Sri Lanka

Thursday, August 8, 2013

වළා අතුළ ගිරි මුදු‍නේ... ගලා හැ‍ලෙන සද එළි‍යේ


ඔන්න යාලුව‍නේ ‍ගොඩක් කා‍ලෙකට පස්‍සෙ අපි අලුත් ‍පොස්ට් එකක් අරන් ආව. පහුගිය කා‍ලෙ ‍පොඩ්ඩක් කාර්ය බහුල ‍වෙලා හිටි නිසා මුකුත් කරන්න බැරි උනා. ඒත් ආ‍යෙමත් ‍මේ විදියට ඔයාලත් එක්ක එකතු ‍වෙන්න ලැබුන එක ‍ලොකු සතුටක්. ඉතින් ‍වෙසක් ‍පොයත් එක්ක බුදුන් වහන්සේ‍ගේ මහා කරුණාව පිළිබදව ලියවුන ලස්සන ගීතයක් අරන් ආව.

කුරුණෑගල තරුණ බවුද්ධ සමිතිය කියල කියන්‍නෙ ලංකා‍ව ප්‍රසිද්ධ පුණ්‍ය ආතනයක්. ඒ අයතනය මගින් තමයි ඇතුගල මත ‍බො‍‍හොම අපූරුවට දිස්වෙන ඇතුගල පිළිමය නිර්මාණය ‍වෙන්නේ. ඉතින් ‍මේ පිළිමය පිළිබදව ගීතයක් නිර්මාණය කරවන්න ඔවුන් භාර කරනව අප‍ගේ ‍භෞතික විද්‍යා ගුරුවරයා වන කීර්ති ධර්මසිරි සර්ට. එතුමන්‍‍ගේ ‍බොහොම හිතව‍තෙක් වන ධම්මික බණ්ඩාර සර් තමයි ‍මේ ගීය නිර්මාණය කරන්‍නෙ. ‍ඩෙනිස්ටර් පෙ‍රේරා මහත්මයා තමයි ‍මෙහි සංගීතය නිර්මාණය කළේ. ‍මේ ගීතය තමයි නිල්කැට වැස්ස කියන කැසට් පට‍‍‍යෙ පළමු ගීතය. අපි කවුරුත් ‍බො‍හොම හොදින් දන්න හන්තානට පායන හද, මගේ පුංචි ‍රෝස ම‍ලේ, ශ්‍රී ‍දේවී ව‍ගේ කියන ගීතත් ඇතුළත් ‍වෙන්‍නෙ මේ කැසට් පට‍යෙම තමයි. ‍මේ ගීය ගායනා කරන්‍නෙ විශාරද සනත් නන්දසිරි මහත්මය විසින්. සහය ගායන‍යෙන් දායක වෙලා ති‍යෙන්‍නෙ මල්කාන්ති නන්දසිරි, ස‍රෝජා ‍‍හේවාවිතාරණ, සුනිල් අමරසිංහ, දීප්ති හපුආරච්චි කියන පිරිස.

මුදල් පසුපස හඹා යමින් මිනිස් ගුණදම් අමතක කරන නගරවැසි මිනිස්සු ‍දෙස ‍මේ පිළිම වහන්‍සේ මහා කරුණා‍වෙන් බල හිදින බව තමයි ‍මේ ගී‍යෙන් කියන්‍නෙ. මහා කළුගලක් මත ‍ග‍ඩොලින් සි‍මෙන්ති බදාම‍යෙන් නිමවුන ‍මේ පිළිමයට පුදුමාකාර ජීවමාන බවක් තමයි ‍මේ ගී‍යෙන් දීල ති‍යෙන්නෙ. ඔයාලම ‍මේ ගීය රස විදල බලන්න‍කො.

වළා අතුළ ගිරි මුදු‍නේ 
ගලා හැ‍ලෙන සද එළි‍යේ
‍යොමා දෑස් මුළු නුවරට
බැලුම් ‍හෙලන්‍නේ
ඇතුගල බුදු පිළි‍මේ

සදා ‍නොනි‍මෙනා තුරග තරග කරමින්
පතා ‍විජය ජය සටන් කරයි නුවරුන්
බලා ඔවුන් ‍දෙස කරුණා බර දෑසින්
බවුන් වඩයි සමිදුන්

ලබා ‍නේක දුක් සිතින් හඩයි නුවරුන්
හිසින් දරාගත් ‍නොනි‍මෙන ගිණි දකිමින්
නිවා එගිනි කද සීතල දිය දහරින්
මහා ‍මෙරක් ‍සේ බලා හිදී සමිදුන්

No comments:

Post a Comment