Sri Lanka

Friday, August 9, 2013

ආදරයේ මඳ සිනිඳු පහස ලැබ... හදවත දලූ සෙලවේ...


අපි මේ කෙටි කාලය ඇතුළත විවිධ මතෘකාවන් රැගත් ලිපි ලියුව. අපි විශ්වාස කරනව එකම රාමුවකට කොටු නොවී විවිධත්වයක් ඇතුව අපි අපේ ලිපි ලියුව කියල. ගොඩක් අය ඒ දේවල් වලට කැමති උනා සමහරු අකමැති උනා. කමක් නෑ ඒ හැමෝටම ගොඩක් ස්තූතියි. ඉතින් විශේෂයෙන් කියන්න ඕන බුවනෙකබා යෞවන සමාජය විදියට මේ පිටුව කරගෙන යන්න බොහොම සොදුරු සහෝදරයො ටිකක් එකතු වෙලා ඉන්ව. විශේෂයෙන්ම අපේ සිරිල් අයිය, දිනේෂ්, බස්නායක, දසුන් මල්ලි, හේමාල් මල්ලි, අකිල මල්ලි, සංජු වගේ තවත් ගොඩක් අය. ඉතින් තාරුණ්‍යයට කතාකරන මේ හාමෝම ආදරයට ගොඩක් ආරෙයි. ඒ හැමෝම අදරය කරනව ආදරය විදිනව. ආදරයට ආදරය කරන අපේ හිතවතුන් සියලුම දෙනාට අපි සුභ පතනව. අපිව හැමදාම දිරිමත් කරන ඔයාල හැමෝටම නැවතත් ස්තූති කරනව. මේ ලිපි ලියන්න මාව දිරිමත් කරන මගේ ලෝකෙ ඉන්න ඔයාටත් ගොඩත් ස්තූතියි.
ආදරය ගැන අපි කතා කල නිසාම තවත් බොහොම ආදරණීයම ගීතයක් තෝරගත්ත අද ඔයාල වෙනුවෙන්. අපි වික්ටර් රත්නායකයන් ගැන මීට පෙර බොහොමයක් ලිපි වල කතා කලා. ඉතින් අදත් තෝරගත්තෙ වික්ටර් රත්නායකයන් ගායනා කල විශිෂ්ඨ ගීතයක්. අපි හිතනව මේ ගීතය තමයි ආදරය ගැන ලියවුන විශිෂ්ඨතම ගීතය කියල. අපි සේන වීරසේකරයන්ට ස්තූතිවන්ත විය යුතු වෙනව මේ වගේ විශිෂ්ඨ ගීතයක් රවනා කලාට. ඒ වගේමයි අපි ගොඩක් ස්තූතිවන්ත වෙනව වික්ටර් රත්නායකයන්ට ඔහුගෙ අමරණීය හඩ මේ ගීතයට මුසු කල එකට. මේ ගීතය බොහොම අපූරුවට රස විදින්න පුලුවන් ගීතයක්. ඒකෙදි අදරය වර්ණනා කරන්න අරන් තියන උපමා වල පුදුමාකාර සුන්දරත්වයක් තියෙන්නෙ. ඔබේ ආදරේ වැස්ස වැස්සම මා ඇවිදිමින් සිටිය කතර දෙවි ලොවක් වගේ දැනෙනව කියලයි කියන්නෙ. ඉතින් පහුගිය දවසක ඇරෝ ස්ටාර් සංගීත කණ්ඩායමේ නීල් නීරෝ ප්‍රනාන්දු මේ ගීය බොහොම අපූරුවට ගයල තිබුන. සමහරුනම් ඒකට බැනල තිබ්බ. ඒත් ඒ ගයනයෙ ලොකු වරැද්දකනම් දැක්කෙ නැහැ අපි.
සිහිල් සුළං රැල්ලේ 
ඔබේ සුවඳ මුසුවේ
ආදරයේ මඳ සිනිඳු පහස ලැබ 
හදවත දලූ සෙලවේ


සුදු වැලි කතරේ පිපුණු මල වගේ
ලොවුතුරු රස ගංගා
ඔබේ ආදරේ වරුසා වැහැලා
කතර දෙව් ලොවක් වේ

සිහිල් සුළං...

සීත හිමව්වේ කඳු ගැට අතරේ
සෙනෙහස දිය දහරා
ඈත හිමේ කඳු අතරේ පාවෙන
අමා සුවය පැතුවේ

සිහිල් සුළං...

ගායනය :- වික්ටර් රත්නායක
පද රචනය :- සේන වීරසේකර
සංගීතය :- වික්ටර් රත්නායක

වික්ටර් රත්නායකයන් මේ ගීතය "ස" ප්‍රසංගයකදී ගැයුව අයුරු මෙතනින් බලන්න. http://www.youtube.com/watch?v=EJxQubkgjVY

ඒ වගේම නීරෝ ඒ ගීයන ගැයුව අයුරු මේ වීඩියෝවෙන් බලන්න. http://www.youtube.com/watch?v=mfJDTUzBeXI












No comments:

Post a Comment