අවුරුදු දවස් ටිකේ ගෙදර ඉන්න ගමන් නිකමට වගේ පරණ භෞතික
විද්‍යා පොත් ටික පෙරළලා බැලුව. එක පොතක අනතිම පිටුවෙ තිබුන පේළි කීපයක් මගේ නෙත
ගැටුන. ඒක අපේ කීර්ති ධර්මසිරි සර් නිල් කැට වැස්ස කැසට් එක හදුන්වල දුන්න දවසෙ
සින්දුවක් ගැන කිවුව කතාවක් ගැන මම කුරුටු ගාගත්ත පේළි කීපයක්. මේ සින්දුව තමයි “ඔබ එදා නම්
සඳ වගේමයි.." කියන සින්දුව. සමහර අය අහල නැතුව ඇති. ඒත් ගොඩක් රසවත් යුග
ගීතයක්. ගීයෙන් කියවෙන්නේ මුලින් ගොඩක් ආදරයෙන් උන්නු විවාහපත් දෙන්නෙක් ගැන. ඒත් දැන්
ගැහැනියට ආදරයෙන් වෙන් වෙන්න හිතිලා. ඒත් පිරිමියා අතීතය මතක් කරනවා ඔබ එදා නම් සඳ
වගේමයි කියලා. මේ ගීතය ලිය වෙලා තියෙන්නෙ සින්දුව ලියුව ධම්මික බංඩාර සර්ගෙ ගෙදරම
සිද්ධවුන පොඩි සිදුවීමක් නිසයි.
අපේ මේ ධම්මික බංඩාර සර්ගෙ බිරිඳ ටිකක් වසයිලු. ටිකක් කේන්ති ගත්තහම කච කචේ ඉවරයක් නැතිලු. සාර්ථක ජීවිතයක් ගතකලාට පෙලක් දවස් වලට පොඩි පොඩි රන්ඩුත් ඇති වෙනවලු. මෙහෙම රන්ඩුවක් ඇති වෙච්ච දවසක ධම්මික බන්ඩාරයන්ගේ බිරිඳ කිව්වලු
"මේ ළමය නැත්නම් මම තමුසෙව දාල යනව..." කියලා
ඉතින් මේ වෙලාවේ එතුමට මතක් වෙලා තියෙනවා ඒ අය අවුරුදු ගානක් ප්‍රේම කරල විවාහ උනු විදිය. ඒ කාලේ ලියපු ලියුම්,කරපු කියපු දේවල් එහෙම. ඉතින් මේ වෙලේ ධම්මික සර්ට හිතිලා තියනවා මේ වගේ කොයි තරම් ලියුම් ලියලා ආදරය කරලා එකතු උනත් වෙන් වෙන්නත් හේතු සාදක ඇති වෙනවා නේද කියලා. ඔය සිදුවීම මත පාදක වෙලා බිහි උනු නිර්මානයක් තමයි ඔබ එදා නම් සඳ වගේ මැයි.....
ගීතය අහල නැති කට්ටියට මෙන්න ...
පි- ඔබ එදා නම් සඳ වගේමැයි..
ගැ- ඔබ මෙදා හිරු වී මා දවයි
පි- ඔබ මගේ මැයි ඔබ මට කියයි
ගැ- ඔබ දමා යන්නට හිත කියයි
පි- නෙතේ නෑ ආදර බැලුම්,කොහි සැඟ උනාදෝ නෙතු කැලුම් //
ගැ- ඔබේ ලෝකය නොවේ මගෙ ලොව,මැකී යයි ආදර බැලුම්...
පි- ඔබ එදා නම් සඳ වගේමැයි.....
පි- පිටු පුරා පෙම් කවි ලියූ සිත ගොලු උනේ ඇයි රස මැවූ //
ගැ- නොදන්නේමි වැරදුනේ කොතැනද,දෛවයද මේ අප පැතූ...
පි- ඔබ එදා නම් සඳ වගේමැයි..
ගැ- ඔබ මෙදා හිරු වී මා දවයි
පි- ඔබ මගේ මැයි ඔබ මට කියයි
ගැ- ඔබ දමා යන්නට හිත කියයි..
අවසාන වශයෙන් තව පොඩි දෙයක් කියන්න තියනවා. අමරසිරි පීරිස් සමත්තයත් එක්ක මේ ගීතය ගයන ගායිකාව තමයි දිල්රුක්ෂි ජයකොඩි කියන ගායිකාව. මේ ගායිකාව නිසා තවමත් විවාහ නොවී ඉන්න ගායකයෙක් ඉන්නවා. මේ ගායිකාව ඉගෙන ගන්නවලු නන්දා මලිනියන්ගේ සංගීත ආශ්‍රමයේ. ඒ පන්තියටම සන්ගීත ඉගන ගන්න කැමරාවක් එල්ල ගත්තු කොල්ලෙකුත් ආවලු. ඉතින් ඔහොම කාලයක් යනකොට මේ දෙන්න හොඳ යාලුවො වෙලා හොඳ ප්‍රේමවන්තයො බවට පත් උනාලු. ඉතින් මේ සිද්දිය හැමෝම දැන ගත්තු ප්‍රසිද්ධ කරුනක් බවට පත් වෙනවලු. ඒත් එක පාරටම හිටපු ගමන් මේ ගායිකාව ජපානෙට ගිහින් එනකොට ජපානේ හිටපු ලන්කාවෙ තරුනයෙක් එක්ක විවාහ වෙලා ලන්කාවට එනවලු. ධම්මික බන්ඩාරයන් කියන විදියට
"මේ සිදු වීමෙන් පස්සේ කැමරාව කරේ දාගත්තු තරුනයාට කොච්චර ශොක් උනාද කිව්වොත් මිනිහා තවත් කසාද බැඳලා නැ. එයා තමයි දයාන් විතාරන"
ඉතින් කීර්ති ධර්මසිරි සර්ට ගොඩක් ස්තූතිවන්ත වෙනව මේ කතා කිවුවට. අපේ කට්ටිය හොදින් මතක තියාගන්න ඕන මේ නම් ගම් දැම්මෙ කාටවත් අපහස කරන්න හිතාගෙන නම් නෙමේ.
ඔයාලට ජය.
ගීතය මෙතනින් බාගන්න. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/2424/oba-eda-nam-sanda-wagemay-amarasiri-peiris-dilrukshi-jayakody-sinhala-mp3.html

No comments:
Post a Comment