අපි අද අරන්
ආව පෝස්ට් එක ගැන කියන්න කලින් පොඩි පොඩි දෙවල් ටිකක් කියන්න ඕන කියල හිතුන.
විශේෂයෙන්ම කියන්න ඕන අපේ පෝස්ට් බලල ඒවට ලයික් කරන කොමෙන්ට් කරන හැමෝටම ගොඩක්
ස්තූතියි. අපි හාමදාමත් ඔයාලට හිස නමා අචාර කරනව. ඉතින් මේ තවත් පිරිසක් ඉන්නව
ටිකක් මෝඩ විදියට කොමෙන්ට් දානව. මට මතකයි අපි “මෙය තවත්
ආදර කතාවක් නොවේ" මැයෙන් දාපු පෝස්ට් එකට කෙනෙක් කොමෙන්ට් කරල තිබුන බයික්
එකේ වේගය පාලනය කරගන්න විදිය ගැන කියල. ඉතින් අපි හිතන්න ඕන ඒ බයික් එකේ තිරිංග කැඩුන එක ගැන
හරි තිරිංග කැඩුනට පස්සෙ වේගය අඩු කරගන්නෙ කොහොමද කියන එක ගැන නෙමේ. ඒ කතාවෙන්
අපිට දෙන පනිවිඩය ගැනයි අපි හිතන්න ඕන. අපිට ඇත්තටම ඕන සුහදශීලී සංවාදයක් ගොඩනගන්න
මිසක් විවාදයක් ගොඩනගන්න නෙමේ. අපේ යාළුවො දන්නව සුහදශීලී සංවාදයකින් ගොඩක් දේවල්
ඉගෙන ගන්න පුළුවන් වගේම ආවේගශීලී විවාදයකින් ගොඩක් දෙවල් නැති වෙන්න පුළුවන්. ඒ නිසා
අපි කියනව කාට හරි විවාද කරගන්න ඕන නම් එහෙම පිටු ඕන තරම් මේ තුළ තියනව. අන්න ඒ
අයත් එක්ක එකතු වෙන්න කියල. නමුත් බුද්ධිමත් විදියට මේ දෙවල් දකින අපේ යාළුවෝ
හැමෝටම ගොඩක් ස්තූතියි.
ඉතින් අපි අද අරන් ආවේ අපගේ මව් වරුන් මෙන්ම පියවරුන් වෙනුවෙනුත් ලියවුන ගීතයක්. ඒ තමයි එඩ්වඩ් ජයකොඩ් මහත්මයා ගායනා කරන “කරදිය ගැඹරේ" කියන ගීතය. ඇත්තෙන්ම මේ ගීතයෙන් කියවෙන්නෙ අපේ තාත්තල අම්මල අපිව ලොකුමහත් කරන්න කොයි තරම් දුක් විදිනවද කියල.
අපේ පියවරු ගැන කියනවනම් එයාල ඇත්තටම ලොකු දුකක් විදිනව අපිව ලොකු මහත් කරන්නත මට මතක් වෙනව අපේ අප්පච්චි ගොඩක් දුක් වින්ද අපිව හදන්න. කවදාවත් ධනය රැස් කලේ නැහැ හම්බ කල හැම රුපියලක්ම වියදම් කලේ අපිට උගන්නන්න. ඒත් අපේ අයියල අක්කල රැකියාවල් අරගෙන ගෙදර ආර්ථිකය ගොඩනගා ගන්නකොට එයා ඒ සැප විදින්නත් කලින් අපි අතරින් සමු අරන් ගියා. ඉතින් ඒ වගේමයි අපි හැමෝගෙම පියවරු දහඩිය හෙළන්නෙ දුක් උහුළන්නෙ අපිව මේ ලෝකෙ හොද මිනිස්සු කරන්න.
ඉතින් අපේ අම්මල ගැන කියනවනම් කියන්න කොයි තරම් දේවල් තියනවද? ඒව මගේ වචන වලින් කියනවට වඩා මට හම්බවුන පොඩි කොටසක් මතක් වෙනව. ඒකෙන් ඒ සේරම දෙවල් කියවෙනව.
රාත්‍රී කෑම පිළියෙල කරමින් සිටි තම මව වෙත පැමිණි පුංචි පුතු, ඔහු සවස් වරුව පුරා ලියූ පොත් පිටුවක් රැගෙන විත් එය කියවා බලන්නැයි මවට ඇවිටිලි කරන්නට වුනා. තම අත් පිසදා ගත් ඇය එය රැගෙන කියවන්නට වුනා.
1.තණකොල කැපීමට - Rs.100
2.සතිය පුරාවටම මගේ කාමරය පිරිසිදු කිරීමට - රු.200
3.කියූ වේලාවල් වලට කඩේට යෑමට - රු.250
4.ගෙදර කිසිවකු නොමැති වේලාවලදී නංඟිව බලා ගැනීමට - රු.300
5.මෙවර වාර විභාගයට හොඳ ලකුණු ගැනීමට - රු.250
6.වත්ත සුද්ද කිරීමට - රු.500
ගෙවීමට ඇති මුළු වටිණාකම = රු.1600
තම පුංචි පුතු දෙස මොහොතක් සිනා මුහුණින් බලා සිටි ඇය එම පොත් පිටුවෙහි අනිත් පස පෙරළා, ලියන්නට වුනා. මිනිත්තු කිහිපයකින් එය ලියා අවසන් කර තම පුංචි පුතු අත එය තබා කියවා බලන්නැයි ඇය පැවසුවා. එහි මෙසේ සටහන්ව තිබුණා.
1.මාස 9ක් පුරා ඔයා මගේ ඇඟ ඇතුලේ වැඩෙද්දී ඔයාව දරාගෙන සිටීම - නොමිළේ
2.වසර 2ක් පුරාවටම ලේ කිරි කරලා පොවලා ඔයාව ජීවත් කරවීම - නොමිළේ
3.ඔයා ලෙඩ වෙලා සිටි හැම රැයකම නිදි මරමින් ඔයාව බලාගැනීම, ඔයාට වෙලාවට බෙහෙත් ටික පෙවීම - නොමිළේ
4.ඔයාගේ කැතකුණු අතගා, ඔයාව පිරිසිදු කිරීම - නොමිළේ
5.ඔයා ලෙඩ වුනාම, තුවාල කරගත්තම මම අඬපු හැම කඳුලු බිංදුවක්ම - නොමිළේ
6.ඔයාට හොඳම සෙල්ලම් බඩු අරන් දීලා, ඔයාට ලස්සනම ඇඳුම් අරන් දීලා ඔයාව කුමාරයෙක් වගේ තියාගැනීම - නොමිළේ
ඉතිං මගේ රත්තරං පුතේ මේ ඔක්කෝම එකතු කරාම ඔයාට ගෙවීමට ඇති මුළු වටිණාකම සම්පූර්ණයෙන්ම නොමිළේ...
පුංචි පුතාගේ පොත් පිටුව එයාගේ ඇස් වලින් වැටුණු කඳුලු බිංදු වලින් බොඳ වෙලා යද්දී පුතා එයාගේ ගෙවීමට ඇති මුළු වටිණාකම කියන තැන මෙහෙම ලියුවා. ''සම්පුර්ණයෙන් ගෙවා අවසන් කරන ලදී'
ඉතින් මේ ගීතයෙන් කියන්නෙ අපේ දෙව්පියෝ මේ තරම් මහන්සි වෙන්නෙ අපිව මේ ලෝකෙ හොද තැනක් හදල දෙන්න, අපිව හොද මිනිස්සු කරන්න කියන එකයි.

කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ
නුඹගේ දෑතට දිරිය වඩන්නයි
සුහුඹුල් අත් පා ය'දඬු කරන්නයි
කිරිකැටි පුතුනේ //
අව්වට වැගිරෙන දාදිය වැස්සේ
කළුගල් තලලා මහමං තැනුවේ
නිවහල් ලොවකට නුඹට වඩින්නයි
කිරිකැටි පුතුනේ //
දුම් රොටු අතරේ කම්හල් ඇතුළේ
දැති රෝදෙට ගත ජීවය දුන්නේ
නව මිනිසකු නව ලොවට පුදන්නයි
කිරිකැටි පුතුනේ //
කරදිය ගැඹරේ.....
පද : ප්රේම කුමාර ජයවර්ධන
සංගීතය : රෝහණ වීරසිංහ
ගායනය : එඩ්වඩ් ජයකොඩි
ගීතය මෙතනින් බාගන්න http://m.ananmanan.lk/song/2867/karadiya-gabare-thun-yama-gewune-edward-jayakody-mp3.html
No comments:
Post a Comment