පෙර ලිපිය උඩරට මැණිකේ 15
පසුගිය
කොටසින් බලන කපොල්ල නැරඹීමට ගිය අපි අද නැවතත් බලන දුම්රිය ස්ථානයේ සිට ඉදිරියට
ගමන් කරමු. මුහුදු මට්ටමේ සිට මීටර් 428.35
උසින් පිහිටි බලන දුම්රිය ස්ථානයෙන් ඉදිරියට දුම්රිය
මාර්ගය තරමක් දුරට තැන්නක ස්වභාවයක් ගනී. බලන පසුකර ඉදිරියට මීටර් නවසියයක් පමණ
ගිය විට උඩරට දුම්රිය මාර්ගයේ දිගින් 04
වැනි ස්ථානය ගන්නා අංක 09 දරන මොරගල්ල උමග හමුවේ.
මෙහි දිග අඩි 1048.75 කි. සාමාන්‍ය දුම්රියකට මේ තුළින් ගමන් කිරීමට විනාඩි 5ක් පමණ ගතවේ.
දුම්රියෙන් ගමන් කරන විට එක් වරම අදුරේ ගිලී යන මේ විනාඩි කිහිපය මෙම උමං කැණීම
සදහා සහභාගී වූ කම්කරුවන්ගේ කැපකිරීම මැනවින් සිහිපත් කරවයි. මෙම උමග පසුකර මද
දුරක් ගමන් කරන විට වෙරළුගොල්ල නැමති කුඩා දුම්රිය ස්ථානය හමුවේ. එම දුම්රිය
ස්ථානය පසුකර තවත් මද දුරක් ගමන් කරන විට අංක 9A
දරණ උමග හමුවේ. මියන්ගල්ලේදී සේම මෙහිදීද මුලින්ම පර්වත
මුහුණත කපා මාර්ගය අතුරා තිබුනද පසුව එහි ඇතිවූ අවධානම් තත්වය නිසා පසුකාලීනව දිගින් මීටර් 189.59 ක් වූ මෙම උමග
ඉදිකර ඇත.
 |
අංක 09 දරන මොරගල්ල උමග |

|
අංක 09 මොරගල්ල උමග ඉදිකිරීම් අතරතුර |
 |
අංක 09A අරන උමග |
සිංහ මුඛය
ඉහත සදහන් කල අංක 9A බිංගයෙ පසුකර
මීටර් තුන්සියයක් පමණ ඉදිරියට යනතුරුම දුම්රිය මාර්ගය ඉදිකර ඇත්තේ පෙර අපට හමුවූ
පරිදිම කදු මුහුනත L හැඩයට කපා
සාදාගත් මාර්ගයකය. පහළන් ප්‍රපාතාකර බෑවුමක් ඇත. මොරගල්ල කදුවැටිය පසුකරමින් යන
රේල් පාරට ඇතීන් පෙනෙන මනස්කාන්ත කදුවැටි අනන්තය දක්වාම ඇදී යන්නාක් මෙන් පෙනේ. මේ
ප්‍රදේශයේ දුම්රිය මාර්ගය දෙපසින් දුම්රියේ ගෑවී නොගෑවී යන ලෙස වැවී ඇති පදුරු
අතරින් ඈත පෙනෙත දර්ශනයේ සුන්දරත්වය වචනයෙන් කියාගත නොහැකි තරම් සුන්දරය. අංක 9A උමග පසුකර මීටර්
තුන්සියයක් පමණ ගිය විට දුම්රිය මාර්ගයේ තියුණු වංගුවක් හමුවේ. මෙම වංගුව මධ්‍යයේදී
දිගින් මීටර් 17.68 ක් පමණ වූ අංක
10 දරන බිංගෙය හමුවේ. එය පසුකර තවත් මීටර් පනහක් පමණ ගිය විට සිංහ මුඛය නැමති
ස්ථානය හමුවේ.
එකල උඩරට
දුම්රිය මාර්ගය ඉදි කල බ්‍රිතාන්‍ය ජාතිකයින් මොරගල්ල පර්වතය කපා දමමින් ඉදිරියට
යන විට පර්වතය තරමක් ඉදරියට නෙරා ගිය කොටසක් හමුවී ඇත. මෙම ස්ථානයේ පළල උමගක්
කැණීමට තරම් ප්‍රමාවත් නොවූ නිසා ඔවුන් සිදු කර ඇත්තේ පර්වතයේ වම් පස උමගක
ආකාරයෙන් කැණීම් සිදු කළද දකුණ පස විවෘතව පවතින ලෙස කැණීම් සිදු කිරීමය. මෙහි උඩ
කොටස සම්පූර්ණයෙන් කඩා ඉවත් නොකර පියස්සක් සේ ඉතිකර කර ඉදිරියට මාර්ගය ඉදිකරගෙන ගොස්
තිබේ. මෙම ඉදිකිරීමෙන් පසු එම ස්ථානය පෙනී ඇත්තේ සිංහයෙකු සිය මුව අයාගෙන සිටින
ආකාරයකි. එම නිසා එම ස්ථානය බ්‍රිතාන්‍යයන් විසින් සිංහ මුඛය හෙවත් Lion’s Mouth ලෙස හදුන්වා ඇත. මෙම
ස්ථානයෙන් පයින් ගමන් කරන්නෙකුට දුම්රියෙන් ගමන් කරන්නෙකුට වඩා මෙහි සුන්දරත්වය විඳගත හැකිය. නමුත් මෙහි
එන ඕනෑම කෙනෙකු මතකයේ තබා ගත යුතු වැදගත්ම කාරණය වන්නේ පරිසරය රකිමින් පරිසරය
විදිය යුතුය යන්නයි. මෙම ස්ථානයට පහළින් කොළඹ නුවර මහාමාර්ගය සමීපව දැකගත හැකිය.
 |
අංක 10 බිම්ගෙය |
 |
අංක 10 බිම්ගෙය |
 |
අංක 10 බිම්ගෙය තුළින් මහනුවර දෙසට ගමන් කරන දුම්රිය |
 |
නාරිලතා චිත්‍රපටයෙන් 1969 |
 |
අංක 10 බිම්ගෙය සහ සිංහ මුඛය ඉදිකිරීම් අතරතුර |
 |
මොරගල්ල පර්වතය දිගේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් අතරතුර |
 |
සිංහ මුඛය අසල ඉදිකිරීම් අතරතුර |
 |
සිංග මුඛය තුළින් ඉදිරියට ඇදෙන උඩරට මැණිකේ දුම්රිය |
 |
සිංහ මුඛය |
දුම්රිය
මාර්ගයේ මෙම කොටස කඩුගන්නාව දුර්ගය ලෙස හැදින්වේ. මේ අවට විවිධ ශාක සහ සතුන්ගේ ජෛව
විවිධත්වයෙන් පිරි පරිසර පද්ධතියක් නිර්මාණය වී ඇත. මෙම මොරගල්ල පර්වතය කඩුගන්නාව
සංකීර්ණය නමින් හදුන්වන තද ග්‍රැනයිට් පාෂානයෙන් සැදි ඇති පර්වතයක් නිසා පර්වතය
විසින් නිර්මාරණය කරන ලද විවිද හැඩතල දුම්රිය මාර්ගයට එක්කරන්නේ පුදුමාකාර
සුන්දරත්වයකි. මෙම පාෂාන පොදුවේ විපරීත පාෂාන නමින් හදුන්වන අතර මෙයට වසර මිලියන
ගණනකට පෙර අවසන් වරට විපරීත වී ඇති බවට හදුනාගෙන ඇති බව භූ විද්‍යාඥයන්ගේ මතයයි.
 |
දුම්රිය මාර්ගයට පෙනෙන ඈත දසුන් |
 |
දුම්රිය මාර්ගයට තවමත් පෙනෙන බතලේගල කන්දේ සමීප දසුනක් |
මෙසේ සුන්දරත්වය
විදිමින් යන අපට කඩුගන්නවට පිවිසීමට ප්‍රථමයෙන් තවත් උමගක් හමුවේ. අංක 11 ලෙසින් නම් කර ඇති
මෙහි දිග මීටර් 25.91කි. එම උමග පසු කරමින් අදිරියට ඇදෙන දුම්රිය මාර්ගට නුවර කොළඹ
මහා මාර්ගය වඩාත් සමීපව ගමන් කරයි. කඩුගන්නාව දුම්රිය ස්ථානයට පිවිසීමට පෙර
මාර්ගයේ දකුණු පසින් තවත් සුවිශේෂී ස්ථානයක් හමුවේ. එනම් ඩෝසන් කුළුණයි.
 |
අංක 11 දරන උමග |
 |
අංක 11 දරන උමග |
ඩෝසන් කුළුණ
වර්ෂ 1815 දී ඉංග්‍රීසීන් විසින්
ලංකාව අල්ලා ගැනීමෙන් පසුව තමන්ගේ පරිපාලන පහසුවටත් පසුව සිදුවූ විවිධ කැරලි වලට
මුහුණ දීමට තම සේනාංක කොළඹ සිට මහනුවරට හැකි ඉක්මනින් යැවීමටත් අවශ්‍ය වූ නිසාත්
කොළඹ නුවර මහා මාර්ගය ඉදි කිරීම ඔවුන්ට අත්‍යාවශ්‍ය කාරණයක් විය. වර්ෂ 1820 වන විට ඔවුන් මුලින්ම
එකල තිබු ලංදේසි බලකොටු හරහා සීතාවක, ඉද්දමල්පාන, අරන්දර, හෙට්ටිමුල්ල, උස්සාපිටිය
හා බලන ඔස්සේ ගුරු පාරක් නිර්මාණය කළහ. නමුත් එය කොළඹ සිට දුරින් තරමක් වැඩිවූ
නිසා 1821 දී මහර, කඩවත,
යක්කල, වරකාපොල, කෑගල්ල හා මාවනැල්ල යන නගර හරහා මාර්ගයක් ඉදිකිරීමට යෝජනා විය.
මෙම මාර්ගයේ
ඉදිකීරීම් භාර වූයේ කපිතාන් විලියම් ෆ්‍රැන්සිස් ඩෝසන් නම් බ්‍රිතාන්‍ය
ඉංජිනේරුවරයාටය. වර්ෂ 1821 ආරම්භ කර 1831 වැඩ අවසන් වූ කොළඹ
නුවර මාර්ගයේ කැපී පෙනෙන වැඩ කොටසක් ඉටුකළේ කැප්ටන් ඩෝසන් විසින්ය. අද මෙන් ඩෝසර්
හෝ වෙනත් යන්ත්‍ර සූත්‍ර නොතිබී යුගයක කදු, හෙල් දිය දහරා, වනාන්තර, සතුන් සර්පයින්
වෙතින් එල්ලවන අභියෝග ජයගනිමින් මොහු විශිෂ්ඨ සේවයක් ඉටු කර ඇත. මෙකල කැළෑ උණ
හෙවත් මැලේරියාවද පැතිර ගොස් ඇත. මාර්ගය
ඉදිකරන අතරතුර රෝගාතුර වූ මොහු නැවත එංගලන්තයට ගොස් රෝග සුව වී නැවත 1822 දී මාර්ගය ඉදිකිරීම්
කටයුතු සදහා එක් විය.
කොළඹ නුවර
මාහාමාර්ගයේ ඉතාමත් අමාරුම කොටස වූ කඩුගන්නව දුර්ගයේ දී ගල් පොත්ත විද බිංගෙය
තුළින් මාර්ගය ගමන්කරවා කඩුගන්නාව නගරය දක්වා සිදුකල වැඩ කොටස විශ්ම කර්ම වැඩක් බව
එකළ සටහන් පොත් වල සටහන් කර ඇත. ඔහුගේ වැඩ පිළිබදව මවිතයට පත්වූ එඩ්ඩව් බාන්ස්
ආණ්ඩුකාරවරයා ඔහුව ලංකාවේ රාජකීය විධායක ඉංජිනේරු වරයා ලෙස පත් කළේය.
මාර්ගය මහනුවර
දක්වා ඉදිකිරීම් සිදුවෙමින් පවතින විට වර්ෂ 1829
මර්තු 28 වන දින පාචන
රෝගයකින් මියගිය බව වාර්තාවක සදහන් වේ. සමහර ජනප්‍රවාද වල සදහන් වන පරිදි කැප්ටන්
ඩෝසන් මියගොස් ඇත්තේ සර්පයෙකු දෂ්ඨ කිරීමෙනි. කෙසේවෙතත් විවිධ කරදර භාකද මධ්‍යයේ
වර්ෂ 1832 වැඩ නිම කල
කොළඹ නුවර මහාමාර්ගය විවෘත කිරීමේ උත්සවයට සහභාගී වීමට කැප්ටන් ඩෝසන් ජීවතුන් අතර
සිටියේ නැත. කෙසේ හෝ ජීවිත පර්ත්‍යාගයෙන්
මෙම මාර්ගය ඉදිකිරීම වෙනුවෙන් සිදුකළ කැපකිරීම නිසා ඔහුට දක්වන උපහාරයක් වශයෙන්
ඔහුගේ මිතුරන් එක්වී තම පරිත්‍යාගයෙන් කඩුගන්නාව දුම්රිය ස්ථානයට එපිටින් ඩෝසන්
කළුණ ඉදි කළහ.
වර්ෂ 1829 දී ඉදිකරන ලද මෙහි උස
මීටර් 13.5කි. ගඩොල් සහ
සිමෙන්ති බදාමයෙන් නිමවා ඇති කළුණ මධ්‍යයේ බුරුත දැවයෙන් කරවන ලද කණුවක් දැකිය
හැකිය. මෙම කණුවත් බිත්තියත් සම්බන්ධ වන ලෙස පියගැට පෙළක් නිර්මාණය කර ඇත. කුළුණ
තුළට වාතය ඇතුළු විමට සාදන ලද වා කවුළු දැකිය හැකිය. කුළුණ මුදුනේ වේදිකාවක් දැකිය
හැකි අතර ඒ මත ඉදිකල ගඩොල් ආරුක්කුවක් සහිත පියස්සක්ද දැකිය හැකිය.
 |
ඩෝසන් කුළුණ |
කඩුගන්නාව
දුම්රිය ස්ථානය
උඩරට මැණිකේ
දුම්රියෙන් ගමන් ගන්නා අපි මීළගට පිවිසෙන්නේ කඩුගන්නාව දුම්රිය ස්ථානයටයි.
කඩුගන්නව යනු කොළඹ කොටුවේ සිට හමු වන 48
වන දුම්රිය ස්ථානයයි. එය කොළඹ කොටුවේ සිට කිලෝමීටර් 106.1 ක් දුරින් සහ මුහුදු
මට්ටමේ සිට මීටර් 515.24ක උසින්
පිහිටයි. රඹුක්කනින් ඇරඹි සීඝ්‍ර නැග්ම කඩුගන්නව දුම්රිය ස්ථානයෙන් අවසන් වේ.
එතැන් සිට දුම්රිය මාර්ගය තරමක තැනිතලා ස්වභාවයක් ගනී.
වර්ෂ 1867 මාර්තු මස 20 වන දින කඩුගන්නාව දුම්රිය
ස්ථානය විවෘත කර ඇතත් එම පැරණි ගොඩනැගිල්ල අද වන විට දක්නට නොමැත. පැරණි ඡායාරූප
වල පමණක් එය දැකගත හැකිය. නමුත් මුල් ඉදිකිරීම් වල කොටස් කිහිපයක් අදටත් දැකගත
හැකිය. කඩුගන්නාව එකල බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ ප්‍රධාන නවාතැන් පොලක් බවට එහි ඇති
බංගලා සමූහය හා එකල පැරණි සමාජ ආයතනය ඇතුළු ඉදිකිරීම් සාක්ෂි දරයි. එමෙන්ම මෙහි
වාෂ්ප එනිජින් සදහා ජලය ලබා ගත් ජල ස්ථම්භ, ජල නල පද්ධතිය හා අතහැර දමන ලද ළිං,
දුම්රිය එන්ජින් නඩත්තුව හා ගාල් කර තැබී ම සදහා වූ පැරණි දුම්රිය ධාවනාගාරය,
දුම්රිය හැරවුම් වේදිකාව, පැරණි යකඩ ගුවන් පාලම, පැරණි ගබඩා ගොඩනැගිල්ල, සංඥා
කුළුණ, පැරණි සංඥා ආලෝක ලාම්පු, පැරණි තරාදිය හා දොඹකරය මෙන්ම වාත්තු යකඩින් කරන
ලද දුම්රිය මාර්ගය හා සම්බන්ධ සංඥා ආදිය තවමත් දැකගත හැකිය. වර්ෂ 1873 දී ස්ථාපිත කරන ලද
ටෙලිග්‍රාෆ් පණිවුඩ හුවමාරු ක්‍රමය හා 1879
දී ආරම්භ වුන පැති සංඥා ක්‍රමයේදී භාවිතා කරන ලද උපකරණ
වල කොටස් අදටත් මෙහි දක්නට ඇත. එමෙන්ම 1895
වර්ෂයේ ස්ථාපිත කරන ලද ටැබ්ලට් ක්‍රමය හා 1969 ඉදිකරන ලද පැරණි සැමපෝ
සංඥා කුළුණු ද අදටත් භාවිතයට ගනු ලැබේ. මෙකී සියල්ලක්ම කියා පාන්නේ කඩුගන්නාව
දුම්රිය ස්ථානය පිළිබදව බ්‍රිතාන්‍ය ජාතිකයින්ගේ විශේෂ උනන්දුවක් තිබූ බවය.
 |
කඩුගන්නාව එකල 1880 (ඩෝසන් කුළුණ සහ කඩුගන්නාව දුම්රිය ස්ථානය |
 |
පැරණි යකඩ ගුවන් පාලම හා පැරණි ජලස්ථම්භය |
 |
පැරණි දොඹකරය |
 |
පැරණි ගබඩා සංකීර්ණය |
 |
අතහැර දැමූ ළිදක් |
 |
පැරණි ජලස්ථාම්භය |
 |
එකල වාෂ්ප එන්ජින් වලට ජලය පිරවූ නල |
 |
කඩුගන්නාව බ්‍රිතාන්‍ය පාලන සමයේදී |
 |
කඩුගන්නාව දුම්රිය ස්ථානය මුල් යුගයේ ඡායාරූපයක් (AI මගින් වර්ණ ගන්වා ඇත) |
 |
කඩුගන්නාව දුම්රිය ස්ථානය අද |
 |
කඩුගන්නාව දුම්රිය ස්ථානය අද |
 |
කඩුගන්නාව අවට සුන්දරත්වය |
 |
කඩුගන්නාව අවට සුන්දරත්වය |
 |
කඩුගන්නාව අවට සුන්දරත්වය |
කඩුගන්නාව
ජාතික දුම්රිය කෞතුකාගාරය
ශ්‍රී ලංකා
දුම්රිය සේවයට වසර 150ක් සපිරීම
නිමිත්තෙන් 2014 දෙසැම්බර් 27 වන දින මෙය විවෘත කර
ඇත. කඩුගන්නව දුම්රිය ස්ථානයට යාබදව අක්කරයකටත් අඩු ඉඩක මෙය පිහිටා ඇත. නමුත් කුඩා
ඉඩ ප්‍රමාණයක වුවද දුම්රිය ඉතිහාසය පිළිබදව වැදගත් තොරතුරු රැසක් ලබා ගත හැකි ලෙස
මෙය පිහිටුවා ඇත. මෙරටට ගෙනා පළමු ඩීසල් එන්ජිම, පටු මාර්ග වල ධාවනය වූ N1 පංතියේ දුම්රිය එන්ජිම, ලංකාවට ගෙන්වන ලද මුල්ම
බලවේග කට්ටල ත්‍රිත්වය, ප්‍රතිංස්කරණය කරන ලද වාෂ්ප එන්ජිමක්, සමරු ඵලකය, ගැරට්
එන්ජිම, ටැබ්ලට් සංඥා ක්‍රමය, 1930 දී මෙරටට
ගෙන්වන ලද කාලගණකයක්, විවිධ දුම්රිය ලාම්පු වර්ග, ඩක්කුවක ආකෘතියක්, ආදී දුම්රිය
ඉතිහාසයට අයත් බොහෝ දේ මෙහිදී දැකගත හැකිය.
 |
කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ දේ |
 |
කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති විවිධ දේ
|
කඩුගන්නාව
අම්බලම
කඩුගන්නව අවට
සැරිසරන අපි තවත් වැදගත් ස්ථානයක් පිළිබදව කතාබහ කළ යුතුමයි. ඒ කඩුගන්නාව
අම්බලමයි. කොළඹ නුවර මහාමාර්ගයේ කොළඹ සිට මහනුවර වෙත ගමන් කරන විට හමුවන කඩුගන්නාව
කන්ද නගින විට වම් පසින් මෙම අම්බලම දැකගත හැකිය. පැරණි වාර්තා වලට අනූව මෙම
අම්බලම වසර 200 පමණ පැරණිය. 18 වන සියවසේ මුල් භාගයේ
දී ඉදිකරන්නට ඇතැයි විශ්වාස කරන මෙය ඉදිකළේ කවුරුන් විසින්ද යන වග නිශ්චිතව
හදුනාගෙන නොමැත. පැරණි වලව්වක කුඩා ආකෘතියක් ලෙසින් දිස්වන මෙය ගඩොල් සහ බදාම යොදා
නිම කර ඇත. වහලය මහනුවර යුගයට නෑකම් කියන අතර වහලයට පැරණි උළු සෙවිලි කර ඇත. එනම්
මෙම ගොඩනැගිල්ල මහනුවර යුගයේ ගෘහ නිර්මාණ ශිල්පීය භාවිතා කරමින් ඉදිකර ඇත.
 |
කඩුගන්නාව අම්බලම |
ඉතිරිය මීළග
කොටසට
සටහන
චතුරංග
ජයසුන්දර
No comments:
Post a Comment