අද අපි අරන් ආවේ තරමක් කාලෙකට කලින් ඇසුණු ගීතයක්. මේ
ගීතය දෙදෙනෙකුට සුවිශේෂී ගීතයක්. ඒ තමයි මේ ගීතය ගායනා කරන ප්‍රදීපා ධර්මදාස
මහත්මියගෙ මංගල කැසට් පටය, අනික තමා රෙබෙකා නිර්මලී නම් අති විශිෂ්ඨ කලා
ශිල්පිණියගෙ මංගල ටෙලි නාට්‍යය. ඒ ටෙලිනාට්‍යය තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගෙ
වෙද හාමිනේ ටෙලි නාට්‍යය. වෙද හාමිනේ ටෙලි නාට්‍යයෙ ඇය මුලින්ම කැමරාවකට
මුහුණ දුන්‍නෙත් අපි රූපවාහිනී තිරයකින් ඇයව දකින්‍නෙත් මේ ගීතයත් සමගින්. මේ ටෙලිනාට්‍යය
විකාශනය වුනේ කොයි කාලෙද කියලනම් මට හරියට මතක නෑ. මොකද අපි ගොඩක් පොඩියි ඒක
නරඹනකොට. දන්න කොනෙක් ඉන්නවනම් අපිට ඒ ගැන කියල දෙන්න.
මෙහෙම කියද්දි දැන් කටටියටම මතක් වෙලා ඇති ගීතය. ඒත් මේ ගීතය ගැන යමක් කියන්න කලින් විශේෂයෙන් කියන්න ඕන ජයන්ත චන්ද්‍රසිරි මහත්මයගෙ වෙද හාමිනේ ටෙලිනාට්‍යය කියල කියන්‍න අපි නරඹපු ඉතාම විශිෂ්ඨ ටෙලි නාට්‍යයක්. ජාතික රූපවාහිනියෙන් මේක මුලින්ම විකාශනය වෙන කාලෙ මේකෙ අර්ථය හරියටම තේරුම් නොගත්තත් අපි ගොඩක් ආසාවෙන් නැරඹුවා. පසු කාලීනව මෙහි නැවත විකාශයන් නැරඹීමත් එක්ක තමයි ජයන්ත චන්ද්‍රසිරි මහත්මයා මේ තුළින් කතා කළ සමාජ යථාර්ථය යම් මට්ටමකට තේරුම් ගත්‍තෙ. ඔහු වැනි විශිෂ්ඨ නිර්මාණ කරුවන් අද වන විට නිහඩව සිටීම නම් කනගාටුවට කරුණක්.
ඉතින් මේ අපි කතා කරන ගීතය තමයි “දූවිල්‍ලෙන් සැදුන ලියේ" කියන ගීතය. මේ ගීතය ඇතුළත් කැසටි පටය තමයි ප්‍රදීපා ධර්මදාස නම් කලා ශලිපිණියගෙ මංගල කැසටි පටය. එය නම් කරල තිබුනෙත් “දූවිල්‍ලෙන් සැදුන ලියේ" කියන නමින්ම තමයි. මේ කැසට් පටයෙ ගීත වලින් කියවෙන්‍නෙ 77න් පසුව විවෘත්ත ආර්ථිකයත් එක්ක ඇතිවූ සමාජ විපර්යාසය ගැනයි. නමුත් මේ කැසටි පටය නිකුත් වෙනවත් එක්කම එවකට තිබූ ආන්ඩුව මගින් මෙහි ගීත 6ක් ජනතාව අතරට යා හැකිව තබූ එකම මාධ්‍යය වන ගුවන් විදුලියේ තහනම් තරනව. ඉතින් එවන් කරදර බාධක ගොඩක් මැද ආපු ගමනක් තමයි ඇයට තියෙන්‍නෙ.
අපි මේ රෙබෙකා නිර්මලී නම් අසහාය රංගන ශිල්පිණිය ගැනත් වචනයක් කියන්න ඕන. ඇය අපට ඉන්න බොහොම දක්ෂ රංගන ශලිපිණියක්. ඇය දායක වුන විශිෂ්ට නිර්මාණ ගණනාවක්ම තියනව. තවත් එවන් සුන්දර නිර්මාණ දකින්න ලැබේවා කියන එක තමා අපේ පැතුම.
දූවිලි... දූවිලි දුවිලි දූවිලි
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ //
වෙණ වයනා මිනිස්සුන්ට වීණාවක් ගෙනත් දෙන්න//
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ
ගී ගයනා මිනිස්සුන්ට පැත් තලියක් ගෙනත් දෙන්න //
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ
ගී අහන්න මිනිස්සුන්ට පන් පැදුරක් එළා දෙන්න //
දූවිල්ලෙන් හැදුන ලියේ බාලොලියේ බාලලියේ
දූවිලි... දූවිලි දුවිලි දූවිලි
ගායනය - ප්‍රදීපා ධර්මදාස
සංගීතය - ප්‍රේමසිරි කේමදාස
ගීතය මෙතනින් බාගන්න. http://www.ananmanan.lk/free-sinhala-mp3/song/3624/duwillen-saduna-liye-pradeepa-dharmadasa-sinhala-mp3.html

No comments:
Post a Comment