අපිට ජීවිතයේ විවිධ කාලයන් එළඹෙනව. දුක්
සහිත කාලයන්, ඒ වගේම සතුටු වෙන කාලයන්. හැබැයි ඒත් හැමදාම සතුට තියෙන්නෙත් නෑ ඒ
වගේම දුක තියෙන්නෙත් නෑ. අපිට සමහර වෙලාවට යම් දෙයක් අහිමි වෙන්නෙ ඊළගට ඊට වඩා
ගොඩක් හොද දෙයක් ලැබෙන්න වෙන්න පුළුවන්. ඉතින් මගේ ජීවිතේට සතුට අරන් අවෙ ඇයයි.
ආදරේ ගැන කතා කල නිසාම අදත් ඒ වගේම දෙයක් තමයි ලියන්න හිතුනෙ. මේක ලියන්න දිරිය
දුන්නෙ ඇයයි. ඒ නිසා මේක ලියන්නෙ ඇය වෙනුවෙන්මයි. මම විශ්වාස කරනව අපේ යාලුවෝ ඒකට
මට දොස් කියන එකක් නැහැ කියල.
ආදරේ සුන්දරයි කියල අපි හැමදාම කියනව. ඒක අද
ඊයේ නෙමෙයි හැමදාම හිටිය අය දන්න දෙයක්. මේ කියන්නෙ එක්දාස් නවසිය හැට ගණන් වල ආදරේ
ගැන. ඒ කාලෙත් බොහෝ වෙලාවට චිත්‍රපට වල එහෙම ආදර ගීත ගොඩක් ලියවිලා තිබුණ. සමහර
ගීත වල ආදරෙ ගැන ලියවිල තිබ්බෙ බොහොම රළු විදියට.
"පෙම් රැල්ල නැගී ගල් තැල්ලෙ වදී මේ සුන්දර
හැන්දෑවේ..."
මේ වගේ ගීත තමයි එවකට
ලියවිලා තිබ්බෙ. ඉතින් ප්‍රේමසිරි කේමදාස මහත්තයගෙම වචන වලින් කියනවනම් "මේ ආදරෙ මේ තරම් රළු
නැහැ. ඒක මහ පුදුමාකාර සියුමැලි හැගීමක්" ආදරේ ගැන බොහොම රළු විදියට කතා කරමින් ඉන්න කාලෙක තමයි ධර්මසිරි ගමගේ
මහත්තයගෙ රචනයෙන්, ප්‍රේමසිරි කේමදාස මහත්තයගෙ අපූර්ව සංගීතයෙන් අප එදත් අදත්
කවදත් ආදරේ කරන හරූන් ලන්ත්‍රා මහත්තයා මේ ගීතය ගායනා කළේ. ආදරේ කොයි තරම් නම්
සියුමැලි විදියට දැනෙනවද කියන එක මේ ගීතයෙන් බොහොම අපූරුවට කියල තියෙනව. මම නම්
පුදුමාකාර විදියට විදපු ගීතයක්. මුලු දවසක්ම උනත් අහන් ඉනන් පුළුවන්. ඒ තරම්ම
සුන්දරයි. මගේ ලෝකෙම ලස්සන කරන්න ආව ඇය වෙනුවෙන් ඒ ගීතය ඔයාලට දෙනව මෙහෙම.
සුළං කුරුල්ලෝ හෙමින් ඉගිල්ලී
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
ගායනය - හරූන් ලන්ත්‍රා
පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
මල් සුවදකි අර ගෙන එන්නේ..
ආදර උයනේ දොරටුව හැරගෙන
ඔච්චම් කරමින් පියඹන්නේ..//
සිහින පොතේ පිටුවක් පෙරලී ඇත
මොනවද එහි ලියැවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
මතක ලොවේ දොර අගුළු හැරී ඇත
මොනවද එහි හිරවී ඇත්තේ...//
ආදරේ...ආදරේ....
ආ..දරේ..
සුළං කුරුල්ලෝ...
ගායනය - හරූන් ලන්ත්‍රා
පදරචනය - ධර්මසිරි ගමගේ
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ඉතින් අපි ආදරය කළ මේ සුළං කුරුල්ලා ගැන
අවසානෙටම 2010 දිනමිණ පත්තරේකින්. එවකට මම දැනගත්ත විදියට ඔහු බොහොම අසරණ තත්වයක
තමයි ජීවත් වුනේ. ඒ දවස්වල ඇත්තටම මේ සුළං කුරුල්ලගෙ මුවෙන් සුළං විතරමයි පිටවුනේ.
ඔහුගේ ඒ සුන්දර හඩ නැති වෙලා ගිහින්. ඔහුගෙ ජීවිතේ සැදැ සමයෙ කොයිතරම් ඛේදයක්ද මේ
සිදුවෙලා තියෙන්නෙ.
ඉතින් ඊට පස්සෙනම් කිසිම දෙයක් දැනගන්න බැරි
උනා. ඒත් අපි එතුමන්ගෙ ලිපිනය දෙන්නම් කවුරු හරි ඉන්නවනම් මේ සුළං කුරුල්ලව බලන්න
යන්න කැමති කෙනෙක් ඉන්නවනම්.
හරූන් ලන්ත්‍රා
නො. 42, නිවාස යෝජනා ක්‍රමය,
පොල්හේනවත්ත,
කැලණිය
දුරකථන අංකය :- 011 - 4927000
නො. 42, නිවාස යෝජනා ක්‍රමය,
පොල්හේනවත්ත,
කැලණිය
දුරකථන අංකය :- 011 - 4927000
No comments:
Post a Comment