සිංහල ගැමි කාන්තාවන්ගේ ජීවිතය කවදත් කාර්ය බහුල
එකක්විය. තම ගෙදර දොරේ ඉවුම්
පිහුම් කටයුතු මෙන්ම හේනේ, කුඹුරේ ස්වාමියාට සහය දීමටද කුඩා දරුවන් රැක බලා ගැනීමද ඇය කරේ අපරිමිත
සෙනෙහසකිනි. ගැමි කාන්තාව තම මුවින්
ඇද හැලෙන
සෙනෙහෙබර හැගුම් පිරි වදනින් කුඩා බිළිදා නිදිසුව ගැන්වීය. සෑම බිළිදකුගේම කන වැකෙන මුල්ම ගීය දරු
නැළවිලි ගීයයි. එහි වර්ණාර්ථය දරුවාට
නොවැටහෙන නමුත්
නාද රටාවේ ඇති මිහිරියාවෙන් දරුවා නැළවේ. මවට ඇගේ උරුමයෙන් ලැබුණු දරු නැලවිල්ල වැදි පරපුරේ
ඇත්තන් වෙත ඇත. දරු නැළවිල්ලේ ඇති නාද
රටා සිංහල සාහිත්‍යයේ
ඉතා වැදගත් දායාදයන් වේ.
සංගීතය ගැන
විවිධ අත්හදා බැලීම් සිද්ධ වෙන්නේ දැන්. සංගීතය බොහොම රෝග වලට පවා ගුණ දෙන බව
දැන් පර්යේෂණ මටිටමින් ඔප්පූ වී තිබෙනවා. වේගවත් සංගීතය මිනිස් සෞඛ්‍යයට
අහිතකර වූණත් සියූම් සංගීතය මිනිස් ජීවිතයට මොනතරම් යහපතක් කරනවාද ඒ බව ඔබ
තවමත් තේරුම් ගෙන නැත්ද?
පර්යේෂකයන් පවසන
අන්දමට දරුවෙකු සංගීතයට ප්‍රතිචාර දක්වන්නේ ගර්භාෂයේ පටන්මයි. කළල අවස්ථාවේ
තම ශරීරයේ සිදු වන සියූම් චලනයන්ට පූරුදුව සිටින දරුවා එම ශබ්ද මෙලොව
එළිය දුටූවාට පසූවද අපේක්ෂා කරයි.
එදා අපේ
අම්මලා දරුවන් නැලවීමට කියූ නැලවිලි ගීත ගයන්නට අද වේලාවක් නැත. කාලය විසින් ඒ
සියල්ල උදුරා ගත්තද කවියක ගීතයක ඇති රිද්මය දරුවාට සූවදායක නින්දක්
ලබා දෙන බව නොරහසකි. මේ බව අද විද්‍යාත්මක පර්යේෂණවලින්ද ඔප්පූ වී හමාරයි.
බටහිර රටවල හංන
දරුවන් නලවා ගැනීම සඳහා මවගේ ගර්භාෂයේ තරංග තැටිගත කර වාදනය කරනූ ලබයි.
රිද්මය විසින් සිදුවන මෙහෙවර එසේ නම් අපේ අම්මලාට දරුවන් සඳහා වූ ගයන
නැලවිලි ගී යළිත් දරුවන් උදෙසා ගායනා කිරීමට කාලය පැමිණ ඇති බව අපට පවසනවා
නොවේද?
දරුවෙකු නැලවීමට
අම්මා ගායනා කරන නැලවිලි ගීතයෙන් සිදුවන්නේ එකම මෙහෙයක් පමණක් නොවේ.
ශබ්දය දරුවාගේ විඥානයට ඇතුළු වීමත් සමගම රිද්මය ද ඔහූගේ ජීවිතයට ඇතුළු
වේ. ඔබ නොදෑන සිටියාට දරුවෙකු අතපය ගසන්නේ ද කිරි උරන්නේද කිසියම් රිද්මයකට
අනූවයි. ගීතය කවිය කාලයකට ගයන්නට දරුවාගේ ආරම්භය ඇති වන්නේ එතැනින්.
නැලවිලි ගීතය තුළින් ඔබ
නොසිතන බොහෝ දේ දරුවා ඉගෙන ගන්නවා.
දරුවාගේ සවන්දීමට
මූලපූරන්නේ එතැනින්. අද බොහෝ දරුවන් තුළ නොමැතිව දේ එයයි. 1 වසරට ඇතුළත්
කරන දරුවන්ට අද දෙමව්පියන්ට ලබා දෙන පණිවිඩ ලියවිලි මගින් යවන්නේ නැත.
සියල්ල දරුවා විසින් ධාරණය කර ගත යූතුය. ධාරණය වීමට නම් ඉතාම හොඳින් සවන්දිය
යූතුය. දරුවා දඟකාර බව සැබෑව. නමූත් සවන් දීමේ හූරුව ඔහූ ලබා ගත යූතුය.
බාලේ සිටම මව ගයන නැලවිලි ගීතයට දරුවා සවන් දීම සමග ලබන ආභාෂය ඔහූගේ මතු
ජීවිතයට ද උපකාරි වනූ ඇත.
නැලවිලි ගීතය
තුළින් කවියක ගීතයක ගායනය ස්වරූපය ගැන දරුවාට කිසියම් හැඟීමක් ඉබේටම ඇති වේ.
මතු දිනකදී කවියක, ගීතයක, රස හඳුනා ගන්නට
රිද්මායානූකූලව යමක් කරන්නට දරුවාට ආභාෂය
ලැබෙනූයේ එතැනින්ය.
නැලවිලි ගීත සමගම
දරුවාගේ ඥාන කෝෂය මෙන්ම ශබ්ද කෝෂය ඉබේටම පූළුල් වනූ ඇත. බාල කාලයේ
සිටම ඇසෙන කවි ගී සින්දු තුළින් බොහෝ දේ දරුවා ඉගෙන ගනූ ඇත. ජන ප්‍රවාදයෙන්
එන ගීත තුළ වූ පාරම්පරික උරුමය අපේ දරුවන්ට ලබා දිය යූතුය. බොහෝ කවි
පිටූපස ගෙතුණ රසවත් කතා ඇත. නැලවිලි ගී නොවූනද ඒ ගැන දරුවන් දෑනූවත්
කිරීම මව්පියන්ගේ වගකීම විය යූතුය.
දොයි දොයි දොයි දොයිය බබා..
බයි බයි බයි බයිය බබා...
නුඹෙ අම්මා කො තැන ගියා
කිරි එරවා එන්න ගියා
කිරි මුට්ටිය ගගේ ගියා
ගගට උඩින් කොක්කු ගියා
අතට වෙරළු ඇහිද ගෙනේ
ඉනට පළා නෙළා ගෙනේ
බරටම දර කඩා කඩා ගෙනේ
එයි අම්මා විගසකිනේ
ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා
පුතා මගේ හරි හපනා
දවසට කොළඹට යනවා
පවුම් තිහක් පඩි කනවා(ලනවා)
ඉන් පවුමක් මට දෙනවා
දවසට කොළඹට යනවා
පවුම් තිහක් පඩි කනවා(ලනවා)
ඉන් පවුමක් මට දෙනවා
දෑතේ වළළුත්
නැතිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ
දෙපයේ ගිගිරිත් නැතිකෝ
අප්පා එයි දැන් හනිකෝ
නාඩන් සුරතල් මැණිකෝ
නුබේ අම්මා කොතැන
ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
කොහිල විලේ පතට ගියා
පත් උදුරා එන්ට ගියා
එන්ට නැතිව පමා ගියා
අඹර කුරක්කන්
කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
ගලකට පිටි කොයි කළුවේ
රොටී එකක් උය කළුවේ
අම්මට දීපන් කළුවේ
තවත් එකක් උය
කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
අප්පට දීපන් කළුවේ
මටත් එකක් දිය කළුවේ
උඹත් එකක් කා කළුවේ
සුරතල් දරු බිය
වෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
කුරුළු පැටවු නො හඩති
නැළවිල්ලෙන් කම් නැති
කිරිල්ලෝද සැතැ පෙති
තොටිල්ල සැම
සුව
පිරි
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී
පැද්දෙයි තාලෙට සරි
අසමින් ගී සුමි හිරි
නිදන්නෑ පුත රන් කිරී
මේ ලින්ක් එකෙන් ගිහින් බලන්නකො මේ වගේ තවත් ලස්සන ඒව
තියේ.. http://soundcloud.com/wishwacom/track
No comments:
Post a Comment