සන්ෆලවර් සංගීත කණ්ඩායම කියන්නෙ වැඩිම කැසටි පට ප්‍රමාණයකට
සංගීතය සපයලා තියන තාමත් ලංකාවෙ ඉහළින්ම වැජඹෙන සංගීත කණ්ඩයමක්. මම හිතන්නෙ
සන්ෆලවර් එක්ක ගීත ගායනා නොකළ ජනප්‍රිය ගායකයෙක් නැති තරම්. ගුණදාස කපුගේ, සුනිල්
එදිරිසිංහ, සනත්-මල්කාන්ති, මිල්ටන්
මල්ලවාරච්චි වගේ ජනප්‍රිය ගායන ශිල්පීන් බොහොමයක් සන්ෆලවර් සමග ගීත ගායනා කරල
තියනව. මේ සංගීත කණ්ඩායමේ මුල්ම යුගය ගැන සමහරු දන්නෙ නැතුවත් ඇති.
සන්ෆලවර් ආරම්භයට මූලික වෙලා තියෙන්නෙ, සන්ෆලවර් ගුරුවරයා විදියට හදුන්වන්නෙ බැසිල් ප්‍රනාන්දු මහවැව. නීල් වර්ණකුලසූරිය තමයි පටන් ගත්ත දවසේ ඉදන් අද වෙනකල්ම නායකයා. ඔහු තමයි තාමත් ලංකාවේ අංක එකේ ලීඩ් ගිටර් වාදන ශිල්පියා. ඔහුට අභියොග කරන්න කෙනෙක් තාමත් බිහි වෙලා නෑ. එදා ඉදන් අද වෙනකල්ම නිත්‍ය නිවේදකයා තමයි සජීවී ප්‍රසංග කලාවේ ගැඹුරු ස්වරය ලෙසින් හදුන්වන නෙල්සන් වාස්. ඔහුත් දක්ෂ ගායන ශිල්පියෙක්. අතුල අධිකාරි තමයි මුලින්ම මේකෙ කීබොඩ් වාදනය කරල තියෙන්නෙ. අද ඔහු කණ්ඩායම් සංගීතයෙන් ඉවත් වෙලා වෙනමම ගමනක් යනව. ඩ්‍රම්ස් වාදනය කරල තියෙන්නෙ එදත් අදත් ලංකාවේ ඩ්‍රම්ස් වාදන ශිල්පීන් අතරේ අංක එක මහින්ද සිල්වා මහත්මයා. අද ඔහු ඔහුගෙම සංගීත කණ්ඩායමක් විදියට සුපර් ස්ටාර් සංගීත කණ්ඩායම හදාගෙන ඉන්නව. ඒත් හැබැයි ළගකදි නම් සුපර් ස්ටාර් සංගීත කණ්ඩයමේ ප්‍රසංගයක් දකින්න ලැබුනෙ නෑ. මුලින්ම මෙහි බේස් ගිටාර් වාදනය කරල තියෙන්නෙ බේස් වාදනයෙන් පෙරළියක් කළ බේස් රජ්ජුරුවො විදියට හදුන්වන අර්නි පීරිස් මහත්තය. ඔහු මෙයින් ඉවත් උනාට පස්සෙ අපි කවුරුත් දන්න අර්නි පීරිස් ප්‍රමුක සහාරා සගීක කණ්ඩායම පිහිටුවා ගන්නව. ඔහුගෙන් පස්සෙ තමයි අයිවෝ ද මෙල් බේස් ගිටාර් වාදනයෙන් එකතු වෙන්නෙ. ඔහුත් අර්නි පීරිස් තරම්ම දක්ෂයෙක්. ඔහු විජය කුමාරතුංගයන්ගෙ හඩින් රසිකයන් අමන්දානන්දයට පත් කළා. අද වනවිට ඔහු ඇමරිකාවේ පදිංචිය ලබාගෙන සිටිනව. ඇන්ටන්-රොෂාන් සහෝදර සුසංයෝගය මේත් එක්ක එකතු වෙන්නෙත් අතුල අධිකාරි, මහින්ද සිල්වා යන අයගෙන් පස්සෙ. ඇන්ටන් පෙරේරා කියන්නෙ බොහොම දක්ෂ කීබෝඩ් වාදන ශිල්පියෙක්. මම හිතන්නෙ සරත් ද අල්විස් (ඩයිනමයිට් සංගීත කණ්ඩායම) මහත්තයට පස්සෙ බිහිවුන දක්ෂතම කීබෝඩ් වාදන ශිල්පියා. ඒ වගේමයි රොෂාන් පොරේරා කියන්නෙ මහින්ද සිල්වාගෙන් පස්සෙ බිහිවුන දක්ෂතම ඩ්‍රමිස් වාදන ශිල්පියා. තාමත් රොෂාන්ගෙ ඩ්‍රම්ස් වාදනයට අභියෝග කරන්න කිසිම සිගීත කණ්ඩායමක ශිල්පියෙකුට හැකියාව ලැබුනෙ නැහැ. මේ දෙපල අද මෙයින් ඉවත්වෙලා ඇරෝ ස්ටාර් නමින් සංගීත කණ්ඩායමක් හදාගෙන ලස්සන ගමනක් යමින් ඉන්නව. ඒ වගේම කියන්න ඕන දැනටත් රිදම් ගිටාරය වාදනය කරන සුදත් නාවලගේ කියන්නෙත් බොහොම දක්ෂයෙක්. ඒ වගේම නොයෙල් රාජ් විශාල සේවයක් කරල තියනව සන්ෆලවර් වෙනුවෙන්.
ඉතින් දැන් නීල්, නෙල්සන්, සුදත් තවත් අලුත්ම පිරිසක් එක් කරගෙන තවත් ඉදිරියට යමින් ඉන්නව. අපි ඔවුන්ට සුභ පතනව. (අපි මේ ශිල්පීන් ගැන සදහන් කළේ අපි තොරතුරු දන්න පමණින්. යම් වැරැද්දක් තබුනොත් අපේ යාලුවො ඒක අපිට පෙන්නලා දෙයි කියල අපි විශ්වාස කරනව.)
ඉතින් අපි සන්ෆලවර් ගැන කතා කළේ අපි අද අරන් අවේ ඔවුන් ගායනා කළ තවත් අපූරු ගීතයක්. අපි ආදරයේ සුන්දරත්වය බොහොම අපූරුවට කතා කරද්දි සන්ෆලවර් නීල් කිවුවෙනම් ආදරේ වේදනා ගෙනදෙන කදුලක් කියල.
ආදරේ කදුලකි මට වේදනා
සිත නිරතුරු පාරනා
සිහිනෙකි පෙනෙනා
චේතනා පිරිසිදු නැ ආදරේ
මායාවකි ලෝකයේ මිනිසුන් දකිනා
ආශාවක් නොවේද ආදරේ
මායාවක් නොවේද ආදරේ
පැටලෙන්නේ ඇයි එසේනම් ආදරේ
සිත බිදුනාම කදුළු සලන්නේ
දුක් මේ ලෙස ඇයි ද විදින්නේ
මා නම් නැ කිසි දා බැදිලා ආදරේ ....
ආදර හදවත ඔබෙයි මගෙයි
ආශාවකි එය නුරාගයේ
එනමුදු කවුරුත් පවසන්නේ
පිවිතුරු යැයි එය මලක් වගේ
දුකින් තැවෙන්නට එපා
සිතින් හඩන්නට එපා
සතුට උතුරනා සිහිනයක් තමයි
ආදරේ කියන්නේ.....
ආදර ලොවේ... නෑ තනිවුනේ...
මා හදවතේ... නෑ ආදරේ...
මා හදවතේ නෑ ආදරේ
මා හද තුළ වූ වේදනා
සතුටකි මට කදුලින් ගෙනා
මිහිරික් ගෙනදෙයි ආදරේ
සතුටක් ගෙනදෙයි ජීවිතේ
ලෝකය ලස්සන වන්නට ආදරේ
දෙදෙනෙක් සැදු ඒ ලෝකයේ
මිහිරියි පිවිතුරු ආදරේ
මගේ ලෝකයත් ලස්සනයි ආදරේ.

No comments:
Post a Comment