Sri Lanka

Monday, July 22, 2019

මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 07


පෙර ලිපි - මහවැලි ගඟ දිගේ - හද බිමේ ඇවිද යමු.. 06



කොත්මලේ ඔයේ අවසානයට යමු...

කොත්මලෙන් සමුගන්න කලින් අපි තවත් යා යුතු සුවිශේෂී ස්ථානයක් තියනව. ඒ තමයි කොත්මලේ පිහිටි රණමුනේ වෙල් යාය. මේ වෙල්යායේ තියෙනව සුවිශේෂී ස්ථානයක්. ඒ තමසයි රජ පිහිල්ල. මේ පිහිල්ලෙන් නා කියා ගත්තෙත්, ඔය කියන රණමුනේ වෙලට ගෙනාවෙත් අපේ ගැමුණු කුමාරයා. ඒ ස්ථානයත් දැක බලා ගත යුතුම තැනක්.




ගැමුණු කුමාරයා දියා නෑ රජ පිහිල්ල



ඉතින් මේ කොත්මලේ ගැන ටිකක් වැඩිපුර කථා කරන්න උත්සාහ කලේ මේ තමයි මහවැලි ග දිගේ යන අපිට මුණගැහෙන ඉපැරණිම සහ විශාලම ජනාවාසය තමයි කොත්මලේ. කොත්මලේ ඉතිහාසය පටන් ගන්නෙ සමහර අය කියන විදියට යක්ෂ ගෝතිකයන්ගෙන්. තවත් කථාවක් තියනව ඔ්‍ය ජලාශයට යටවුන රන්වන් තලාව කියන හරියෙ තිබිල තියනව බුදුනු වැඩි ලෙන කියල ලෙනක්. මේ ලෙනේ හිටියයි කියල කියනව පසේ බුදු වරයෙක්. මේ කථා වලට පස්සෙ තමයි අපේ ඔය රාජකීය ඉතිහාසයේ ජනප්‍රියම පුද්ගලයා නැත්තන් ජනකානතම රජතුමා වන දුටුගැමුණු කුමාරයා ගැන කථාව එන්නෙ. මීට අමතරව මහා වංශයේත් මේ ගැන තවත් සදහන් වෙනව. තුන්වෙනි විජයබාහු රජතුමා, රාජාධී රාජසිංහ රජතුමා, ශ්‍රී වික්‍රම රාජසිහ රජතුමා වගේ විතරක් නෙමෙයි 1818 කැරැල්ලට සහභාගී වුන ප්‍රධාන කැරලි නායකයින් පවා කොත්මලේ ජීවත් වුනා කියල සදහන් වෙනව.

මේ විතරක් නෙමෙයි කොත්මලේ ශාස්ත්‍රවන්තයෝ, කවියෝ නක්ෂත්‍ර කරුවන් වගේ බොහෝ පරිසක් මෙහි ජීවත් වෙලා තියනව. ඔය පොන්න නැකැත්තා නැත්තන් කොත්මලේ ගණිතයා, ලොකුරු නයිදේ, මුංකොටුවේ රාළ, කුඩා ගණිතයා වගේ නම් ගම් කොත්මලේ පුරාවෘත්ත වල බොහො විට කියවෙනව. මේ අය ශ්‍රී රාජාධී රාජසිංහ රජතුමාගේ කවිකාර මඩුවේ හිටිය කියල තමයි බොහො විට කියවෙන්නෙ. හැබැයි මේ පොන්න නැකැත්ත ගැන බොහෝ කථා තියනව. මොහු ගැන හරි හැටි කාල නිර්ණයකුත් නැති තරම්. එක පුරාවෘත්තයක ඔහු පුසුල්පිටිය පන්සලේ උත්පත්ති කථාවෙ ඉන්නව. ඔහු ගැමැණු කුමාරයාගෙ කථාවෙත් ඉන්නව. රාජාධී රාජසිංහ රජතුමාගෙ කථාවෙත් ඉන්නව. හැබැයි ඒ කොහොම වෙතත් මේ පොන්න නැකැත්ත නැත්තන් කොත්මලේ ගණිතයා කියුව අනාවැකි වලින් එකක් හරි ගිහින් තියනව. මේ පළාතේ ඒ කථාව තමත් තියනව. ඒ තමයි ඔහු කියල තියනව කවද හරි දවසක මේ තිස්පනේ කන්දත් කඩදොර කන්දත් යාවෙනව කියල. ඇත්තටම ඒ කථාව හරි. මේ කදු දෙක යාවෙලා තමයි කොත්මලේ මහා ජලාශය හැදෙන්නෙ. හැබැයි ඒ මහා ජල කදෙන් මේ පුරාවෘත්ත වලට සම්බන්ධ වෙන මහා භූමි භාගයක් යටවෙලා නැති වෙලා යනව.

 
කොත්මලේ මහා ජලාශය

  

කොත්මලේ මේ කතන්දර ටිකත් කියවගෙන අපි කොත්මලේ ඔය දිගේ ඉස්සරහට යනව. කොත්මලේ ඔය මහවිල්ලාවෙදි හැටන් ගට එකතු වෙලා එතනින් තමයි අපේ මහා නදිය නැත්තන් මහවැලි නදිය ආරම්භ වෙන්නෙ. නමුත් අපි තවත් කාරණාවක් මතක් කරනව. ඒ තමයි අපි අතීතයේ ඉදන් විශ්වාස කලේ මහවැලිය සමනොල කන්දෙන් පටන් අරගෙන හැටන් ග දිගේ ගලනව කියල. නමුත් අද වන විට භූගෝල විද්‍යාත්මකව ඔප්පු වෙලා තියනව ඊට වඩා වෙනස් මතයක්. ඒ නිසයි අපි මුල් දියත්ත ගැන සොයන්න අග්‍රා ඔය දිගේ හොර්ටන් තැන්නට ගියෙ. නමුත් අපේ අපේ අධ්‍යයනය සදහා හැටන් ග‍ගේ මුල් දියත්ත සොයා යායුතුමයි. 

 

මහවිල්ලාවේ සිට හැටන් ගගේ මුල් දියත්ත සොයා හැටන් දෙසට


හැටන් ගගේ මුලි දියත්ත සොයා යමු..

අද ශ්‍රී පාදයට දුම්රියෙන් යන අය දුම්රියෙන් ගොස් බසින්නේ හැටන්වලිනි. 1870 පමණ බදුල්ල දුම්රිය මාර්ගය සෑදීමේ දී එහි එක් නැවතුම්පොළක් වූයේ හැටන් ය. 1870 වනතුරු හැටන් දැඩි ඝන කැළෑවට යට වූ සීතල වනාන්තරයක් විය. හැටන් නගරයට සිංහල නමක් පවා නැත. මහනුවර යුගය දක්වා ම ශ්‍රී පාදය වැඳීමට පයින් ආ වන්දනා නඩවල ගමනාන්තය වූයේ ගිනිගත්හේනයි. ගිනිගත්හේන සිට හඟරාපිටිය හරහා ශ්‍රී පාද වන්දනාවට යාම ඔවුන්ගේ චාරිත්‍රය විය.

හැටන් නගරය (කඳුකරයේ සාම නගරය) ශ්‍රී ලංකාවේ අයත්වන්නේ මධ්‍යම පළාත තුළ පිහිටි දිස්ත්‍රික්ක 3න් සුන්දරතම දිස්ත්‍රික්කයක් වන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයටයි. එහි නුවරඑළිය නගරය හැරුණු විට දෙවන ප්‍රධානතම නගරය වන්නේ හැටන් නගරයයි. සුන්දර කඳුකර පෙදෙසක පිහිටා ඇති ‍‍මෙම ප්‍රදේශය, සානුවක පිහිටා ඇති අතර, එය හැටන් සානුව ලෙස ප්‍රසිද්දියට පත්ව ඇත. පාලනමය වශයෙන් මධ්‍යම පළාත් සභාව යටතේ සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය යටතේ මෙන්ම නුවරඑළිය-මස්කෙලිය ඡන්ද කොට්ඨාශයටත් අඹගමුව කෝරලේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයටත්, හැටන් දික්ඔය නගර සභා පාලන සීමාවටත් අයත්වේ.

ඉතින් මේ හැටන් නගරය පහු කරල දික් ඔය පාරෙ යනකොට අපිට හම්බවෙනව පරණ හැටන් කොළඹ පාර. ඒ පාරෙ ටිකක් ඉදරියට යනකොට අපිට හමු වෙනව ඇබෝසලි (ABBOTSLEIGH) වතුයාය. අපි යනව මේ අබෝසලි වත්තට හැටන් ගගේ මුලි දියත්ත හොයාගෙන ඇබෝස්ලි වත්තට යන්න කලින් තවත් වැඩදග් දෙයක් කියන් තියනව. අපි ගත්තොත් මේ ගංගා ටිකේ උස දැක්වෙන ප්‍රස්ථාරයක් ගත්තොත් අපිට පෙනී යන සුවිශේෂී කාරණයක් තියනව. ඒ තමයි හැටන් ගග ගත්තොත් එහි ආරම්භක ස්ථානයේ මහුදු මට්ටමේ සිට උස ගත්තොත් මීටර් 1800. ඒ වගේම දිග ගත්තොත් කිලෝ මීටර් 300. අග්‍රා ඔය ගත්තම එහි මුහුදු මට්ටමේ සිට උස මීටර් 2400. දිග කිලෝ මීටර් 325. ඒ අනූව අපිට පැහැදිලිවම ඔප්පු වෙනව මහවැලි ගගේ මුල හැටන් ගග නොව අග්‍රා ඔය බව.

 
අග්‍රා ඔයේ දිග සහ මුහුදු මට්ටමේ සිට උස වෙනස් වන අකාරය


හැටන් ගගේ දිග සහ මුහුදු මට්ටමේ සිට උස වෙනස් වන ආකාරය



 අග්‍රා ඔය පටන් ගන්නෙ හෝර්ටන් තැන්නෙන්. හැටන් ගග පටන් ගන්නෙ ඇබොස්ලි වත්තෙන්.
 


ඇබෝස්ලි වත්ත


අපි මේ කතා කරන ඇබොස්ලි වත්ත කියන්නෙ තේ වත්තක්. අපි හැටන් ගග මෙතනින් පටන් ගන්නව කිවුවට හරියටම මෙතැනමයි කියල කියන් තැනක් හොයාගන්න අමාරුයි. නමුත් මේ තේ වත්තේ උස් මුදුන් වල තෙත් ද්‍රෝණි බොහොමයි. ඒ ද්‍රොණි වල තියන තණකොල පදුරු අස්සෙන් ජල සීරා සිය දහස් ගණනක් තියනව. ඒ ජල සීරාවන් ඇබොස්ලි කන්ද වටේ ගිහින් තමයි අන්තිමේදි හැටන් ගගේ මුල් දියත්ත නිර්මාණය වෙන්නෙ. ඇත්තටම මේ ඇල පාරෙ මුල්ම හරිය ගලන්නෙ අපිට ලන් වෙන්න බැරි සීමාවෙන්. ඒ නිසා ඒවා ඡායාරූපයට නැගීමට හැකියාවක් නැති තරම්. 


තණකොල පදුරු අස්සේ ජල සීරා

ඇබෝස්ලි වත්තේ කුඩා දියසීරාවල් වලින් පටන් ගත්ත හැටන් ග පුලුල් ඔයක් බවට පත් වී හැටන් නගරය හරහා ගලා ගොසින් මහවිල්ලාවෙදි කොත්මලේ ඔයට එකතු වෙලා මහවැලි ගග නිර්මාණය කරනව. එසේ නම් අපි මහවිල්ලාවට යමු මහවැලි ගග හොයාගන්න. 

එයිට කලින් හැටන් ග වටවල හරහා ගලනව. වටවල කියන්නෙ ලංකාවේ වැඩිම වර්ෂාපතනයක් ලැබෙන නගරය. මෙහි වාර්ෂීක වර්ධිපතනය ආසන්න වශයෙන් මිලිමීටර් 3500ක් පමණ වෙනව. මේ වර්ෂාපතනයත් එක්ක හැඩ වන හැටන් ගගේ පළවැනි කුඩා විදුලි බලාගාරය නිර්මාණය වෙනව දියගලදි. මෙහිදී කුඩා වේල්ලකින් හැටන් ගග හරස් කරල කොන්ක්‍රීට් වලින් හදපු ඇල මාර්ගයක් දිගේ බලාගාරයට ගෙනියනව. ඔබට මතක ඇතිනෙ අග්‍රා ඔයෙන් නිර්මාණය වෙන ඩයගම පවර් හවුස් ගැන අපි කථා කලා. මේ බලාගාරය හදුන්වන්නේ Carolina 1 Mini Hydro Power Station කියල.


බලාගාරයට වතුර ලබාගන්න වේල්ල

බලාගාරයට වතුර ලබාගන්නා ඇල මාර්ගය



 
මේ බලාගාරය Google Maps වල දැක්වෙන අයුරු

   

 මේ ස්ථානයේ street view බලන්න මෙතනින් යන්න

මේ බලාගාරයත් බලාගෙනම අපි යනව මහවැලි ගගේ ආරම්භය ගැන කථා කරනකොට අපිට හමුවෙන සුවිශේෂී ස්ථානයකට. ඒ තමයි ගිණීගත්හේන පොළිසිය. අපේ මේ හැටන් ගග අඩි 2000 සීමාව පසුකරමින් තමයි ගිණිගත්හෙන හරහා ගලන්නෙ. මේ අපි කථාකරන ගිණිගත්හෙන පොළිසිය පිහිටන්නෙ භූගෝල විද්‍යාත්මකව හදුන්වන නෙරුවක මුදුනෙ. ඉතින් මේ ගිණිගත්හෙන් පොළිසිය දිහා අපි පාරෙ දින් බැලුවොත් එහි වහලයේ දකුණු පසට වැටෙන ජලය ගලාගෙන යන්නෙ හැටන් ගගට. ඒ වගේම වම් පැත්තට වැටෙන ජලය ගලන්නෙ කෙසෙල්ගමු ඔයට. කෙසෙල්ගමු ඔය කියන්නෙ කැළණි ගගේ ශාඛාවක්. ඉතින් අපි මහවැලි ගග ගැන කථා කරනකොට ගිණිගත්හේන පොළිසියනම් අමතක කරන්න බෑ අපිට.


ගිණිගත්හේන පොළීසිය
 
ගිණිගත්හේන පොළිසියේ කථාබහට ලක්වෙන වහලය
මෙම ස්ථානයේ streert view බැලීමට මෙතනින් යන්න




මේ හැටන් ගග දිගේ තවත් ටිකක් පහළට යනකොට අපිට හම්බ වෙනව තවත් කුඩා විදුලිබලාගාරයක්. ඒ තමයි කොලදෙණියා කුඩා විදුලි බලාගාරය. ඉංජිනේරු විනොද් සුරංග මහතා විසින් නාවලපිටිය අසල මේ ස්ථානය සොයාගත් අතරු මේගාවොට් 1.2ක් නිපදවියහැකි මේ බලාගාරය 2008දී සෙන්ටාබ් සිවිල් ඉංජිනේරු (පුද්ගලික) සමාගම විසින් ඉදි කර ඇත.

 

 
මේ බලාගාරය පිහිටි ස්ථානය සිතියමේ දැක්වෙන අයුරු
බලාගාරයට ජලාය ලබාගන්න ඇල මාර්ගය
 
 

හැටන් ගගෙත් කොත්මලේ ගග දිගෙත් මෙතෙක් දුර ඇවිදපු අපි මීලගට මහවැලි 

ගග දිගේ ඇවිදිමු.

 

 

සටහන - චතුරංග ජයසුන්දර