අපේ පුංචි
කාලේ කියල කිවුවම කාටත් තමන් ගෙවපු ලස්සන පුංචි කාලය මතක් වෙනව ඇති. ඇත්තටම අපේ
පුංචි කාලය මතක් කරද්දි කොයි තරම් නම් සතුටක් දැනෙනවද. ඒ පුංචි හිත් වලට කිසිම
දෙයක බරක් පතලක් දැනෙන්නෙත් නෑ. කොච්චරවත් ඉතින් දැගලිල්ලටම තමයි හිත. ඒත් ඒ ලෝකය
මල්වගේ ලස්සනම ලස්සනයි.
දැන් වගේ ඉතින් ඒ කාලේ පෙරපාසලේ ඉදන්ම ටියුෂන් ගියෙ නැහැනෙ ඒ කාලේ. කොච්චරවත් සෙල්ලම්ම තමයි. සෙල්ලම් ගෙවල් හදනව. සෙල්ලම් බත් උයනව. සෙල්ලම් කඩ දානව. කට්ටිය එකතු වුනාම ඉතින් සෙල්ලම් ගෙදර චරිත ටික බෙදාගන්න ගියාම පුදුම ප්‍රශ්න. හිටපු ගමන් ඉතින් පුංචි පුංචි වලිත් යනව. ඒ වෙලාවට තරහ උනාට ඔන්න ටික වෙලාවකින් අයෙත් යාලු වෙනව. සෙල්ලම් කරන්න ගියාම ඉතින් කට්ටියට හරිම දංගලේනෙ, ආපහු එන්නෙ දාඩිය පෙරාගෙන, කමිස කලිසම් ඉරාගන, ඒවගෙ කහට ගාගෙන. එත් හැබැයි සෙල්ලම ගැන හිතනව මිසක් කාටවත් ඒවගෙ ගානක්වත් නැහැ. ඒ වගේම තමා අම්මලා උදේ අමාරුවෙන් අපිව අවදි කරවලා ලෑස්ති කරල තෙල් ගාල කොන්ඩෙ එහෙම පීරල ඉස්කොලෙ යැවුවට, අයේ ගෙදර එද්දි කොන්ඩෙ අවුල් කරගෙන ඇදුම් කිලිටි කරගෙද තමයි ගෙදර එන්නෙ. කොච්චර බැන්නත් හැබැයි හැමදාම එකම විදිය තමයි.
ඉතින් දැන් උනත් ඒ වගේ දගකාර ළමයි දැක්කම අපිට අපේ පුංචි කාලෙ මතක් වෙනව. අනික අපි කවුරු උනත් ආසයි ඒ පුංචි කාලෙට. ඒ වගේමයි විශේෂයෙන්ම කියන්න ඕක අපේ බාලාංශ පන්ති වල උගන්වපු අපේ ගුරුවරුන්ව අපි නිතරම මතක් කරන්න ඕන. මොකද මේ වගේ දගල දගල ඉන්න පුංචි ළමයින්ගෙ විවිධ නැන්වලට දුවන මනස නියම පිළිවලට හදල හරියටම අධ්‍යාපනය දෙන එක එයාලගෙ පුදුමාකාර දක්ෂ කමක්. මොකද ඒක ඒතරම් ලේසි වැඩක් නම් නෙමෙයි. මොකද මුල වැරදුනොත් අග කොහොමත් වරදිනවනෙ.
මෙන්න මේ කතන්දරෙත් එක්ක සී.ටී ප්‍රනාන්දු මහත්තය ලස්සන ගීතයක් ගායනා කරල තියනව. හරිම අලංකාරයි සුන්දරයි. අපි කවුරුත් තාමත් ආසයි, ඒ වගේම ආදරය කරනව ඒ ගීත වලට.
වෙරළේ මුහුදු වැල්ලේ කන්දේ ඈත නිල්ලේ
පොඩි ළමයි අතින් අත අල්ලා දුවන්නා
ළමයින් රංචු අතරෙ ඉන්නා පුංචි ළමයා
ඒ මමයි කියා ඉබේ මටත් සිතෙන්නා
හැඩ වැඩ දා ඇවිදිනවා පොඩිකාලේ මං වාගේ
එහේ මෙහේ දුවන්නේ ඔයා හරිම දගයිනේ
දාංගලේ මං පොඩිදා වගෙයිනේ
කහට බිංදු වැටීලා කමිස පොඩිය ඉරීලා
ගනිච්චියක් ඒත් හිතට නොගන්නේ
හැඩ වැඩ දා අවිදිනවා පොඩිකාලේ මං වාගේ
මගේ වගේ පුංචිදා තෙල් ගා හිස පීරලා
ඒත් ආයේ කොන්ඩෙ අවුල් වෙලානේ
ළමා ලපටි කල්ලියේ මා වගේම මල්ලියේ
ඔයා මමයි මට තාමත් හිතෙන්නේ
හැඩ වැඩ දා අවිදිනවා පොඩිකාලේ මං වාගේ
ගීතය මෙතනින් බලන්න http://www.youtube.com/watch?v=BBQqf63s7mE

No comments:
Post a Comment