Sri Lanka

Friday, August 9, 2013

ආදරයේ උල්පත වූ අම්මා


ටික කාලෙකට අලුත් දෙයක් ලියන්නෙ නෑ කියල හිටියත් මේ ගීතය ඇහෙද්දි මේ ලිපිය ලයන්නම හිතුන. ලියන්න මාව උනන්දු කරන ඔයාට හැමදාමත් ස්තූතියි. ඇත්තටම මටනම් තේරෙන්නෑ ඇයි වික්ටර් රත්නායකයන්ගෙ ගීත මේ තරමටම හිතට කාවදින්නෙ කියල. ඒ තරම්ම අපූරු හඩක් එතුමන්ට පිහිටල තියනව. ඔහුගෙ ගිත වලට එදත් අදත් තව ඉදිරියටත් අපි ආසයි. මම විශ්වාස කරනව ඒක තවත් අලුත් උනා කියල, ඇරෝ ස්ටාර් සංගීත කණ්ඩායමේ රොෂාන් ඇන්ටන් දෙපලගෙ අලුත්ම සොයාගැනීම නිල් නීරෝ ප්‍රනාන්දු නිසා කයල. ඔහු බොහොම අපූරුවට වික්ටර් රත්නායකයන්ගෙ ගීත ඒ හඩින්ම ගයනව. අපි අද මේ කතා කරන්න හදන්නෙ රත්නායකයන්ගෙ විශිෂ්ටතම වම් ගුණ ගීතයක් වන ආදරයේ උල්පත වූ අම්මා කියන ගීතය.
අම්මා යනු කවුරුන්ද...? සැබැවින්ම අම්මා යනු ආදරයේ උල්පතම නොවේද?  ප්‍රේමකීර්ති ද අලවිස් මහතානන් විසින් මේසේ  රචනා කරන්නට ඇත්තේ මේ කියමන සැබෑවක් වන නිසා නොවේද? දසමසක්‌ අපිව කුස තුළ හොවාගෙන අම්මාවරු මොනතරම් නම් දුක්‌ වේදනා කන්දරාවක්‌ උසුලන්නට ඇත්ද? අම්මාවරු ඒ සා විසල් දුක්‌ වේදනා කන්දරාවක්‌ ඉසිලුවේ අපි වෙනුවෙන්මය. කොපමණ වේදනාකාරී වුවද කොපමණ කටුක වුවද ඒ සියලු වේදනාකාරී සහ කටුක අත්දැකීම් ගැන ඇබින්දකුදු මුවින් නොබැන ඉවසා වදාරාගෙන සිටියේද අපි වෙනුවෙන් නොවේද. අප ඇගේ කුස තුළ වැඩෙද්දී තරහා සහගත සිතුවිල්ලක්‌ සිතට පැන නැගුණහොත් එය ඉතා ආයාසයෙන් යට පත් කර ගැනීමට ඕ කටයුතු කළාය. ඇත්තෙන්ම ඇය එම වකවානුව තුළදී පය උස්‌සා හයියෙන් අඩියක්‌වත් නොතැබුවාය. එමතුද නොව දළදා මාලිගාවට ගොස්‌ මල් පහන් පූජාකොට ඉනුත් නොනැවතී පන්සලේ බෝ මැඬටද ගොස්‌ පිහිටාශිර්වාදය ලබා ගන්නට ඇත්තේ හෙට දින මෙලොව එළිය දකින්නට පෙරුම් පුරන්නාවු අපි ගැන සුබ සිහින දකිමින්ම විය නොහැකිද?
ඉතින් ප්‍රේමකීර්ති ද අලවිස් මහතානන් පැවසුවෙ.... අම්ම අපිට අලුත් ජීවිතයක් ගෙත් දීල ඒ ජීවිතයට ඇයගෙම ලේ කිරි කරල දීල තමයි පන දෙන්නෙ කියල. අම්ම ගැයුව නැලවිලි ගීත ඇහෙන්නෙ දිව්ය මන්තරයක් වගේ කියල. දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන් කියල කිව්වෙ ඒකයි. ඉතින් මේ අපේ ආරණීය අම්ම මතු බුදු වන දවසෙ, බුදුන් වහන්සේ සිටි දා රහුලයන් වගේ ඔබේ අතේ එල්ලිලා එනව කියලයි ඔහු කිවුවෙ.
         
ආදරයේ උල්පත වූ අම්මා
මා ඔබගේ පුතු වූ...
‍ඔබ මතු බුදුවන දවසේ
මා රාහුල කුමරුන් සේ
සෙවන පතා අද මෙන් පැමිණෙන්නෙමි
සුළැගිල්ලේ එල්ලී...

සඳ දිය කොට කිරිවතුරෙන්
ඒ දියරෙන් මුව දෝවා
දිව මතුරක්වන් නැලැවිලි ගීයෙන්
මතකයි මා නැලැවූවා...
ජීවිතයෙන් ජීවිතයක් ගෙන දී
ඒ ජීවිතයට කිරි දී පණ දී
මා දැඩි කල අම්මා...

ආද‍රයේ උල්පත වූ...//

තුරුලට ගෙන අත් පා හැඩ ගස්වා
නිදි ගන්වා යහන් ගැබේ
සිහිනෙන් ගෑ සුවඳක් මෙන්
සිහිවෙයි ඒ කිරි සුවඳ ඔබේ
දවසින් දවසට සෙනෙහස ලබැදී
ගෙන දී දිවියට නව පන ලැබදී
මා දැඩි කල අම්මා...

ආදරයේ උල්පත වූ...//

ගීතය බලන්න මෙතනින්. http://www.youtube.com/watch?v=Lrr-CJ0HgPE

No comments:

Post a Comment