ෆ්ලෑෂ් බැක් කියන්‍නෙ ලංකාවේ ජනප්‍රියත්වයේ
හිනිපෙත්තටම ගිය සංගීත කණ්ඩායමක්. අපිට ඒ බව හොදින්ම පෙනෙනව ඔවුන්ට මේ දිනවල තියෙන
ප්‍රසංග ප්‍රමානයත් එක්ක. කාලයක් තිස්‍සොපවත්වාගෙන අව සංගීත කණ්ඩයමක් විදියට
කණ්ඩාම තුළ විවිධ වෙනස්කම් සිද්ධ වෙලා තිබුණත් තවමත් බොහොම අපූරු පිරිසක් එකතු
කරගෙන නායක රොෂාන් ලස්සන ගමනක් යමින් ඉන්නව.
මේ සංගීත කණ්ඩායමට Flash Back කියලා නම තිබ්බේ ඇයි කියල සරසවිය පුවත් පතෙන් ඇහුවම ඔහු මෙහෙම කිවුව,
"මේ සංගීත කණ්ඩායමේ නිර්මාතෘ මගේ තාත්තා. ඩොනල්ඩ් ප්‍රනාන්දු. තරුණ කාලෙදි තාත්තා සංගීත කණ්ඩායමක් හදන්න ගොඩාක් උත්සාහ අරන් තියෙනවා. නමුත් ඒ දවස්වල තිබුණු ආර්ථික අපහසුතා නිසා තාත්තට ඒක කර ගන්න බැරි වුණාලු. පසු කාලෙදි තාත්තා ගොඩාක් උත්සාහ තරලා සංගීත කණ්ඩායමක් නිර්මාණය කළා. තාත්තාගේ තරුණ කාලයේ ආවර්ජනය ලෙස තමයි Flash Back කියල නම තිබ්බේ. ඒ අතීත ආවර්ජනයේ ප්‍රතිඵලය තමයි Flash Back.ඒත් එක්කම තාත්තාගේ ඒ තරුණ කාලයේ සිහිනය අද ඔහු මා තුළින් විඳිනවා. තාත්තාට ඒක ලොකු සතුටක්."
වාදක මණ්ඩලයේ පිරිවර හැඳින්නුවොත්,
විදුලි ඕගනය – අරුණ තමෙල්, ලීඩ් ගිටාරය - සුරන් ජයසිංහ, ;බ්ස් ගිටාරය – ගයාන් ප්‍රනාන්දු, රිදම් ගිටාරය – නිශාන්ත අම්බලන්ගොඩ, ඔක්ට පෑඩ් – නාලක තලමුල්ල, ඩ්‍රම්ස් - නිරෝෂන් ඩ්‍රීම්. මේ සියල්ල අතරට නියාමක ගායන ශිල්පීන් වන කිංස්ලි පීරිස් සහ රෝස් අලගියවන්න ඇතුළත් වෙනවා.
ඉතින් මේ අතරින් සුරන් ජයසිංහ කියන්‍නෙ Flash Back නයක රොෂන්ගෙ අපූරු සොයාගැනීමක්. ඔහු ලීඩ් ගිටාරය වාදනයට අති දක්ෂයෙක් වගේම හොද ගායකයෙක්. ගුණදාස කපුගේ මහත්තයගෙ ගීත මොහු බොහොම අපූරුවට ගපුගේ හඩින්ම ගායනා කළා. ඒක ඔහු සතු අපූරු හැකියාවක්. ඉතිං පහුගිය දවසක ඔහු ඔහුගෙම ගීතයක් කපුගේ හඩින් ගායනා කලා. අපේ ආදරණීය අම්ම ගැන තමයි මේ ගීතයෙන් කියවෙන්නෙ.
කුසගිනි උහුලපු දවසට
සිනාසුනා මා තුරැළු කරන්
වැහි බිදු ගෙතුලට වැටුනම
ඔබේ හිතත් මේ අහස තරම් ...
මේ ඉර හද මට කුමකට අම්මේ ඔබ නැතිනම්
අම්මේ ඔබ නැතිනම් ....
දුවිලි තැවරැන පුරහද ඇවිදින්
නිදා ගන්න මට ඉඩක් නොදි
කළුවර ඇවිදින් දවසක දෙනවද
අම්මා ලග උණුසුමක් දිදී ....
මේ ඉරහද මට කුමකට අම්මේ ඔබ නැතිනම්
අම්මේ ඔබ නැතිනම් ...
සුවද හමන්නැති මල් පෙති අතරේ
විසකටු වල ඇමිනුනා කවි
ඔබ නැති විල්තෙර පොළවක් කොතැනද
කිරි සුවදක් තැවරිලා ඇති ...
ගීතය බලන්න මෙතනින්. http://www.youtube.com/watch?v=2vAWFc9pvug

No comments:
Post a Comment