Sri Lanka

Thursday, August 8, 2013

බලාපොරොත්තුවේ හස්තය

මේ ඡායාරූපය ඉතාමත්ම දුර්ලභ ඒ වගේම ගොඩක් සංවේදී ඡාරූපයක්. මේ ඡායාරූපය “Joseph Bruner” නම් ශල්‍ය වෛද්‍යවරයා විසින් ශල්‍යකර්මයක් කර ඉවත් කිරීමට සූදානම් වූ, ඒ වන විට සති 21ක් වයසැති නූපන් දරුවෙකු වන “Samuel Alexander Armas” නැමති දරුවාගේය. මේ දරුගැබේ ඇතිවී තිබූ spina bifida නැමති ලක්ෂණ අනූව මෙම දරුගැබ ඉවත් කිරීමටයි වෛද්‍යවරුන් තීරණය කළේ. පුංචි සැමුවෙල්ගෙ මව “Julie Armas” ඇට්ලැන්ටා වල ප්‍රසවවේදය පිළිබදව හෙදියක්. ඇය දැනන් හිටිය වෛද්‍ය Bruner ගෙ අපූර්ව ශල්‍යකර්ම ක්‍රමවේදය. 
මෙය වෛද්‍ය Bruner ඇතුළු කන්ඩායම සිදුකළ 54 වන සැත්කම. වෛද්‍යවරයා ශල්‍යකර්මයේ අවසානයට පැමිණෙද්දිත් පුංචි සැමුවෙල් ගොඩක් සිහින්වයි හිටියෙ. වෛද්‍ය Bruner දරුගැබ සිදුරු කරන කැපුම සිදු කරනවත් සමගම ඒ තුළින් එළියට ආව පුංචි සැමුවෙල්ගෙ අතින් වෛද්‍යවරයගෙ ඇගිල්ලක් අල්ල ගත්තෙ හරියට අනේ මාමෙ ඕක නම් කරන්න එපා ̎ කියන්න වගේ. ඒක වෛද්‍ය Bruner තමන්ගෙ ජීවිතයේ මුහුණ දුන් හැගීම්බරම අවස්ථාව කියල ඔහු පසුව සදහන් කරල තිබුණ.
මෙම ඡායරූපයෙන් මේ මවිත කරන අවස්ථාවෙ නිර්මලත්වය බොහොම අපූරුවට හසු කරගෙන තියනව. පසුව මෙම ඡායාරූපයේ සංස්කාරක වරු මේ ඡායාරූපය නම් කරල තිබුනෙ බලාපොරොත්තුවේ හස්තය ̎ "Hand of Hope." කියල. 
ඡායාරූපය විස්තර කරල තිබුනෙ මේ විදියට.
"The tiny hand of 21-week-old fetus Samuel Alexander Armas emerges from the mother's uterus to grasp the finger of Dr. Joseph Bruner as if thanking the doctor for the gift of life." 

මේ දරුවගෙ අම්ම කියල තිබුනෙ මේ ඡායාරූපය දැකල දවස් ගානක් වැළපුනා කියල. ඇය මේ ඡායාරූපය ගැන සදහන් කරල තිබුනෙ මේ විදියට "The photo reminds us a pregnancy isn't about disability or an illness, it's about a little person."
මේ ඡායාරූපය අරන් තියෙන්නෙ 1999 අගොස්තු 19 වැනිද Michael Clancy නම් පුද්ගලයෙක් විසින්. ඉතින් මේ වෙලවෙ සිදුවුන මේ දෛවෝපගත සිදුවීමෙන් වෛද්‍යවරු තීරණය කරනව දරුවව නැවතත් ජීවත් කරවන්න. ඒක හරියට මේ දරුවට වෛද්‍යවරය දුන්න තෑග්ගක් වගේ. අම්මගෙ දරුගැබ නැවතත් තිබුන විදියට සකස් කරල දරුවට වැඩෙන්න අරිනව.
වෛද්‍ය Bruner තමන්ට සිදුවුන වැරැද්ද හරිගස්සමින් 1999 දෙසැම්බර් 02 වැනිද සැමුවෙල්ට 100%ක් හොද සෞඛ්‍ය තත්වයෙන් උපත දෙනව. අද ඔහු අවුරුදු 14ක තරුණයෙක්. පහළින් දක්වෙන්නෙ ඔහු අවුරුදු 09දි ගත්ත ඡායාරූපයක්

No comments:

Post a Comment