මේකත් සරසවිය තුළ සිද්ධ වුන එක්තරා අපූරු කතාවක්. මේ
කතාව කිවුවෙ අපේ යෞවන සමාජයේ සංවිධායක සිරිල් අයිය. ඔහු 2004/2005 අධ්‍යයන
වර්ෂයත් එක්ක පේරාදෙනිය සරසවියට පිවිසුනු කෙනෙක්. අද ඔහු උපාධි දාරියෙක් හැටියට
රාජ්‍ය සේවයට එක් වෙලා ඉන්නව. මේ සිද්ධිය ඔහුගෙ සමකාලීනව සිදු වුන සිද්ධියක්.
ඔහුගෙ සමකාලීනයන් දෙදෙනෙක් අතර තමා මේ දේ සිද්ධ වුනේ. සමහර විට මේක කියවලා යමෙක්
කියන්න පුළුවන් මේකෙ ඇති දෙයක් නැහැනෙ කියල. ඒත් අපි කියන්නෙ
මෙවන් කාරණා වලදි මේ වගේ බුද්ධිමත්ව අපූරුවට කටයුතු කරනවනම් ගොඩක් ගැටළු වලට
විසදුම් තමන් සතුවම තියනව කියල.
මේ අධ්‍යයන වර්ෂයේ ආරම්භයත් එක්කම එක්තරා තරුණයෙක් එනව මේ සරසවියට. මගේ මිත්‍රය කිවුව විදියට ඔහු ගොඩක් දරිද්‍රතාවයෙන් පෙළුන පවුලක කෙනෙක්. ඇත්තටම කියනවනම් රබර් සෙරෙප්පු දෙකක් තමා නිතරම ඔහු පාවිච්චි කලේ. ඔහුට හිටියෙ ඔහුගෙ අම්ම විතරයි. සමහර වෙලාවට යාළුවො ටික එකතු වෙලා ඔහුට අවශ්‍ය දේවල් අරන් දුන්නලු. ඔහු බොහොම නිහතමානී ඒ වගේම බුද්ධිමත් දක්ෂ තරුණයෙක්. ඔහු ගොඩක් පොත් පත් කියවලා හොද දැනුමක් එකතු කරගෙන තිබුන. ඔහු එහෙම ආවට ගියාට වචන පාවිච්චි කරන කෙනෙකුත් නෙමෙයි. යමක් කිවුවොත් ගොඩක් හොදට හිතල මතල තමයි කියන්නෙ. කවදාකවත් ඔහු කාගෙවත් හිතක් නම් රිද්දලා නැහැ. මේ හැමදේමත් එක්ක ඔහු සතුව හොද දක්ෂතාවයක් තිබුණ ගීත ගයන්න. ඒ වගේමයි හොදට ගිටාරය වාදනය කරන්නත් පුළුවන්. ඔහු යාලුවන්ගෙන් තමයි මේ හැම දෙයක්ම ඉගෙන ගත්තෙ. තනිවෙන්න ඉඩක් ලැබෙන වෙලාවට ඔහු කළේ යාලුවෙකුගෙන් ගිටාරයක් ඉල්ලගෙන පැත්තකට ගිහින් ලස්සනට සින්දු කියල තමන්ගෙ තනිකම මකා ගන්න එක තමා. සරසවි සම්ප්‍රදායෙ හැටියට ඔහුට අපූරු කාඩ් එකකුත් ලැබෙනව තප්පුවා කියල. ඒ යමකට තට්ටුවක් දදා උනත් ලස්සනට සින්දු කියන්න පුළුවන් නිසා.
ඉතින් මේ කාලෙම තවත් තරුණියක් එනව මේ කණ්ඩායමටම. ඇයනම් යමක් කමක් තියන පවුලක. ඇයටත් ලැබෙනව කොමලි කියල කාඩ් එකක්. ඒ ඇගේ තිබුණ අහිංසක සුන්දරත්වය නිසා. ඇයත් හොද බුද්ධිමත් ඒ වගේම ගොඩක් නිහතමානී තරුණියක්. දවසක් මේ තරුණිය දකිනව පැත්තකට වෙලා මේ තරුණයා ගිටාරය වයමින් බොහොම සුන්දර විදියට ගීත ගයනව. ඇය නැවතිලා ඔහුගෙ මේ ගායනය දිහා නිහඩව බලන් ඉන්නව. දින කිහිපයක් මේ වගේ බලන් ඉදල ඇය ඔහුත් එක්ක මිත්‍ර වෙනව. ඇත්තටම ඇය පුදුමාකාර විදියට ඒ ගායනයට වශී වෙලා හිටියෙ. කාලයක් යද්දි ඇය ඔහුට ආදරය කරන්න පටන් ගන්නව. ඔහුගෙ හිතෙත් ඇය ගැන යම් ආදරයක් ඇති වෙලයි තිබුණෙ. නමුත් ඔහුට ඇයට ආදරය කරන්න විදියක් නැහැ. මොකද ඔහු රැකෙන්නෙත් බොහොම අමාරුවෙන්. ඔහු දන්නව ඇය ඔහුත් එක්ක ආවොත් ඇයට ගොඩක් දුක් විදින්න වෙන බව. අනික ඔහු දන්නව කවදාවත් ඇයගෙ දෙමව්පියන් ඔහු වගේ ගොඩක් දුප්පත් පවුලක කෙනෙකුට කැමති වෙන්නෙත් නැහැ කියල.
දින ගණනාවක් බලන් ඉදල බැරිම තැන මේ තරුණිය ඔහුට තමන්ගෙ ආදරය ප්‍රකාශ කරනව. ඒත් ඔහු කොහොමද ඒ ආදරය පිළිගන්නෙ. ඔහු ගොඩක් අසරණයි. ඒත් ඔහු ඇයට ආදරෙයි. ඒ නිසාම ඔහුට ඇයගෙ හිත රිද්දන්නත් බැහැ. ඒ නිසා තමන්ගෙ අපහසුතාවය ඇයට ඒත්තු ගන්වන්න ඔහු බොහොම අපූරු උදාහරණයක් ගෙනෙනව.
ඔහු කියනව “මම නැවතිලා ඉන්න ගෙදරට අල්ලපු ගෙදර මගෙ කාමරේට ගොඩක් ළගයි. එක තාප්පෙකින් තමා වෙන් වෙලා තියෙන්නෙ. ඉතින් අල්ලපු ගෙදර ඇන්ටිගෙ ලස්සන මල් පෝච්චියක් මගේ කාමරය ළගට වැටුන. ඒක දැක්ක වෙලාවෙ මගෙ හිත පුදුමාකාර විදියට ඒකට ඇදිල ගියා. මට හිතුනෙම ඒක තියෙන්න ඔන මගේ කාමරේ කියල. ඉතින් මම ඒ ඇන්ටිට කෙදිරි ගාල කෙදිරි ගාල ඒ මල් පෝච්චිය ඉල්ල ගත්ත. ඒත් දවස් තුනයි ඒක තිබුණෙ. එහෙමම වේළිලා ගියා. මම ඒකට ආස වුනාට ඒක පවත්වගෙන යන්න බැහැ. අන්න ඒ වගෙ තමා මේකත්" කියල.
තරුණිය බොහොම බුද්ධිමත් නිසා ඇය මේ කාරණා තෙරුම් ගන්නව. ඒත් මේ තරුණයා තමන්ගෙ මිත්‍රයන් එක්ක මේ කතාව කියල හොදටම ඇඩුව. මොකද ඔහු ඇයට ගොඩක් ආදරෙයි. ඒත් ඔහු කුමක් නම් කරන්නද?
සිතින් විතරක් පෙම් කරන්නම්
දුරින් හිද ඔබ දෙස බලන්නම්
ලංව ඉන්නට බෑ ඔබේ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
නිසල නෙතින් ඔබ මදෙස බලා හිදී
දෙතොල් ඔබගේ මදහසින් සැරසේ
දෙනෙත් ඔබවෙත පාකරනු බෑ
දෙතොල් සිනහා මවනු මට බෑ
අපට අප හිමි නෑ ලොවේ
ඔබට මා හිමි නෑ මටද ඔබ හිමි නෑ
සසල උනත් මගේ සිතුවිලි ඔබ ලග
නිසල කරන් මම ඉන්නම් සැම දින
කාත් කවුරුවත් නොමැති මා හට
ඔබත් අහිමිව ගියපු අරුමය

No comments:
Post a Comment