ගොඩක් දවසකින්
තමයි අලුත් දෙයක් ලියන්න ලැබුණෙ. අපි කට්ටිය අපි හැදුව යූත් නිවස නිල වශයෙන් ගේ
හිමියන්ට භාර දෙන්නයි හදන්නෙ සැප්තැම්බර් 8 වෙනිද. ඒ නිසාම මේ දවස් ටිකක් කාර්ය
බහුලයි. මොකද බොහොම පොඩිවට උනත් නිවැරදිව සහ නියම පිළිවෙලට අපි ඒ කටයුත්ත ඉටු
කරන්න උත්සාහ ගන්නව. මොකද බුවනෙබා අපි යමක් කළොත් ඉතාමත්ම හොදින් සිදු කරන බව අපේ
හිතවතුන් දන්නව. ඉතින් තරමක් වෙනස් දෙයක් අද ගෙනාව. හැමදාමත් වගේ නිතරම මාව ලියන්න
උනන්දු කාරන ඔයාට ගොඩක් ස්තූතියි. අපේ යාලුවෝ හැමෝටමත් ගොඩක් ස්තූතියි.
මේ සිද්ධිය
ටිකක් ඈත පිටිසර ගමක බොහොම අතීතයේ සිද්ධවුන සිදුවීමක්. මේ පුද්ගලයා ගමේ ටිකක් ගේ
දොර වතු පිටි එහෙම තිබ්බ ටිකක් යමක් කමක් තිබිච්ච කෙනෙක්. ඔහුගෙ පවුල ටිකක් වලව්
පරම් පරාවකින් තමා පැවතගෙන ඇවිල්ල තියෙන්නෙ. ඔහු ඉතින් කුඩා කලෙ ඉදන්ම බොහොම ගරු
ගාමිභීර විදියට හැදිල වැඩිල නිසි වයස ආවම තමන්ගෙ වලව්වට කිමාරිහාමි කෙනෙක් කැන්දන්
ආවා. මේ කුමාරිහාමිත් ඉතින් බොහොම වැදගත් වලව්වකින් තමා කැන්දන් ඇවිත් තියෙන්නෙ.
තමන්ගෙ තත්වෙ පෙන්නන්නත් එක්ක බොහොම ලොකුවට මගුලක් එහෙම පිරිමහල තමයි කුමාරිහාමිව
කැන්දන් ඇවිත් තියෙන්නෙ.
දෙන්න ඉතින්
මෙහෙම ටික කාලයක් යද්දි තමන්ගෙ පළවැනි දරුව විදියට දුවෙක් ලබනව. ඇයට පස්සෙ තවත්
දරුවො හතර දෙනෙක්ම ලැබුනත් ඉතින් දෙන්නම තමන් පළවෙනියට දැක්ක දූ පොඩ්ඩට තමා
වැඩියෙන්ම ආදරෙ කලේ. ඇයගෙ වැඩ වලට ඕන තරම් නිදහස දුන්න. ඇයට හොදට ඉගැන්නුවා. ඇය
ගොඩක් ලස්සනයි. එත් මේ අම්මටයි තාත්තටයි තමන්ගෙ දුවට ඒ කලෙ හැටියට කාන්තාවකගෙන්
බලාපොරොත්තු වෙන වැදගත්ම දේ මේ දෙන්නගෙ වැඩි ආදරේ නිසාම ඉගැන්නුවෙ නෑ. ඒ තමයි
ගෙදරදොරේ වැඩ පල. ඒ කාලෙ හැටියට ගේ දොර වැඩ දන්නැත්තං ගැහැණියක් අසම්පූර්ණයි කියල
තමා පිළිගැනීම. ඇයත් ඉතින් ඒ වැඩට හරිම කම්මැලියි. අනික ඒව කරල ඇයගෙ ලස්සන නැති
වෙයි කියල බයෙන් තමා උන්නෙ.
මෙහෙම කාලය
ගෙවිල යද්දිම ඇයගෙ නියම කල වයසත් උදා වෙනව. ඉතින් මේ තාත්ත තමන්ගෙ පවුලට ගැලපෙන
විදියෙ බෑනන්ඩි කෙනෙක් හොයගන්න පටන්ගත්ත. අන්තිමේදි තමන්ට ගැලපෙන විදියෙ බෑණන්ඩි
කෙනෙක් මේ මාමාණ්ඩි හොයාගන්නව. ඉස්සර සිරිත තමයි තාත්ත හොයල දෙන කෙනා දුව කැමති
උනත් නැතත් කසාද බදින්න ඕන. මේ තාත්තත් එ විදියෙ දැඩි තීරණ ගන්න කෙනෙක්.
ඉතින් මේ
බෑණ්න්ඩිත් මේ ගෙදරට යන්න එන්න පටන් ගත්ත මේ විදියට. මේ අතරෙදි තමයි මේ මාමණ්ඩිගෙ
වැඩකටයුතු වලට හවුල් වෙන තරුණයෙක් නගරයේ ඉදන් මෙහෙ යන්න එන්න පටන් ගත්තෙ. ඒ කාලෙ නගරෙට
කිවුවෙ සිදාදිය කියලනෙ. මෙහෙම කාලයක් ඔහු එද්දි යද්දි මේ තරුණියගෙ හිත ඔහු වෙත
ඇදිල යනව. හොර රහසෙම දෙන්නගෙ ප්‍රේම සම්බන්ධයක් පටන් ගත්ත. මේ වෙනකොට තාත්ත තමන්ගෙ
දොනිඇන්දගෙ විවාහයට දිනත් නියම කරගෙනයි තිබ්බෙ. ඒත් ඉතින් එක කොහොම කරන්නද තමන්ගෙ
දොනිඇන්ද ඒ වෙනකොටත් අර සිදාදියේ තරුණයත් එක්ක බොහොම තදින් පෙමින් වෙළිල උන්නෙ.
එක දවසක් උදේ
බලද්දි තමන්ගෙ පවුලටම අවනම්බු කරල මේ දොනිඇන්ද අර සිදාදියේ තරුණයත් එක්ක පැනල
ගිහින්. දැන් මේ කටයුත්ත කතා කරල තියෙන බෑණන්ඩිට මේක කොහොම කියන්නද? එත් ලැජ්ජාව
පැත්තකින් තියල බෑණන්ඩිට පණිවිඩයක් යවනව ගෙදර එන්න කියල. බෑණන්ඩිත් තකහනියක් දුවන්
එනව මොකෝ මේ කියල බලන්න. ඒ ආපු මොහොතේ ඒ මාමාණ්ඩියි බැණන්ඩියි අතරෙ ඇතිවුන කතාබහ
තමයි සංගීතවේදී රෝහණ බැද්දගේ සහ බන්දුල විජේවීරයන්ගේ මධුර ස්වරයෙන් මේ විදියට ගැයෙන්නෙ.
මාමා - මගෙ සුදු බෑණන්ඩිට බුද්ධං සරණේ සරණයි
බෑන - මගෙ බුදු මාමාණ්ඩිට ධම්ම සරණේ සරණයි
මාමා - මගෙ සුදු බෑණන්ඩිට සංඝං සරණේ සරණයි
දෙන්නම - අනේ ඉතිං අපි
දෙන්නට මේ තුන් සරණේ සරණයි
මාමා - බෑණන්ඩිට එන්න කියල යැවුවා මං පණිවුඩයක්
බෑන - මාමණ්ඩයේ ඒ හින්දයි අවේ මං තකහනියක්
මාමා - කලබල වෙන් එපා හිත නරක් කර ගන්න එපා
සිද්ද වෙච්ච
දේ කියන්නත් මොකක්ද වාගේ
බෑන - අයියෝ මොන පිස්සුද කියන්න ඔන දෙයක්
කිසි වරදක්
නැති මගෙ හිත මට විශ්වාසයි
මාමා - ගමේ ඉන්න හොද කොල්ලෙක් අහිමි වෙච්චි එක පාඩුයි
ඒකයි මට
කනගාටූ
බෑන - මමණ්ඩිත් හොද මිනිහෙක් බොධිසත්වයෙක් වාගෙයි
ඒකයි මට
කනගාටූ
මාමා - සිදාදියෙන් මෙහෙ ආගිය ගැටයා දන්නවා නේද
බෑන - අපොයි මොකද මන් නොදන්නෙ මිනිහා හරි හොදයි නේද
මාමා - අපි කල දෙයක් නෙමෙයි තරහ ගන්න එපා බෑනො
දොනියන්ද ඌත්
එක්ක පැනල ගිහිල්ලා
බෑන - අයියෝ සුලු දෙයක්නෙ මමත් බලා බලා උන්නෙ
මේ
උගුලෙන් ගැලවෙන්නේ කොහොමද කියලා
මාමා - ආදරයෙන් හදපු එකි ගෙදර උන්නු හොදම එකී
ඒකයි මට
කනගාටූ
බෑන - ගේදොර වැඩ නොදත් එකී ගත්ත මිනිහ අමාරුවේ
ඒකයි මට
කනගාටූ
වීඩියොව බලන්න මෙතනින්.
No comments:
Post a Comment