපත් වන යුරිස්තියස් නැවත වරක් පලාගොස් සිය බුජමේ සැඟවෙන්නේ, සර්බරස්ව නැවතත් පරලොවට හැරලා පැමිණියහොත් හර්කියුලීස්ට යළි කිසිදු කාර්යයක් නොපවරා නිදහස් කරන බවට පොරොන්දු වෙමින්.

හර්කියුලීස්ට පැවරූ කාර්යයන් මෙසේ නිමා වූ නමුත් ඕගියස් රජුගේ ඉස්තාලයේ සිද්ධියට පලි ගැනීට එම රාජ්‍යය ආක්‍රණය කර ඕගියස් රජු මරා දමා එහි කිරුල ඔහුගේ පුතුට පවරවා.

සටහන - චතුරංග ජයසුන්දර



Friday, March 11, 2022

The Seven Swords of Wayland - වේලන්ඩ්හි අසිපත්


 

 

Völundarkviða කතාවට අනුව, Völundr නොහොත් වේලන්ඩ් ද ස්මිත් යනු ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙකු සහ කම්මල්කරුවෙකු විය. වේලන්ඩ් සහ ඔහුගේ සොහොයුරන් දෙදෙනා විලක ඉවුරකදී හංස තරුණියන් තිදෙනෙකු මුණගැසී ඔවුන් සමඟ ආදරයෙන් බැඳුණු ආකාරය වේලන්ඩ් ගේ පුරාවෘත්තයෙන් කියැවේ. හංස කන්‍යාවන් හදිසියේම ඔවුන් වෙතින් පියාසර කරන තුරු ඔවුන් වසර හතක් එකට සිටි අතර සහෝදරයන් තිදෙනා ඔවුන්ගේ නැතිවූ ආදරය සොයා යාමට වෙනමම ගියහ. වේලන්ඩ් නපුරු ස්වීඩන් රජු වන Nmdud විසින් අල්ලා ගන්නා ලද අතර ඔහු ඔහුගේ මස්තිෂ්ක කපා ඔහුව කොර කර ඔහුගේ බලකොටුවේ වැඩ කිරීමට ඔහුට බල කළේය. මේ සිදුවීම් නිසා කෝපයට පත් වේලන්ඩ්, රජුගෙන් පළි ගැනීමට සිතුවේය.

 

පළමුව, ඔහු තමාට පියාසර කිරීමට ඉඩ සලසන පියාපත් කට්ටලයක් නිර්මාණය කළේය. ඊළඟට, ඔහු රජුගේ පුතුන් තිදෙනා මරා ඔවුන්ගේ හිස් කබලෙන් සාදන ලද පාත්‍ර, ඔවුන්ගේ ඇස්වලින් සාදන ලද ආභරණ සහ ඔවුන්ගේ දත්වලින් සාදන ලද තුණ්ඩයක් ඇතුළුව ඔවුන්ගේ ශරීර කොටස්වලින් වස්තූන් නිර්මාණය කළේය. මෙම වස්තූන් පිළිවෙළින් රජුට, ඔහුගේ බිසවට සහ ඔවුන්ගේ දියණිය වන බෝවිල්ඩ් වෙත යවන ලදී. ඊළඟට, වේලන්ඩ් විසින් බෝවිල්ඩ් පොළඹවා ඇයව ගැබ් කළේය. මේ සියල්ලෙන් පසු, වේලන්ඩ් රජු වෙත ගොස් ඔහුගේ පළිගැනීම පිළිබද සියල්ල පැහැදිලි කර, පසුව පියාසර කළේය. රජුගේ දුනුවායන් සහ අශ්වාරෝහක ඔහු අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් ඔහු ඉතා ඉහළට පියාසර කළ අතර නැවත කිසි දිනෙක දැකගත නොහැකි විය.

 

ඉහත හදහන් අරුම පුදුම පියාපත් යුගලයට අමතරව වේලන්ඩ් විසින් නිර්මාණය කරන ලද යැයි කියනු ලබන අනෙකුත් ඉන්ද්‍රජාලික අයිතම අතර, වේලන්ඩ් කඩු හත ගැන සඳහන් කරයි. ඒ සෑම එකක්ම භූතයෙකුට හෝ ආයතනයකට සම්බන්ධ වේ. "Morax, Solas, Orias, Albion, Elidor, Beleth, Flauros සහ Albion යනු එම කඩු හතයි . ඒ සෑම එකක් මතම, ඒවා සෑදූ දා සිට නොකියන ලද උසස් මායා වචන සටහන්ව තිබුණි. එවාට වෙන වෙනමමොයා ශක්තීන් එක් කළේය. වේලන්ඩ් ‍මේ කඩු හතම එක් වූ විට සිදුවන අනතුර දැන සිටියේය. ඒ නිසා ඔහුට වඩාත්ම විශ්වාසවන්තයන්ට ඒවා භාරදී ඔවුන් විසුරුවා හැරි‍යේය. ‍මේ නිසා‍වෙන් ‍මේ අසිපත් වසර ගණනාවක් වෙන්ව තිබුණි. ඒවා‍ගෙන් කඩු ‍දෙකක් හිමිකරුවන් සමගම මිහිදන් කරනු ලැබීය. තවත් සමහර ඒවා සටනේදී අස්ථානගත වූ අතර තවත් සමහර ඒවා කිසි‍වෙකුටත් දැනගැනීමට ‍‍නොහැකි වන  ලෙස සඟවා ඇත. ‍මේවා ‍සෙවීමට වසර ගණනාවක් ගත විය. ජීවිත ගණනාවක් විනාශ විය.

 

අපේ ආදරණීය රොබින් හුඩ් කතා මාලාවේ අපිට හමුවන්නේ යක්ෂයාගේ දූතයන් ලෙස පෙනීසිටින පූජක වෙස් ගත් කාන්තාවක් විසින් මේ අසිපත් නැවත් එක් කර ලූසිපර් නැමති යක්ෂ ආත්මය මිහිමතට ගෙන එන්නට දරණ උත්සායයි. ඇල්බියන් යනු රොබින් හුඩ්ගේ කඩුව ‍වේ. නැ‍හොත් හර්න්‍ ගේ පුත්‍රයා‍ගේ කඩුව ‍වේ. එය පළමු කථාංගයේ හර්න් ද හන්ටර් විසින් රොබින් ඔෆ් ලොක්ස්ලි වෙත භාර දෙනු ලබයි. ආලෝකයේ සහ අඳුරේ බලයෙන් ඔහු විසින් එයට ආරෝපණය කරන ලදී. රොබින් මිය යාමට පෙර, ඔහු ඇල්බියන් මැරියන් වෙත ලබා දෙයි. ඇය එය මීළඟ රොබින් හුඩ්, හන්ටිංඩන්හි රොබට් වෙත ලබා දෙන තෙක් එය ආරක්ෂා කරයි.

 


කඩු හත සහ ඒවා සතු බලයන්

Orias - නපුරු ආත්මයන් පාලනය කිරීම

Morax - නපුරු ආත්මයන් කැඳවීම

Elidor or Eligor - අනාවැකි කියන්නා

Beleth - පුද්ගලයන් වශී කිරීම

Flauros or Flowras - රෝගයෙන් ශාප කිරීම

Sola - ඉන්ද්රජාලික ඖෂධීය පානය නිර්මාණ කිරීම

Albion - Beelzebub, අන්ධකාරයේ සහ ආලෝකයේ බලය ඇත

 
Solas

Solas


Orias

Morax

Flaures 


Albion

 

Albion අසිපතේ තලයෙහි අපූරු සටහනක් ඇත.

 

Herne's son is my master. I cannot slay him."

හර්න්ගේ පුතා මගේ ස්වාමියාය. මට ඔහුව මරා දැමිය නොහැක."

Thursday, March 3, 2022

Crom Cruach - ‍‍ක්රොම් කෘවැක් ‍

 


ක්‍රොම් කෘවැක් යනු අයර්ලන්ත පුරාණෝක්තිවල එන අදභූත ගම්මානයකි. එම ගම්මාන‍යේ විසූ ‍දෙවි‍යෙක් ‍ලෙසත් පසුව යක්ෂ‍යෙක් ‍ලෙසත් ‍පෙනී සිටි චරිතයක් Crom Cruach යනු‍වෙන් හදුන්වා ඇත. ගම්මානයට එම නම තබා ඇත්‍තේ ඔහු නිසා යැයි කිය‍වේ.   ඔහු පැරණි සශ්‍රීකත්වයේ දෙවියෙකු ලෙසත් පසුව ශාන්ත පැට්‍රික්ට මුහුණ දුන් යක්ෂයෙකු ලෙසත්  ‍පෙනී සිටි අතර පසුව එම සාන්තුවරයා විසින් පිටුවහල් කරන ලදී. මිථ්‍යාදෘෂ්ටික සශ්‍රීක දේවතා‍වෙක් වීම නිසා ක්‍රෝම් කෘවැක් හැදී වැඩුණේ මිනිස් බිලි පූජා සමඟ සම්බන්ධ ‍වෙමිනි.

 

ශාන්ත පැට්‍රික් පැමිණීමට පෙර, පැරණි අයර්ලන්තය පැරණි දෙවිවරුන් විසින් පාලනය කරන ලද බව කියනු ලැබේ, එයින් එකක් වූයේ ක්‍රෝම් කෘවැක් ලෙස හැඳින්වූ සශ්‍රීක දේවතාවායි. ‍මෙම අද්භූත ‍දේවාතාවා කුලුඳුල් බිලි පූජා වෙනුවට එහි නමස්කාරකයන්ට කිරි සහ ධාන්‍යවල හොඳ අස්වැන්නක් ලබා දුන් අතර ක්‍රි.පූ. 1287-1286 පමණ වූ කාලයේ සිට වන්දනාමාන කළ බව කියනු ලැබේ.

 

Crom Cruach ගේ කුරිරුකමට මුල් උදාහරණයක් නම්, Tigernmas මහ රජුගේ මරණයයි, , ඔහුගේ හමුදාවෙන් හතරෙන් තුනක්, රාත්‍රියේ ඉහත සඳහන් දෙවියන්ට නමස්කාර කරමින් සිටියදී මිය ගිය අතර, සිද්ධියෙන් වසර හතකට ආසන්න කාලයක් අයර්ලන්තයට උසස් රජෙකු නොමැතිව සිටියේය. . එසේ වුවද, යුග ගණනාවක් පුරා නොතකා නමස්කාරය දිගටම පැවතුනි.

 

වාසනාවකට මෙන්, Crom Cruach ගේ අඳුරු පාලනය අවසන් වන්නේ පැරණි දෙවිවරුන්ට එරෙහි සටන් වැදුන ශාන්ත පැට්‍රික් පැමිණීමත් සමඟය. එහි එම සාන්තුවරයාට එරෙහි එහි ගැටුමේදී, ක්‍රෝම් කෘවැක් තම රන් රිදී රූපයෙන් මිදී තම සැබෑ භූත ස්වරූපයෙන් මතු වී ඇත. සාන්තුවරයා විසින් ක්‍රොම් කෘවැක් පරාජය කරන ලද අතර ඉක්මනින්ම නිරයට හෙලා දමා මිනිස් බිලි පූජා කිරීමේ පුරුද්ද අවසන් කළේය.

 

රොබින් හුඩ් කතාමා‍ලා‍වේ දී නිරූපණය වන්‍‍නේ  Gulnar විසින් එම පැරණී සශ්‍රීක ගම්මානය සහ ‍මෙම යක්ෂයා නැවත මවාපෑමයි. එහිදී එම ගම්මානයට යන පිරිස‍ගේ සිහිය විකල් වන අතර තම සිත් වලත ඇති ආශාවන් ඉටුවන බවට මවාපෑමක් සිදු‍වේ. ‍මේ කතා‍වේදී ද රොබින්‍ගේ සුප්‍රසිද්ධම කියමන නැවතත් ‍ප්‍රේක්ෂකයාට සිහිපත් කරවයි.

 

Nothing’s forgotten….. Nothing’s ever forgotten