අද අපිට හිතුන ටිකක් අවවාදාත්මක අර්ථයක් ඇති ගීතයක්
ඔයාලත් එක්ක බෙදාගන්න. ගොඩක් අය මේ ගීතය හොදට දන්නව. මම හිතන්නෙ අහපු නැති කෙනෙක්
නැති තරම්. ඒ තමයි චන්ද්‍රෙස්න හෙට්ටිආරච්චි මහත්මයා ගායනා කරන “සුදු
පිරුවටයයි මංගල යහනයි කඳුළින් තෙමනු එපා" කියන ගීතය. සමහරු අපිට බනියිද
දන්නෙත් නෑ. ඒත් අපි කතා කරන්නෙ යෞවනයට නිසා මේ දෙවල් වැදගත් කියල අපි විශ්වාස
කරනව.
හැබැයි ඉතිං කට්ටිය අපෙන් අහන්න එපා මේ සුදු පිරුවටයයිමංගල යහනයි අතරෙ තියන සම්බන්ධය මොකක්ද කියල. මේ ගීතය මතුපිටින් දැක්කම බැලූ බැල්මටම පෙනෙන්නෙ මේ කියන තරුණයා මේ තරුණියත් එක්ක විවාහයට පෙර යහන් ගත වෙලා ඒ වැරැද්ද කෙලින්ම තරුණියට පටවනව වගේ කියල. ඔහු කියනව හැගීම් වලට වහල් වුන වෙලාවෙ දුර දිග බැලුවෙ නැති ඔයා තමයි මේ වැරැද්දට වග කියන්න ඔන, අපි විවාහ වෙන දවසෙ මගේ දෙමව්පියො නෑදෑයො ඒ වැරැද්ද විමසුවොත් මගෙ ලග ඒවට උත්තර නැහැ කියල.
නමුත් චන්ද්‍රෙස්න හෙට්ට්ආරච්චි මහත්මය මේ ගීතයෙන් කාන්තාවන්ට දෙන්නෙ ඉතාම වටිනා අවවාදයක්. ඔහු කියන්නෙ ඇත්තටම මේ වැරැද්ද සිද්ද වුනා කියන එක නෙමෙයි. මෙහෙම වැරැද්දක් සිද්ද වුනොත් අනිවාර්යයෙන්ම වැරැද්ද පැටවෙන්නෙ කාන්තාවට හින්ද කවදාවත් එහෙම වැරැද්දක් කරගන්න එපා කියල. ආදරේදි හැගීම් වලට වහල් වෙලා මෙහෙම දේවල් දෙන්නගෙම කැමැත්තෙන් සිද්ද වුනත් කාන්තවන් බොහොම බුද්ධිමත්ව කටයුතු කරන්න ඕන නැත්තන් ප්‍රශ්නයක් ඇතිවුන වෙලාවට ඒ කාත්තාවට උදව් කරන්න කවුරුත්ම නැහැ. ඒ නිසා පරිස්සමින් වැඩ කරන්න කියන එක තමා ඔහු මේ ගීතයෙන් කියල තියෙන්නෙ.
ගීතය දිහා හොදින් බැලුවොත් කාටත් මේ දේ වැටහෙනව.....

සුදු පිරුවටයයි, මංගල යහනයි...
කඳුළින් තෙමනු එපා...
ඔබේ නිදොස් බව ලොවට කියන්නම්...
මට දොස් නඟනු එපා...
මට දොස් නඟනු එපා...
සාගරයට වැඩි ආදර හිත් ළඟ
අපි ළදරුවන් වගේ...
අපේ ම ලොව තුළ තනි වුණු දා අපි
දුර නොබැලුවේ ඔබයි....
දුර නොබැලුවේ ඔබයි...
සුදු පිරුවටයයි...
නෑසිය මිතුරන්, මගෙ දෙගුරුන් හෙට
වරද ඔබෙන් විමසයි...
විමසන වදනට දෙන්නට පිළිතුරු
තවමත් සිත සසලයි...
තවමත් සිත සසලයි...
සුදු පිරුවටයයි...
No comments:
Post a Comment