Sri Lanka

Friday, August 2, 2013

මහවැළි ගග කතා තලොත් මොන වගේ දෙයක් කියයිද?


මහවැළි ගග කියන්නෙ ලංකාවෙ දිගම ගංගාව කියන කරුණ කවුරුත් දන්න දෙයක්නෙ. ඉතින් මහවැළි ගග දිගේ ගලාගෙන යන සුවිශාල ජල කදෙන් අපි හරියාකාරව ප්‍රෙයෝජනයක් ගන්නවද කියන එක ගැටළුවක්. ඉතින් මේ මහවැළි ගග යම් කිසි දවසක කතා කලොත් කෑ ගහල කියන්නෙ මෙන්න මේ වගේ කතාවක්.

වළාකුලේ තියන වැහි බින්දු පොළවට වැටිල සමනල කන්දෙන් පටන් අරන් මගේ ජලකද මුහුදට ගලාගෙන යනව. මම කැ ගහල අඩමින් කියනව ඔහේ නිකන් ගලන මගෙ ජල කදෙන් වැඩක් ගනිල්ල කියල. මේ මහ පොළොවෙ නිසරු බිම් කරා මාව අරන් පලයල්ල.

උඹලගේ පැරැන්නො තැන් තැන් වලින් මාව හරස් කරල මාවත් ආරක්ෂා කරල මගෙන් වැඩ ගත්ත. නමුත් දැනුත් වැඩක් නොගත් විශාල ජලකදක් නිකන්ම මුහුදට ගලාගෙන ගිහින් කරදියත් එක්ක මුසු වෙලා වැඩක් ගන්න බැරි තත්වෙට පත් වෙනව.

ඉතින් මහවැළි ගග කදුළු සලමින් මුළු රටටම කිවුව මේ අහිංසක කතාව ඇහුනෙ එකම එක පුද්ගලයෙකුට පමණයි. ඔහු තිරණය කලා මේ පණිවුඩය රටටම දෙන්න. අරිසෙන් අහුබුදු ශූරීන් තමයි මේ අසිරිමත් කතාව අපිට කියන්නෙ. ඔහු මේ පණිවුඩය රටට දෙන්නෙ ඉතාමත් සුන්දර ගීතයක් විදියට. ඔහුගෙ මේ අලංකාර පදරඩනයත් සුනිල් ශාන්තයන්ගෙ හඩත් අමුතුම අපූර්වත්වයක් ලබා දෙනව.


වළාකුලින් බැස සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන් වැඩ ගනිවු ගනිවු
හඬ හඬා ඔහේ යනවා

දැවේ දැවේ බිම් වැදී රජස් දුම්
බැලූ බැලූ හැමතේ
යවවු යවවු මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළොවේ

වළාකුලින් බැස...

දැවේ දැවේ බිම්...

එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙන මටත් වැඩක් කොට
ලොවේ නමක් තැබුවා

වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී කරදියෙන්
එලෝ යනවා

වළාකුලින් බැස...

ගායනය :- සුනිල් ශාන්ත
සංගීතය :- සුනිල් ශාන්ත
නව ගායනය :- අයිවෝ ඩෙනිස්
පද රචනය :- අරිසෙන් අහුබුදු

-
බුවනෙකබා යෞවන සමාජය 

No comments:

Post a Comment