පෙර ලිපිය මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 29
සේරුවාවිල බලන්න යමු
සේරුවාවිල මංගල මහා සෑය අවට මේ ප්‍රදේශය එවකට පැවතී ඇත්තේ ජලය පිරුණ මහා විලක් ලෙසය. සේරුවාවිල චෛත්‍යය වන්දනාමාන කිරීමට පැමිණි බැතිමතුන් එදා සේරුනුවර සිට මේ විල හරහා ඔරු පාරු වලින් පැමිණ තමයි චෛත්‍යය වන්දනා කර ඇත්තේ. නමුත් 1958දී පැමැණි මහා ගංවතුර නිසා මේ මුලු ප්‍රදේශයම යටවී ගොස් තිබේ. එම නිසා මේ විලේ භෞතික පිහිටීම වෙනස් වී විල්ලුවක ලක්ෂණ ලක්ෂණ තමයි දැන් දැකිය හැක්කේ. පසු කාලීනව මේ ප්‍රදේශය සිතියම් ගත කිරීමේ දී මෙම සේරුවාවිල අපි කලින් සදහන් කල අල්ලේ ජලාශය ලෙස නම් කර ඇත. නමුත් මෙහි ජලාශයක්ද දැකිය නොහැක. මේ වන විට මෙහි ඇත්තේ තැන තැන වතුර එක් වුන විල්ලුවක් පමණි.
සේරුවාවිල මංගල මහා සෑය
මංගල මහා සෑයේ ඉතිහාසය පූර්ව ඓතිහාසික යුගය දක්වාම දිව යනවා. මෙහි ඉතිහාසය පිළිබදව ක්‍රි.පූ යුගයේ සිටම වංශ කතා වල සදහන් වෙනවා. මේ මහා සෑය ඉදිකිරීමේ ගෞරවය හිමිවන්නේ කාවන්තිස්ස (ක්‍රි.පූ 205 – 61) රජතුමන්ටය. ඉතිහාසයේ සදහන්වන පරිදි මහානාග යුවරජු හත්තෝට්ඨ ජනපදයේ මහාකල කෙලඹියාගෙන් ලබා ගත් බුදුන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ මහානාග යුව රජුගේ පරම් පරාවේ ජ්‍යෙෂ්ඨයා වන කාවන්තිස්ස රජු විසින් ධාතු ගර්භයේ නිධන් කොට මංගල මහා සෑය සෑදූ බව තමයි සදහන් වෙන්නේ. කවන්තිස්ස රජතුමන් මාගම සිට සේරු නුවරට පිරිවර සමග පැමිණ මංගල මහා සෑයේ ධාතු නිධාන උත්සවයට පැමිණි බවද ඉතිහාසයේ සදහන් වේ.
සේරුවාවිල මංගල මහා සෑයේ බුදුන් වහන්සේගේ ලලාට ධාතූන් වහන්සේ මෙන්ම තපස්සු භල්ලුක වෙළද දේබෑයන්ට බුදුන් වහන්සේ ජීවමාන කාලයේ ලබා දුන් කේෂ ධාතූන්ගෙන් කොටසක් ද මෙහි තැන්පත් කර ඇති බව ධාතු වංශයේ සදහන්වේ. මීට වසර දෙදහස් දෙසිය ගණනකට පෙර මෙම ස්තූපය සඟසතු කොට පූජා කර ඇත්තේ චුල්ල පිණ්ඩපාතික හා සිස්ස විහාරයේ සාගල නම් භික්සූන් වහන්සේගේ උපදෙස් පරිදි බව ධාතුවංශයේ සදහන් වෙයි.
පුරාතනයේ නාග ගෝත්‍රිකයන්ගේ පුණ්‍ය භූමියක් බව සිතිය හැකි සාක්ෂි මෙහි පුරාවිද්‍යාත්මක කැණීම් වලින් හමු වී ඇත. නයිපෙන නවයකින් සහ හතකින් ආවරණය ලත් බුදු පිළිම ඒ අතර වේ. වනයට වන්නට සිය ගණන් ගල් ගෙවල් මෙන්ම ගල් පොකුණු, ආරාමික නටඹුන්, කළු ගලින් කල විශාල මල් ආසන ද පුරාවිද්‍යා කැණීම් වලින් සොයාගෙන ඇත. මේ භූමියෙන් විශාල සෙල්ලිපි ප්‍රමණයක් හමුවිය හැකි බව පුරාවිද්‍යාඥයන් විශ්වාස කලද දවමත් හමුවී ඇත්තේ සෙල්ලිපි දෙකක් පමණි. මේවාද දැඩි ලෙස විනාශයට පත් වූ ඒවාය. මේවා තුළ සදහන් කරුණු අනූව කාල නිර්ණය කල විට හතරවන කස්සප රජුගේ කාලයට අයත් සෙල්ලිපියක් බව උපකල්පනය කරනු ලැබේ. මේ සෙල්ලිපියෙහි මේ චෛත්‍යය හදුන්වා ඇත්තේ "තිස්මහ වෙහෙර" ලෙසය. එනම් තිස්ස මහා විහාරය ලෙසය.
මේ ස්ථානය වෙත පැමිණීමට මාර්ග දෙකක් භාවිතා කල හැකිය. එක් මාර්ගයක් වන්නේ කන්තලේ හරහා ඇති මාර්ගයයි. අනෙක් මාර්ගය වන්නේ ත්‍රීකුනාමලයේ සිට කින්නියා, මූතූර් හරහා එන මාර්ගයයි. කින්නියා පලම ඉදිකරන්නේ 2009 යුද්ධය නිමා වීමෙන් පසුවයි. මෙය දැනට ලංකාවේ දිගම පාලම වන අතර එහි දිග මීටර් 400ක් සහ පළල මීටර් 10ක් වේ. මේ පාලම කින්නියා ප්‍රදේශයේ කොඩිඩියාර් බොක්ක සහ තඹේලගම් බොක්ක මගින් වටවූ කලපු ප්‍රදේශය හරහා ඉදි කල නිසා මීට පෙර පාලම් පරුවෙන් ගමන් කල මගීන්ට විශාල සහනයක් සලසා දී තිබේ. මේ පලම ඉදිවෙන්නට මත්තෙන් බැතිමතුන් ත්‍රීකුණාමලයේ සිට බෝට්ටුවෙන් කි.මී 14.5ක් පමණ දුරක් මූතූර් දක්වා පැමිණ එතැනි සිට තවත් කිලෝමීටර් 16ක් පමණ ගමන් කර තමයි සේරුවාවිල වෙත පැමිණ ඇත්තේ.
![]() |
සේරුවාවිල මංගල මහා සෑය |
කාලයාගේ අවෑමෙන් වල් බිහිවී තිබූ සේරුවාවිල මංගල මහා සෑය සොයාගනු ලබන්නේ 1924 දී දොඹගස්ආරේ ශ්‍රී සුමේධංකර නායක ස්වාමීන් වහන්සේ විසිනි. බැතිමතුන්ගේ දායකත්වය සපයාගෙන 1925දි මුල්ගල තබන ලද ඒ චෛත්‍යයට තමයි අද අපි වන්දනාමාන කරනු ලබන්නේ.
![]() |
සේරුවාවිල රජමහා විහාරයට පැමිණෙන ප්‍රධාන පිවිසම.. |
![]() |
සෙරුවාවිල චෙත්‍යය අවට ප්‍රදෙශය |
![]() |
එදා සේරු විල අද පෙනෙන අයුරු |
![]() |
අද අල්ලෙයි වැව ලෙස නම් කර ඇති සේරුවාවිල |
රොබර්ට් නොක්ස් අත්තඩංගුවට පත්වුන තැන පිහිටි සියඹලා ගස
සෝමාවතියෙන් පස්සේ මහවැලි ගගේ කදුණු ඉවුර දිගේ වෙරුගල් ආර හරහා මාවිල් ආර ජලාශය දැකගත්ත අපි ඒ පැත්තෙන්ම සේරුවාවිල මංගල මහා සෑය වදින්න ආවා. මෙතැනින් නැවතත් මහවැලි ගඟට බහින්න කලින් අපි යනවා සේරුවාවිලට උතුර දෙසට වන්නට ඇති මූතූර් වෙත. මූතූර්හි 3CD හන්දියේ සිට ත්‍රීකුණාමලය දෙසට යන විට රොබට් නොක්ස් සියඹලා ගස දෙසට හැරෙන මාර්ගය හමුවේ. එම ස්ථානයේ Knox Tree යනුවෙන් සදහන් කල නාම පුවරුවක්ද දැකිය හැකිය. එතැනින් හැරී මීටර් 600ක් පමණ ගිය විට මෙම ගස සහිත ස්ථානයට පැමිණිය හැකිය.
මේ අපි කියන රොබට් නොක්ස් අල්ලා ගැනීමේ කතාවත් හරි අපූරු එකකි. ඒ දෙවන රාජසිංහ රජතුමන් උඩරට රාජධානියේ රජ කරන සමයයි. රොබර්ට් නොක්ස් (Robert Knox (8 February 1641 – 19 June 1720))යනු බ්‍රිතාන්‍ය ඉන්දියා වෙළද සමාගමෙහි සේවය කල ඉංග්‍රීසි නැවියෙකි. මොහු රොබට් නොක්ස් නමින්ම හැදින් වුන නැව් කපිතාන් වරයෙකුගේ පුත්‍රයා විය. 1659 දී ඉන්දියාවේ සාන්ත ජෝර්ජ් කොටුවේ (වර්තමාන චෙන්නයි) සිට එංගලන්තය බලා අන්නා (ANN) නැමති නැවේ නැගී ගමන් කරන විට කුනාටුවකට හසුවී අබලන් වූ නැව ලංකාවේ ත්‍රිකුණාමල වෙරළට සේන්දු වෙනවා. මහනුවර රජුගේ අණ පරිදි ත්‍රිකුණාමලයේ මූතූර් නැමති ප්‍රදේශයේ දී නැවෙහි සේවක කණ්ඩායමේ තවත් 17 දෙනෙකු සමග මොවුන් දෙදෙනා අත්අඩංගුවට අනු ලබන අතර රජුගේ අවසරය මත රටෙහි ජීවත් වීමට අවසර ලැබුන මුත් රටින් පිටවීමට අවසර නොලැබුනි.
උඩරට පදින්චි වී ශ්‍රි ලාංකික කාන්තාවන් සමග විවාහ වූ මේ පිරිසෙන් බර්ගර් ජනයා බිහිවීම ආරම්භ විය. පසුකාලීනව මැලේරියා රෝගය වැළදුනු පියා මියගිය අතර අවුරුදු 19ක් ලංකාවට කොටුවී සිටි රොබට් නොක්ස් ලංදේසින්ගේ සහය ඇතිව ලංකාවෙන් පැන යන අතර, ඔහු එංගලන්තයට ලගා වෙනවා. 1680 දී නැගෙනහිර ඉන්දියා වෙළද සමාගමට එක්වන ඔහු නැව් කපිතාන් වරයෙක් බවට පත් වෙනවා. 1964දී සේවයෙන් විශ්‍රාම ගන්නා විටත් මොහු ධනවත් අවිවාහකයෙකි.
![]() |
රොබට් නොක්ස් මහතා |
![]() |
එම ඓතිහාසික සයඹලා ගස විනාශ වීමට පෙර |
![]() |
එම ඓතිහාසික සයඹලා ගස විනාශ වීමට පෙර |
![]() | |
එදා සියඹලා ගස අසල පිහිටුවා තිබු පුවරුව. අදත් මෙය දක්නට ලැබේ |
![]() |
වර්තමානයේ ඇති සියඹලා ගස |
එදා ශ්‍රි ලාංකීය ජන ජීවිතය පිළිබිඹු කරන චිත්‍ර සටහන් වලින් සමන්විත වූ An Historical Relation of the Island Ceylon නැමති ග්‍රන්ථය 1681දී මොහු විසින් රචනා කර ඇත. මෙම පොත මගින් ලංකාවේ ජන ජීවිතය පිළිබදව යුරෝපීය දෘෂ්ඨිකෝණය මැනවින් හා සවිස්තරාත්මකව ඉදිරිපත් කර ඇත. මෙය 17 වන සියවසේ ලංකාව පැවති තත්වය පිළිබදව තොරතුරු හෙළි කරන ඉතාමත් වටිනා අමිල වාර්තාවක් ලෙසද සැලකේ. මෙම කෘතිය කතුවරුන් කිහිපදෙනෙකු අතින් සිංහලට පරිවර්තනය වුවද ඩේවිඩි කරුණාරත්න මහතාගේ එදා හෙළදිව ලෙසින් නම් කල සිංහල අනුවාදය බෙහෙවින් ප්‍රචලිත විය.
කෙසේ නමුත් රොබට් නොක්ස් ඇතුළු පිරිස අත්අඩංතුවට පත් වන්නේ සුවිශාල සියඹලා ගසක් යට දීය. එම මහා සියඹලා ගස 1967 දි මුතූර් ප්‍රදේශයට බලපෑ විශාල සුලි සුළගකින් විනාශ වෙනවා. අද අපිට දකින්නට ලැබෙන්නේ එම ගසෙන් හටගත් අංකුරයකි. එය මේ වන විට ඓතිහාසික වෘක්ෂයක් ලෙස සංරක්ෂණය කර ඇත.
![]() |
නොක්ස්ගේ කෘතියේ සිංහල පරිවර්තනය |
![]() |
නොක්ස් ලියූ කෘතිය |
No comments:
Post a Comment