(ඔන්න සුපුරුදු පරිදි අපි තවත් අලුත් විදියක කතාවක් අරන් අවා. සමහරු නම් මේ
විදියෙ කතා වලට කැමති වෙයිද දන්නෑ. නමුත් ලෝකයේ සිදුවන මෙවන් දේ පිළිබදව ඔබගේ
දැනුම වැඩි කිරනු වස් මෙවන් ලිපි අප ඔබ වෙත ගෙන එන්නෙමු. ඡායාරූප ටැග් කිරීමෙන්
යම් අයෙකු අපහසුතාවයට පත් වේ නම් සමාව අයදිමු - බුවනෙකබා යෞවන සමාජය)
සිය සම්පූර්ණ සිරුරම ලෝමවලින් ආවරණය වූ දුර්ලභ ගණයේ රෝගයක් හේතුවෙන් ලොව අවලස්සනම කාන්තාව ලෙස විරුදාවලි හිමිකරගත් ජූලියා පැස්ට්‍රානාගේ සිරුර ඇගේ මරණින් එකසිය පනස් තුන් වසරකට පසුව මෙක්සිකෝවේ පිහිටි ඇගේ උපන් ස්ථානය කරා යළි පැමිණියේ සම්ප්‍රදායානුකූල අවමඟුල් උත්සවයකින් පසුව තමාට හුරු පුරුදු නිජබිමේ යළිත් සමාදානයේ සැතපීම සඳහායි.
ක්‍රි.ව.1860 දී දරු උපතකදී හටගත් සංකූලතා හේතුවෙන් මිය යන තෙක්ම යුරෝපය පුරා සංචාරයට ලක්වූ කදිම ප්‍රදර්ශන භාණ්ඩයක් බවට පත්ව සිටි පැස්ට්‍රානා මියගිය පසුවද ඇගේ සිරුරට සැනසීමක් උදා නොවුණේ ඇගේ ප්‍රාණය නිරුද්ධ සිරුරද ලොව පුරා ප්‍රදර්ශනයට ලක්වූ හෙයිනි. එකී සංචාරය නිමවන ලද්දේ ඇගේ සිරුර ඔස්ලෝහි පිහිටි පර්යේෂණාගාරයක ගබඩාවක තැන්පත් වීමෙන් අනතුරුවය. පැස්ට්‍රානාගේ අවසන් විවේකස්ථානය පිළිබඳව තොරතුරු අනාවරණය කරගත් දෘශ්‍ය කලා ශිල්පිනියක වන ලෝරා ඇන්ඩර්සන් බාර්බටා ඇගේ සිරුර ඇගේ නිජබිම වූ මෙක්සිකෝව වෙත ගෙන ඒම සඳහා මෙහෙයුමක් අරඹන ලදී. විරූපී වුවද සැබවින්ම සුවිශේෂී කාන්තාවක වන පැස්ට්‍රානා හට ඉතිහාසයේ හිමි නිසි ස්ථානයද ගෞරවයද ලබාදීමේ අරමුණින් මීට දශකයකට පෙරදී බාර්බටා විසින් ඇරඹි දිගු මෙහෙයුම නිමාව දකින ලද්දේ ඉකුත් සතියේදී පැස්ට්‍රානාගේ සිරුර ඇගේ උපන් ගම් ප්‍රදේශය වන සිනලෝඅඩි ලෙයිටාහි මිහිදන් කිරීමත් සමගය. ක්‍රි.ව. 1834 දී මෙක්සිකෝවේදී පැස්ට්‍රානා උපත ලබන ලද්දේ ආජන්මගත රෝගයක් හේතුවෙන් මුළුමනින්ම ඝන ලෝමවලින් ආවරණය වූ ශරීරයක් ඇතිවය. අවාසනාව කරපින්නාගෙන උපන් පැස්ට්‍රානාගේ විකෘති දේහ ලක්ෂණ එතැනින් කෙළවර වූයේ නැත. ස්වභාවයෙන්ම දෙතොල් හා විදුරුමස ඝන කරනු ලබන තත්ත්වයෙන්ද ඇය පීඩා වින්දද ඇගේ කෙටි ජීවිත කාලය තුළදී මෙකී රෝග ද්විත්වයෙන් එකකදු හෝ හඳුනාගනු ලැබුණේ නැත.
ක්‍රි.ව. 1854 දී ඇයව මිලදී ගනු ලැබූ මෙක්සිකානු රේගු පරිපාලකයකු විසින් ඇමරිකාව හා කැනඩාව පුරා ඇයව ප්‍රදර්ශනය කරනු ලැබූ අතර ඇමරිකාවේදී ඇයව විවාහ කරගත් තියඩෝර් ලෙන්ට් පසුකාලීනව ඇයට පූර්ණ ලෙස හිමිකම් කියූ ඇගේ කළමනාකරු බවට පත්වූවේ ඇය ඉහළ ආදායම් ලැබිය හැකි කදිම ප්‍රදර්ශන භාණ්ඩයක් බව වටහා ගත් නිසාය. අසරණ ජූලියා සිය සැමියා වූ තියඩෝර් හට අව්‍යාජ වූ සෙනෙහසක් පුදනු ලැබුවද චපලයෙකු වූ ඔහු විසින් ඇයව විවාහ කර ගන්නා ලද්දේ හුදු ලාභ ඉපයීමේ අපේක්ෂාවෙන් මිස ඇය කෙරෙහි උපන් සුළු හෝ කරුණාවකින් නොවන බවට ඉතිහාසය සාක්ෂි දරයි. වලස් ගැහැනිය ලෙස හඳුන්වමින් සිය බිරියට අවමන් කළ සිය සැමියා වූ තියඩෝර් වෙතින් ගර්හාවට පමණක් නොව හිංසාවටද ලක්වූ ජුලියානාව එකල වෛද්‍යවරුන් විසින් හඳුන්වා දෙන ලද්දේ මනුෂ්‍යයකු හා ඔරන්ඔටන් සත්වයකු අතර සහ සම්බන්ධතාවයෙන් උපන් විකෘති ජීවියෙකු ලෙසයි.
එලෙස සිය සැමියාගෙන් පමණක් නොව සමස්ත ලෝකයාගෙන්ම අවමානයට පාත්‍ර වුවද ජුලියානා යනු සැබවින්ම කාරුණික මහජන සුබසාධනයට ප්‍රිය කළ එමෙන්ම සංගීතය, ගායනය, නර්තනය හා භාෂාවන් වැනි දෑට ප්‍රියකළ කලාකාමී හදවතක් ඇත්තියක වූ බවටද සාක්ෂි ඕනෑතරම්ය. ක්‍රි.ව. 1859 දී ගර්භණීභාවයට පත්වූ ජුලියානා විසින් ලද දරුවාද සිය මවගේ ජන්මගත රෝගය සමග මෙලොවට බිහිවුවද මවට මෙන් අවාසනාවන්ත ජීවිතයකට උරුමකම් කීමට සිදු නොවූයේ උපතින් පැය තිස්පහකට පසු ඔහු මරුතුරුලට ගිය බැවිනි. දරු උපතේදී හටගත් සංකූලතා හේතුවෙන් ඉන් දින පහකට පසුව විසිහය හැවිරිදි වියේදී ජුලියානාද මෙලොව ගෙවූ අභාග්‍ය සම්පන්න දිවියට සමුදුන්නාය.
කුරිරු හදක් තිබූ ඇගේ සැමියා බෙහෙත් ගල්වන ලද සිය බිරියගේ හා එකම දරුවාගේ සිරුර, වීදුරු කැබිනෙට්ටුවල බහා ලොව පුරා ප්‍රදර්ශනය කරමින් මුදල් ඉපයීමට තරම් පහත් මානසික තත්ත්වයකින් යුතු වූවෙකු විය.
ලෙන්ට්ගේ මරණින් පසුව නෝර්වේහි තැන්පත් කොට තිබූ ජුලියානාගේ මෘත සිරුර 1976 දී සොරාගැනීමට ලක්වූ අතර පසුව කුණු කූඩයක තිබි පොලීසිය විසින් සොයාගන්නා ලදී. ඒ වන විටද සිරුරට දැඩි හානි සිදුව තිබූ අතර ඇගේ පුතුගේ සිරුර ප්‍රතිෂ්ඨාපනය කළ නොහැකි ලෙස මුළුමනින්ම විනාශව පැවැතිණි.
1996 දී ඇගේ සිරුර නෝර්වේ ඔස්ලෝ විශ්වවිද්‍යාලයේ අධිකරණ වෛද්‍ය විද්‍යා ආයතනයේ තැන්පත් කරනු ලැබුවේ වසර ගණනාවක් පුරා සිදු කෙරුනු ජුලියානාගේ අඛණ්ඩ සංචාරයන්ට නැවතීමේ තිත තබමිනි. බාර්බටාගේ ඒකායන අරමුණ වූ ජුලියානා පැස්ට්‍රානා හට අවසන් නින්දේ සැතපීමට සුදුසු ස්ථානයක් ලබාදීම පිළිබඳ අදහස මුල් වරට ඇගේ සිතේ පැල පදියම් වූයේ ඇගේ සොයුරිය වන කැතලින් කැල්බ්‍රෝ විසින් ලොව අවලස්සනම කාන්තාව වූ ජුලියානා පැස්ට්‍රානාගේ ඛිෙදනීය ජීවිතය හා විජයග්‍රාහී මරණය යන මැයෙන් නිපදවූ නාට්‍යයේ නළු නිළියන්ගේ ඇඳුම් නිර්මාණයට දායක වන 2005 වසරේ සිටය. ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීමට කැපවූ බාර්බටාගේ අසීමිත කැපවීමේ හා උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස පසුගිය සතියක අඟහරුවාදා දිනයකදී (12.2.2013) පැස්ට්‍රානා සිය නිජබිම වූ මෙක්සිකෝවේදී අවසන් නින්දට ගියාය
උපුටා ගැනීම - ලක්බිම පුවත් පත
බුවනෙකබා යෞවන සමාජය

No comments:
Post a Comment