එක්තරා ගමක ඉන්නව බොහොම අමාරුවෙන් ජීවිතේ ගැට ගහගන්න
උත්සාහ කරන බොහොම අහිංසක තරුණයෙක්. ඔහුට නෑයෙකුට කියල හිටියෙ ඔහුගෙ අදරණීය අම්ම
විතරමයි. ඒත් ඔහුගෙ යාළුවෝ ඔහුට ගොඩක් උදව් කළා. ඒ මොකද මොහු ගමේ කා අතරත් හොද හිත
දිනාගෙන හිටපු කෙනෙක් නිසා. ඔහු දුප්පත් උනාට ඔහු සතුව හොද හැකියාවක් තිබුන ගීත
ගායනයට. ඉතින් යාළුවෝ එකතු උනාම මොහු තමා නිතරම ගීත ගායනා කරන්නෙ. ඒ වගේමයි ඔහු
ලියන ගීතත් ඉතාමත් ලස්සනයි. ඒත් දෛවය කොයිතරම්
නපුරුද? මේ වගේ අයට
කොයින්ද හැකියාව ජයගන්න උදව් කරන්න අය.
අන්න ඒ නිසාම තමයි ඔහු තමන්ගෙ රස්සාව විදියට වැලි ගොඩ දාන එක තොරගත්තෙ. ඔහුගෙ යාලුවොත් එක්ක එකතු වෙලා බොහොම අහින්සක විදියට තමන්ගෙ රස්සාව කරගෙන ගියා. ඉතින් ඔහුත් තරුණයෙක්. ඔහුටත් ආදරේ කියනදේ දැනෙනව. ඔහු ගීත ගයද්දී පුදුම අසාවකින් අහන් හිටිය එක් තරුණියක් හිටිය. ඇය ඔහුට ටිකෙන් ටික ආදරය කරමානුයි හිටියෙ. ඔහුත් එ බව දැනන් උන්න. ඉතින් කොහොමින් කොහොමින් හරි දෙන්න ආදරෙන් වෙළුන. ඒත් කාටත් හොර රහසින්.
ඔවුන් රහසින් මුන ගැහුන. ඒ මුන ගැහෙන හැම වෙලාවකම ඔහු ඇයව ආදරෙන් වැළදගත්තෙ තමන්ගෙ ජීවිතයම ඇය නිසා. ඉඩක් ලැබෙන හැම වෙලාවකම ඔවුන් උත්සාහ කළේ කොහොමින් හරි මුනගැහෙන්න. ඔවුන් දෙන්න කවුරුත් නැති වෙලාවට ගං ඉවුරට යනව. දෙන්නට දෙන්න තරුලු වෙලා ආදරෙන් කතා කර කර ඉන්නව. තරුණයා හැම වෙලාවක්ම ගෙවන්නෙ ඇය ගැන මතකෙන්. වැලි ගොඩදාන්නෙත් ඇය ගැන හිතමින්. කොටින්ම කියනවනම් ඔහුගෙ මුලු ජීවිතයම උනේ ඇය. ඔහු ඇය වෙනුවෙන් කොයිතරම් නම් බලා පොරොත්තු පොදි බැදගන්න ඇත්ද?
ඒත් දෛවයේ සරදමකින් ඔවුන්ට එකතු වෙන්න ලැබෙන්නෙ නෑ. මේ තරුණියගෙ පියා ගමේ යමක් කමක් තියෙන පුද්ගලයෙක්. කෙලින්ම කියනවනම් ගමේ කෙරුම් කාරයෙක්. කොහොමින් හරි ඔහු මේ සම්බන්ධය දැනගන්නව. ඔහු තදින්ම විරුද්ධ වෙනව මෙකට. ඔහුගෙ මැර කණ්ඩායම මේ තරුණයාට හොදටම පහර දෙනව. තරුණියගෙ අකමැත්ත පිට උනත් වෙන කෙනෙකුට ඇයව බන්දල දෙනව.
ඉතින් දෙවියනේ කොහොමද මේ තරුණයා මේ හැම දෙයක්ම දරාගන්නෙ. ඔහුට ගම එපා වෙනව. ඔහු ඔහුගෙ හිස සම්පූර්ණයෙන්ම මුඩු කරනව. ඔහුගෙ ප්‍රේම කතාව ඔහු ලියනව ගීතයක් විදියට. ඒ ගීතයත් අරන් ගම අතෑරල දාල එනව කොළඹට. කොළඹ ඉන්න නම් දරපු සංගීත ශිල්පීන් හුග දෙනෙක් ලගට යනව මේ ගීතයත් අරන්. ඒ කිසි කෙනෙක් උදව් කරන්නෑ. ඒ අනතිමේට එක ශිල්පියෙක් ඔහුට උදව් කරනව. තමන්ගෙ ගීතය ගායනා කරන්න වාසනාව ඔහුට ලැබෙනව. අද ඔහු ලංකාවෙ ජනප්‍රිය සංගීත කණ්ඩායමක නියාමක ගායන ශිල්පියෙක්.
මේ ඔහුගෙ අනුවේදනීය කතාව රැදුන ගීතය......
වෙරළු ගෙඩි පැහෙන කාලේ
නුඹ බැන්ද ආලේ
පුන්සද වගේ බැබලුනා
රට දෙල් වැටෙන කාලේ
දුක දීල අයේ
මගෙ ලෝකෙ කළුවර උනා
මාදූවෙ ගං ඉවුර ඇයි බොර වෙලා
නුඹෙ පය නැතුව හැඩපාර අසරණ වෙලා
ගග අයිනෙ අපි දෙන්න කරමින් කතා
මැවු හීන උහුලන්න බැරි දැන් තමා....
වැලි කූඩ ගොඩ දැම්මෙ නුඹ ගැන සිතා
දුක් වින්දෙ සතුටින්නෙ නුඹ මගෙ නිසා
හැමදාම කෙම්මුරට දෙවියන් පුදා
ඉල්ලන්නෙ නුඹ දෙන්න මම තනි උනා....

No comments:
Post a Comment