ගොඩක් දිග නිහැඩියාවකින් පස්සෙ අදයි අලුත් දෙයක් ලියන්න ලැබුනෙ. කැම්පස් එකේ විභාගය නිසා ගොඩක් කාර්ය බහුල වෙලා හිටියෙ. ඒත් අද ගොඩක් සතුටුයි යාලුවෝ එක්ක අලුත් යමක් බෙදාගන්න ලැබුන එක. අපිව හැමදාම උනන්දු කරන අපිත් එක්ක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම ස්තූතියි. ඒ වගේමයි මහන්සියත් එක්ක ටිකක් නිහඩ උනත් හැමදමත් අලුත් දෙයක් ලියන්න මාව උනන්දු කරන මගේ ලෝකෙ ලස්සන කරන ඔයාට හැමදාමත් ස්තූතියි.
මේ කතාව පටන්
ගන්නෙ කොළඹ හොදට සල්ලිය බාගෙ තිබුණ මුදලාලි කෙනෙකුගෙ ගෙදරින්. ඔහුට මේ දේවල්
ලැබෙන්න ඔහුගෙ කැපවීම මෙන්ම ඔහුගෙ වාසනාවත් හේතු වෙන්න ඇති. ඔහු තත්වයෙන් කොයි
තරම් ඉහළට ගියත් ඔහු සතුව පැවති අපූරු විනොදාශය වෙනස් කරන්න නම් ඔහු කැමති උනේ
නැහැ. ඒ නිසාමයි පැදුරු සාජ්ජ සංගීත කණ්ඩායම් වලට ඔහුගෙ සුවිසල් මැදුරෙ දොරගුලු
නිතරම විවර වුනේ. ඔහු සංගීතයට තදින් ඇලුම් කල කෙනෙක්. ඒ නිසාම සතියකට සැරයක්වත්
ඔහුගෙ ගෙදර පැදුරු සාජ්ජයක් පවත්වන එක පුරුද්දක් කරගෙනයි හිටියෙ.
ඉතින් අපේ මේ
කතාවෙ ප්‍රධාන චරිතයක් තමයි මේ මුදලාලිගෙ දුව. අපි ඇයව තුෂාරා කියල හදුන්වමු. මේ තුෂාරා
නම් හැබැයි තාත්ත වගේ සංගීතයට ඇලුම් කල කෙනෙක් නෙමෙයි. තමන්ගෙ තාත්ත තත්වයට
නොගැලපෙන වැඩකට පුරුදු වෙලා කියල නිතරම ඇය තාත්තට දොස් පවරමිනුයි හිටියෙ. එ නිසාම
තමන්ගෙ ගෙදරට එන සංගීත කණ්ඩායම් ඇයට රිස්සුවෙත් නෑ. ඒ තියා ඇය ඒවා දිහා බලාගෙනවත්
හිටියෙ නැහැ.
ඒත් පැදුරු
සාජ්ජයක් පවත්වපු එක්තරා දවසක ඇය උඩුවහලෙ බැල්කනියට වෙලා ඉද්දි මේ සංගීත කණ්ඩායමේ
එක් සාමාජිකයෙන් ගැයුව සුන්දර හින්දි ගීතයකට ඇගේ හිත ඇදිල ගියා. ඇය ඒ ගීතයට ගොඩක්
ප්‍රිය කලා. ඒ ගීතයෙන් පස්සෙ ඒ ගායකය තවත් සුමියුරු හින්දි ගීතන කිහිපයක්ම ගායනා
කලා. ඔහුගෙ ඒ ළයාන්විත හඩ ඇයගෙ සිත පැහැර ගන්න සමත් උනා. ඒ නිසාම ඇය ඒ හඩ නැවත
නැවත අහන්න ප්‍රිය කලා.
ඒ නිසා ඇය එම
හඩ ඇසෙන දින වලට සදලුතලයට වෙලා ඔහුගෙ ගීත නිතරම රස විදීමට පුරුදු වුනා. ඒත් කිසිම
දවසක ඇයට ඔහුගෙ රුව දකින්න බැරි උනා. ඒ නිසාම ඇය තුළ නොනිත් ආශාවක් ඇති වෙලා තිබ්බ
ඔහුගෙ රුව දැකගන්න. ඒ නිසාම දවසක් සාජ්ජයක් පැවැත්වෙන අතර තුර ඇය ඒ දෙස මහත් ඕන
කමින් බලන් උන්නෙ ඔහුව දැගන්නමයි.
තමන්ගෙ දෑස්
පියාගෙන හරියට දැහැනකට සමවැදිල වගේ ගීත ගැයානා කරන, කොන්ඩය බොකුටු ගැසුනු උස සුදු
තරුණයෙක් තමයි ඇය දැක්කෙ. දුටු පමණින්ම ඇගේ සිත ඔහු කෙරේ ඇදී බැදී ගියා. එදා ඉදන්
ඇය ඔහුට පෙම් කරන්නට පටන් ගත්ත. ඔහු ගීත ගයනා කරන හැම දවසකම උඩු මහලට වෙලා ඔහු
දිහා බලන් ඉන්න එක ඇය පුරුද්දක් කරගෙනයි හිටියෙ.
මේ දෙවල් මේ
විදියට සිද්ධ උනාට ඔහු මේ කිසිම දෙයක් දැනන් උන්නෙ නෑ. ඒත් එක දවසක් අහම්බෙන් වගේ ඔහුට ඇයව දකින්න
ලැබුණ. උඩු මහලට වෙලා තමන් දිහා උවමනාවෙන්
බල්න ඉන්න මේ රුවැත්තිය දිහා ඔහුත් බැලුව. දෙදෙනාගේම නෙත් හතරක් එකවිට යා වුනා. ඇය
ඔහුට සිනා සුනා. ඔහුත් ඇයට පෙරලා සිනාසුනා. ඔහු ඒ දෙනෙත් වල සංසාර ගත බැදීමක්
දකින්නට ඇති.
එදා ඉදන්
පැදුරු සාජ්ජ පැවැත් වුන හැම දවසකම ඔවුන් දෙන්නා ඇස් වලින් කතා කරන්න පටන් ගත්ත.
හොර රහසෙ දෙන්නම හිතින් පෙම් කරන්න පටන් ගත්ත. තව දුරටත් මේ හැගීම් හංගාගෙන සිටීමට
නොහැකිවූ ඇය ලිපියකින් මේ බව ඔහුට දන්වනව. මොකද ඉතින් දැන් වගේ ඒ කාලෙ ජංගම දුරකතන
තිබුනෙ නැහැනෙ. එත් මේ තරුණයා මේක පිළිගන්න පොඩ්ඩක්වත් කැමති උනේ නෑ. මොකද ඔහු
දැනන් හිටිය මේ දල කාර මුදලාලි කවමදාකවත් තමන් වගේ දුප්පත් තරුණයෙකුට ඔහුගෙ දියණිය
විවාහ කරල දෙන්නැති වග.
ඒත් අවසානෙදි
ඇයගෙ ආදරය ජය ගන්නව. ඇය ඔහුට නිතර නිතර ඇවිටිලි කරන්න ගන්නව මේකට කැමති වෙන්න
කියල. මේ පෙරැත්තය නිසාම ඔහුට සිද්ධ වෙනව ඇගේ ආදරය පිළිගන්න. කිසිම දවසක ඔහුව අමතක
නොකරන බවට ඇය පොරොන්දු වෙනව. ඒ වගේම කවදාක හරි ඇයට විවාහ කරගන්න ඔහු පොරොන්දු
වෙනව.
දෙදෙනැගේම ප්‍රේමය ටිකෙන් ටික දළුලන්න ගත්ත. ඒත්
වැඩි කාලයක් මේ දෙන්නට මේ සෙල්ලම කරන්න නම් ලැබුනෙ නැහැ. කොහොමින් කොහොමින් හරි මේ
මුදලාලි දෙන්නගෙ මේ ආදරය ගැන දැනගන්නව. මේක දැනගත්තම මුදලාලිට යක්ෂයා ආවේශ වෙනව.
ඔහු මේ දෙන්නටම තදින් අවවාද කරනව. විවිධ උත්සාහයන් ගන්නව මේක නවත්වන්න.
තනිවී සිටින්නයි මා අදහස් කලේ
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ
මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
ඇගෙ චේතනාවන් මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...
නමුත් මේක නවත්තන්න මුදලාලි ගත්ත කිසිම උත්සාහයක් සාර්ථක උනේ නම් නැහැ. තරුණයාට කොච්චර අවවාද කලත් කොච්චර තර්ජනය කලත් පලක් වුනෙ නම් නැහැ. ඒ අවසානෙදි මේ මුදලාලි තමන්දෙ දියණියව කාමරේක දාල සිර කරල තරුණයාට ඒ මැදුරෙ දොරවල් සදහටම වහනව.
ඔබමයි සොයා ඇවිදින් එය වෙනස් කලේ
පහදා කිවූවත් නැ සවන් යොමුකලේ
වේදනා පිරීලොවක් ඔබයි බිහිකලේ
මගෙ පාළු ලෝකයේ තනිවු මෙමා
සක්විති රජුන් හමුවේ නැත හිස නවා
සිතුවිලි මගේ හසුරා ගත හැක නමා
මට දුක හිතෙන්නේ ඔබ ගැන තමා
ඇගෙ චේතනාවන් මා සිත දනී
අවට ලෝකයේ බැලුම් විසකටු වැනී
ඒ කටු අපේ දෙහදේ ගැඹුරේ ඇනී
ගලන දුක් වේදනා රුධිරය වැනී...
නමුත් මේක නවත්තන්න මුදලාලි ගත්ත කිසිම උත්සාහයක් සාර්ථක උනේ නම් නැහැ. තරුණයාට කොච්චර අවවාද කලත් කොච්චර තර්ජනය කලත් පලක් වුනෙ නම් නැහැ. ඒ අවසානෙදි මේ මුදලාලි තමන්දෙ දියණියව කාමරේක දාල සිර කරල තරුණයාට ඒ මැදුරෙ දොරවල් සදහටම වහනව.
රන් මසු නෑ කියා
මා දිලිදුයි කියා කීවා.....
මට තව මතකයි ඒවා......
මැදුරේ දොරගුලු ලූ නියා
අදුරේ මා තනි වූ නියා....
මට සිහි වෙනවා
මේ දැන් වාගේ
නෑ මා හැඩුවේ එදා....
බැලුවේ ඔබ අද මා දිහා
පට පිලි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ
මා තනි නොකලේ......
කිමදෝ හඩනූ ඔයා .......
මා දිලිදුයි කියා කීවා.....
මට තව මතකයි ඒවා......
මැදුරේ දොරගුලු ලූ නියා
අදුරේ මා තනි වූ නියා....
මට සිහි වෙනවා
මේ දැන් වාගේ
නෑ මා හැඩුවේ එදා....
බැලුවේ ඔබ අද මා දිහා
පට පිලි දවටා ආ නිසා
ඇයි පෙර වාගේ
මා තනි නොකලේ......
කිමදෝ හඩනූ ඔයා .......
තමන්ගෙ දුප්පත්කම නිසා මුදලාලි මේ සම්බන්ධයට
කවදාකවත් කැමති වෙන්නැති බව ඔහුට වැටහුනා. ඒත් කොහොමද දෙවියනේ තමන් පණ වගේ පෙම්
කරන තමන්ගෙ පෙම්වතිය අමතක කරන්නෙ.
ඉතින් මේ මුදලාලි මොනා කලත් ඔහුට මේ
දෙන්නගෙ හිත් නම් කිසිම දෙයකින් වෙනස් කරන්න බැරි උනා. ඒත් අවසානෙදි ව්‍යාපාරික
ලොවේ කට්ටකම් දන්න ඔහු බොහොම අපූරු උපායක් කල්පාන කලා. එතන ඉදන් ඔහු වැඩ කරන්න
පටන් ගත්තෙ වෙනස්ම විදියකට. ඔහු තමන්ගෙ කූට උපක්‍රමය ක්‍රියාතමක කලා. නැවතත් මේ
තරුණයාට මේ සුවිසල් මැදුරෙ දොරගුළු විවර වුනා. ඒ වගේම කාමරේටම කොටු කරල තිබ්බ තරුණියටත්
ඇයගේ සුපුරුදු නිදහස බුක්ති විදින්න අවසර ලැබුණ. ඒ නිසාම නැවතත් මොවුන් පෙම්සුව
විදින්න පටන් ගත්ත. ඔවුන් හිතුවෙ තමන්ට තිබුන එකම බාධකයත් ඉවරයි කියල.
තරුණියගෙ පියා මේ සම්බන්ධයට අකමැත්තක්
නැති බව කිවුව. ඒ වෙලාවෙනම් ඔවුන් ගොඩක් සතුටු වුනා.එත් ඔහුට මේ මුදලාලිගෙ එක්
පොරොන්දුවකට යටත් වෙන්න සිද්ධ වුනා. ඒ තමයි ඇයව විවාහ කරගන්න නම් ඔහුත් ඔවුන්ට
සමාන තරමකට පොහොසත් විය යුතු බව. ඒ සදහා තමන් සොයාදෙන රට රැකියාවට යා යුතු බවත්
නැවතත් වසර කිහිපයකින් මෙහි පැමිණි පසු විවාහය සිදු කරන බවත් පැවසුවා. ඉතින්
දෙමව්පියන්ගෙ කැමැත්ත ඇතිව විවාහ වෙන්න දහසක් බලාපොරොත්තු තියාගෙන මේ දෙන්න මේකට
කැමති වුනා. ඉතින් නැවතත් සිය රටට පැමිණ තම පෙම්වතියගේ දෑත ගැනීමේ බලාපොරොත්තුවෙන්
ඔහු වෙනත් රටකට පිටත් වෙලා ගියා.
එදා රෑ ගුවන් තොටුපලේදි මා
වෙන්වී ගියේ සිතකින් නොවේ....
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
වෙන්වී ගියේ සිතකින් නොවේ....
නෑසිය මිතුරන් පැමිණීලා
ආසිරි සුභ පැතුම් පැතුවා
ඔබ නාවෙ ඇයි මිහිරියේ
මේ වනතුරු රහසක් වීලා
මා සිතේ යම් දෙයක් තිබුනා
එය කීමටයි ලතැවුනේ
ඈත දුර රටකට වෙලා කොයි තරම් තනිකම දැනුනත්,
කොයි තරම් දුක් වින්දත් ඒ හැම දෙයක්ම සතුටන් ඔහු විදගත්තෙ ඇයව සිහි කරමින්. ඉඩක්
ලැබෙන හැම වෙලාවකම ඔහු ඇයට ලිපි ලියුව.
මධු මල ලෙස මුදු මගේ දයාබර මිහිරාවිය වෙතටයිඔබ සිහිකර කර ඔබට ලියන එක මට ඇති එක සතුටයි
අපමණ සිතුවිලි බිහිවී තෙරපී
එකිනෙක පැටලෙන්නේ
කොහොම පටන් ගෙන මොනවා ලියන්නද
නැත මට වැටහෙන්නේ
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි…
ඔබට තවම මම ආදරෙයි…
හිත ගොළුවෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
නෙත් දෙක පිය වෙනවා
කෙටියෙන් පවසමි මගෙ ආදරියේ
කීමට ඇති සැමදේ
පරවි රැජිණියේ එදා වගෙ අදත්
ඔබට තවම මම ආදරෙයි…
ඔබට තවම මම ආදරෙයි…
ඒත් මේ දෙන්නට වැඩි කාලයක් මේ විදියට ලිපි ගනුදෙනු කරන්න
ඉඩ ලැබුනෙ නැහැ. මුදලාලි බොහොම සූක්ෂම විදියට තමන්ගෙ සැලැස්ම ක්‍රියාත්මක කරමිනුයි
හිටියෙ. ඔහු දියණියගෙ නමට එන හැම ලිපියක්ම හැංගුවා. ඒ වගේම ඔහු සල්ලියි බලයයි
පාවිච්චි කරල ඇය විසින් ඔහුට තැපැල් කරන ලියුම් ටිකත් විනාශ කරල දැම්ම. බලන්න
දෙවියනේ කොයිතරම් නම් ඛේදයක්ද මේ?
ඔහු ගැන කිසිම තොරතුරක් නැතුව අසරණ වෙලා ඉන්න තරුණිගෙ
හිතට පියා විෂබීජ දන්න පටන් ගන්නව එතන ඉදන්. ඔහු වෙනත් තරුණියක සමග හාදවී ඇයව අමතක
කර ඇති බව පවසමින් ඇයගේ හිත වෙනස් කිරීමට ඔහු උත්සාහ කරනව. තරුණිය මුලින් මේ දේවල්
විශ්වාස කිරීමට අකමැති වුනත් පහු වෙනකොට ඇය ඒ දේවල් විශ්වාස කරනව. මේ අවස්ථාවෙන්
ප්‍රෙයෝජන ගන්න පියා තමන්ගෙ තත්වයට ගැලපෙන තරුණයෙක්ව ඇයට යෝජනා කරනව. සිත්
තැවුලෙන් ඉන්න ඇය ඔහුට කැමති වෙනව. බලන්න මේ තුච්ච සමාජ ක්‍රමය තුල මුදලට කල හැකි
දෙවල්. අහින්සක අසරණ ආදරයක් විනාශ කරල අසත්‍යය ජයගත්ත හැටි.
දුර රටකට වෙලා ඇය ගැන තොරතුරක් නැතුව අසරණ වෙලා ඉන්න
ඔහුට අවසානෙදි තමන්ගෙ මිතුරන්ගෙන් දැනගන්න වෙන්නෙ තමන් තමන්ගෙ මුලු ජීවිතේම කියල
හිතපු පෙම්වතිය වෙනත් පොහොසත් තරුණයෙක් එක්ක විවාහ වෙන්න යනව කියල. මේක අහල ඔහු
පුදුමාකාර විදියට දුක් වෙනව. ඒත අසරණ ඔහු මොන කරන්නද. රැකියාවෙ ගිවිසුම් කාලයේ
හැටියට ඔහුට ආපහු එන්නත් බැහැ. ඉතින් ඔහුට කල හැකි එකම දෙය ඈත ඉදන් හිතින් ඇයට සුභ
පනත එකම විතරයි.
දැන ගන්නට ලැබුනා
රහසින් මට ඇසුනා....................
ඔබ රවටා නැත ඔබ හඩවා නැත
දැනදැන මා නම් වැරදි කලේ නැත
ඔබ ගැන මට පුදුමයි
වෙනසට තතු නොදැනෙයි
යොමුවී වෙනතක ඔබ තනිවූ දින
තනියට සිටියේ මා පමණකි ළග
දැන් ඔබ මා රිදවා
යලි වෙනතක බැඳිලා
එයින් ටික කාලකෙට පස්සෙ ඔහු ආපහු ආවත් ඒ වෙනකොට ඔහුගෙ
පෙම්වතිය වෙනත් කෙනෙක් එක්ක විවාහ වෙලා ඉවරයි. ඔහු ඔහුගෙ අතීතය තුළ ගොඩක් දුක්
විදිනව ඔහුට ඇයව මුන ගැසුන තැන්වල ඔහු සැරි සරනව. ඇත්තටම ඔහුට පිස්සු හොහැදුනා
විතරයි. ඔහුට සුපුරදු මැයි ගහ යටටත් ඔහු එනව.
වැස්සට අපි උන්නා...
රත් කැට වාගේ මැයි මල් පිපී පීපී
අපට සෙවන දුන්නා...
මැයි මාසේ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක් සිතින් එබෙන සඳ
වැහි පොද සේ නෙතු කඳුළු සැලේ
වැහි පොද වැටුනත් ඉස්සර වාගේ
මැයි මල් පිපුනත් රතට රතේ
අප දෙදෙනෙක් නැත අද මා පමනයි
මැයි ගස් සෙවණේ අදුරු පෙතේ
ඒත් දවසක් අහම්බෙන් මේ දෙන්න මුන ගැහෙනව. ඔවුන් දෙන්න
තමන්ට සිදුවන අසාධාරණය ගැන දැනගන්නෙ එතනදි. පියා තමන්ව රවට්ටලා ඇති බව ඔවුන්
දැනගන්නව. ඒත දැන් ඉතින් කුමක් නම් කරන්නද? දුකෙන් නමුත් සමුගන්නයි ඔවුට සිද්ධ
වුනේ.
අවසර නැත මට ඔබෙ අත ගන්නට බෑමි බෑද ඈත ලොව සතර දෙසේ
එනමුදු උපදින හැම භවයකදිම
මතු ඔබ හිමි කර ගනිමි ලදේ
බඹරෙකු වන්නට නොහෑකිව ලතවෙන
මා අභියස ඔබ නෙලුම නොවේ
උල්පත වන්නට නොහැකිව ලතවෙන
මා අභියස ඔබ සයුර නොවේ
ඔහු රිදවන්නට ඔහු හඩවන්නට
බැරිකම් මිස ඔබේ සිහින ලොවේ
ඔබ කැදවන්නට ඔබ සතපන්නට
මා හද තුල ඉඩ නැතිව නොවේ
පස්සෙ කාලෙක කොහොම හරි ඔහු ජනප්‍රිය ගායකයෙක් බවට පත් වෙනව. ඔහුගෙ ඒ ආදරණීය කටහඩට එදා වගේම අදත් බොහෝ දෙනා ආදරේ කරනව. ඔහුගෙ ගීත වල ඔහු විදි විරහව බොහොම අපූරුවට ගැබි වෙලා තියනව. නමුත් මේ ආතමීය ප්‍රේමයෙන් ලබපු පරාජය දරාගන්න බැරුව ඔහු මත් පැන් පානයට හුරු වෙනව. අවසානයේදි ඔහු බොහොම ධරුනු විදියට රෝගතුර වෙලා මිය යනව. ඒකත් බොහොම අපූරු විදියට. ඔහු මිය යන්නෙ ඔහුම පෙම් කරල තමන්ට ලබා ගන්න බැරි වුන පෙම්වතියට අයිති රෝහලේ කාමරයත් තුළ ඇයගෙ ඇස් දෙක ඉදිරියේදීමයි. මේ රෝහල කොළඹ බේරෙ වැව ළග තියනෙ ලංකාවෙ අංක එකේ පෞද්ගලික රෝහලක්.
ඉතින් අපි මේ කිවුව තරුණයා කවුද, තරුණිය කවුද, මුදලාලි කවුද ඒ වගේම මේ රෝහල මොකක්ද කියන කාරණා අපේ හිතවතුන් හොදින්ම දන්නව ඇති....
No comments:
Post a Comment