අද අහම්බෙන්
වගේ ලස්සන සිංදුවක් හම්බ උනා. ඉතින් ඒක අහල බලල නිකන් ඉන්න හිතුනෙ නැහැ. යාලුවොත්
එක්ක බෙදාගන්න හිතුන. ඒ සින්දුව තමයි අබේවර්ධන බාලසූරිය මහත්තයා ගායනා කරන
"අනුරාධපුරය ඔබයි" කියන ගීතය.
ගීතය දිහා බැලුවම අපිට පේන්නෙ අපේ පැරණි අනුරාධපුරය ගැන තමයි මේ කියන්නෙ කියල. ඒකෙ තියන වචන දැක්කම ඕනම කෙනෙකුට එහෙමෙ හිතෙනව.
අනුරාධපුරය ඔබයි සිරිසර දෙදහස් වසරක් ඈත අතීතයේ

දැන් ඉතින් තව තැනක තියනවනෙ මෙහෙම,
වල් බිහිවන්නට නාරිනු මැන කෙත්යාය නිල දිලෙනා
සිඳ බිඳලන්නට නාරිනු මැන තුඟුවාපි රැළි නැගෙනා
මේක දැක්කම ඉතින් වෙනත් මොකක්දෝ කතන්දරයක් තියනව කියල හිතුන. දැන් මේ කතා කරන්නෙ වසර 2500කට පස්සෙ දකින අනුරාධපුරයනෙ. ඉතින් පොඩ්ඩක් හිතල බලන්නකො ඒ අවට තියන කෙත් වතු දැන් ඉන්න ගොවියො වල් බිහිවෙන්න අරිනවද කියල. දැන් ඒ ගොවියන්ගෙ ජීවනාලිය තමයි මේ කුඹුරු. එයාල කවදාවත් මේව වල් බිහිවෙන්න අරින්නැනෙ. ඒ වගේමයි වැව් අමුණු කැඩෙන්න දෙන්නෙත් නැහැ. මොකද ඔය වාපි කියල කිවුවෙ වැව් වලටනෙ.
එතකොට මොකක්ද මේ කියන්නෙ. මේව දිහා බලාගෙන යද්දි තමයි හිතුනෙ මේ කියන්නෙ වයසට යන ගැහැණු කෙනෙක් ගැන තමයි කියල. පද ටික හොදින් අධ්‍යයනය කලාම ඔයාලටත් ඒක තේරෙයි. පස්සෙ හොයල බලද්දි මේ සින්දුව ලියල තියෙන්නෙ මහාචාර්ය සුනිල් ආරියරත්නයන්. ඔහු ඔහුගෙ හිතෙ ඉදල දැන් වයසට යමින් ඉන්න කෙනෙක ගැන වෙන්න ඇති මේ ලියල තියෙන්නෙ. ඒ කවුද කියල නම් අපි කියන්නෙ යන්නෙ නැහැ. එත් මෙහෙම කිවුවම කට්ටිය දන්නව ඇති මේ කවුරු ගැනද කියන්නෙ කියල. සින්දුව ගැන අපේ අදහස වැරදි වගේ කියල කාට හරි හිතෙනවනම් අපිව නිවැරදි කරන්න කියලත් ඉල්ලනව.
මේ ගීතයෙ සංගීතය නිර්මාණය කරල තියෙන්නෙ අචාර්ය වික්ටර් රත්නායකයන්.
මෙන්න පද ටික

යටගිය ඉසුරයි අහස සිඹින මහ තූප මන බඳනා
පොපියන දෙනෙතයි හෙට දවසට මිණි පාන නෙත ගැටෙනා

වීඩියෝ එක බලන්නකො මෙතනින්.http://www.youtube.com/watch?v=t63Dhm-cTug&feature=player_embedded
තැමතිනම් ඇඩ් කරගන්න අපිව https://www.facebook.com/buwanekaba.yauthsociaty?ref=tn_tnmn
බුවනෙකබා යෞවන සමාජ

No comments:
Post a Comment