අපි මුලින්ම
කියන්න ඕන අපි අද මේ කතා කරනදේ හරියි කියල සාධාරණී කරණය කරන්න නම් නෙමෙයි මේ
හදන්නෙ. ඒක යහපත් දෙයක් කියල මේ ගීතය ගායනා කල ඉන්ද්‍රානි පෙරේරා මහත්මියවත් කියන
එකක් නැහැ. නමුත් මේක ලෝක ස්වභාවය. මේ වගේ දෙවල් ලෝකෙ ඕන තරම් වෙනව. මේව හරිද
වැරදිද කියන දේ ඔයාලම තමයි තීරණය කරන්න ඕන.
අපි ආදරය කරනව, ආදරය විදිනව, ආදරය කල අය විවාහ වෙනව, තවත් සමහරු වෙන් වෙනව. මේ හැම දෙයක්ම සාමාන්‍ය දෙවල්. එත් තවත් සමහරුන්ට ආදරේ කලත් නැතත් විවාහ වෙන්න සිදුවෙනව. සමහර විට එයා ගැන ආදරයක් හිතෙ ඇති උනත් තැතත්. එතකොට දෙන්න විවාහ වෙලා හිටියත් ඒ සම්බන්ධය ගොඩක් දුරස්. දෙන්නට දරුවන් හිටියත් දෙන්න අතර සම්බන්ධය දුරස්. ඉතින් මෙහෙම ඉන්නකොට මුන ගැහෙනව තමන්ගෙ හිත ඇදිල යන කෙනෙක්. සමහර විට මේ කෙනා එක්ක හිතවත් කමක් ඇති කරගන්නව. ඒත් එක් සමාජ සම්මතයන්ට පිටින් යන එකක්. ඒත් ආදරය කියන හැගීමත් එක්ක බැලුවොත් තමන් හොයපු ආදරය ලැබෙනකොට කවුද ඒක විදින්න අකමැති. මිනිස්සු වරදට පෙළඹෙන්නෙ එතනදි තමයි.
නමුත් ගැහැනියකට යන්න පුලුවන් සීමාවත් තියනව. ඒ රාමුවෙන් පිටට පැන්නොත් ඇයට ලොකු ගැටළු රැසකටට මුහුන දෙන්න සිදු වෙනව. ඒ නිසා ඒ ආදරය දැක දැක ඇයට හිතින් විදවන්න වෙනව. ඒ නිසයි ඇය කියන්නෙ මගේ අතැගිලි බැදුනෙ ඇයි මේ විදියට ඔයා මුන ගැහෙන්න කලින්. දැන් මට ඔයාගෙ වෙන්න විදියක් නැහැ මම දැන් අන්සතු වස්තුවක් වෙලා ඉවරයි. ඔබව මට නොලැබුණත් ඔබව දකින එක තමයි මගේ ලොකුම සතුට. මම හිතින් ගොඩක් දුක් විදිනව ඇයි ඔබව මේ විදියට ඇසුරු කරන්න මට මුනගැස්සුවෙ කියල. ඒත් අපි හිතන දේවල් ඒ විදියටම සිද්ධ වෙන්නෙත් නැහැ.
ඉතින් ඉන්ද්‍රානි පෙරේරා නැමති අපූරු ගායන ශිල්පිණිය බොහොම අපූරුවට මේ ගීය ගයද්දි පුදුමාකාර වින්දනයක් ලබන්න පුළුවන්. පහුගිය දවසක හිඹුටාන ගොල්ඩන් ෂැඩෝස් සංගීත කණ්ඩායමේ චිරාන් ධනූෂ් බොහොම අපූරුවට මේ ගීය ගයල තිබුන. එක බලන්න මෙතනින්.http://www.youtube.com/watch?v=HITWUbAdjF8
කැමතිනම් අපිව ඇඩ් කරගන්න.https://www.facebook.com/buwanekaba.yauthsociaty?fref=ts
අතැගිලි බැදුනේ අයි මේ විලසින්
ඔබ හමු වෙන්න කලින්...
සෙනෙහස ඔබගේ කෙලෙස විදින්නද
අන්සතු ලදකි මෙමන්
ඔබ ලග ඉන්නට ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්...
මිහිපිට මා හට නැත වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්...
සිත සිත ඔබ ගැන දින දින ලතවෙමි
වෙන මාකරන් කුමක්...
හමුවුනෙ ඇයි අප ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්...
සිතු පැතු හැමදේ නෑ ඉටුවන්නේ
ලොව අප සිතන ලෙසින්...
මතු හමුවන තුරු වෙන් වී යමු අපි
ඔබ හට ආයුබොවන්...

No comments:
Post a Comment